ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අවිස්සාවෙල්ල ඉළුක්ඕවිට
ප්‍රදේශයේ පිහිටා තිබෙන සීතාවක උද්භිත උද්‍යානය නැත්නම් අවිස්සාවේල්ල තෙත් බිම්
උද්භිත උද්‍යානය ප්‍රථම අභිනව තෙත් කලාපීය
උද්භිත උද්‍යානය වෙයි.
ගමන් මාර්ගය
සීතාවක
උද්භිත උද්‍යානයට ප්‍ර වේශ මාර්ග දෙකකි. ඒ කොළම - අවිස්සාවේල්ල මාර්ගයේ
අවිස්සාවේල්ල දෙසට 46 KM ගියවිට හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින්
තුන්මෝදර මංසන්ධයෙන් හැරී 6 KM ගිය විට
සහ පාදුක්ක නගරයට පැමිණ, පාදුක්ක නගරයේ
සිට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල- පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවීමට අවකාශය ලැබේ.
පිහිටීම
පුවක්පිටිය -තුම්මොදර ප්‍රධාන
මාර්ගයේ,අවිස්සාවේල්ල නඟරයට ආසන්න,ඉළුක්ඕවිට ග්‍රාමයේ ඉදිකොට ඇති මෙහි භූමි ප්‍රමාණය
හෙක්යෙටාර් 43 කින් පමණ වේ.
අතීතයෙන් බිඳක්
අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල
ඇති වෘක්ෂලතා අනාගත පරපුරට සංරක්ෂණය කිරීමට සුරුකුම් මධ්‍යස්ථානය අවශ්‍යතාවයට
පිළියමක් වශයෙන් 2008 වර්ෂයේදී නිර්මාණය
කරලීම ආරම්භ වූ මෙම උද්‍යානය මහජන ප්‍රදර්ශනයට විවෘතව දැනට වසර 03 පමණවේ.ඒ
නිසාවෙන්ම මෙහි ඉතිහාසය දීර්ඝකාලීන නොවූවකි.මෙය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වන්නේ
2014 වර්ෂයේ ජූලි මස 27 වන දිනය.
සුන්දරත්වය
අක්කර 105 කින් සමන්විත වු මෙම උද්‍යානය තුළ
භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර තිබේ. ඒ අතරට ප්‍රධාන වශයෙන් තේ
වගාව,මීවන උයන,රුක් උයන,තර්ජිත ශාක එකතුව ,තාල ශාක එකතුව මුදුන් උයන/රෝස උයන, මධ්‍යම
තෘණ පිටිය සිහිවටනය. මෙහි පිහිටි වැව 1,2 හා 3 නිසාවෙන් උද්‍යානය තවතවත් අලංකාරව
ඇත.
සේවා
මෙහි වැව 01 හංස බෝට්ටු සඳහා වෙන්කර ඇති අතර මධ්‍යම
තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට , ගීත රූප රචනා, ටෙලි නාට්‍ය රූගත
කිරිම් සඳහා ඉඩපහසුකම් වෙන්කර ඇත.ඊට අමතරව මංගල ඡායාරූප වීඩියෝගත කිරීමට ද මෙහි අවස්ථාව ලබාදී තිබෙන අතර මුඳල් ගෙවා එම
පැකේජ වෙන්කරගෙන තම අවශ්‍යතාවය සපුරාගත හැක. උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට සවස 6
දක්වා විවෘතව ඇති අතර ප්‍රවේශ පත් සවස 5 වනතෙක් නිකුත් කෙරේ.
මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක්
ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූදර්ශණ වැඩි දියුණු
කිරීමේ ආදර්ශයක් ලෙසත්, දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති ඌන උපයෝජිත ශාක වර්ග
දැකබලාගැනීමට මෙන්ම ඹෟෂධීය ශාක කර්මාන්තයේ වර්ධනය සඳහාත් තෙත් කලාප තුළ උද්භිත
විද්‍යාව හා මල් වගාව පිළිබඳ අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමේ තෝතැන්නක් ලෙසින් ද
වර්තමානය තුළ ප්‍රචලිතව ඇත. ඒ නිසාවෙන්ම පේරාදෙණිය උද්භිත උද්‍යානය වෙත ඇදීගිය
බොහෝමයක් අදවන විට සීතාවක උද්භිත උද්‍යානයට සේන්දුවීමට පටන්ගෙනය.
උද්‍යානය තුළ පවත්නා නීතිරීති
Ø පොළිතීන් රැගෙන ඒම සපුරා තහනම් ය.
Ø කැළිකසල,දැමීමට තබා ඇති භාජනවලට ඒවා දැමීමට හෝ
උද්‍යානයෙන් පිටතට රැගෙන යාමට උන්නදු විය
යුතුය.
Ø උද්‍යානය තුළට වාහන ඇතුළු කළ නොහැකිය.
Ø උද්‍යානය තුළ විනීතව හා අන්‍යන්ට හිරිහැරයක් නොවන
සේ හැසිරිය යුතුය.
Ø මත්පැන් සහ වෙනත් මත්දුව්‍ය උද්‍යානය තුළට රුගෙන ඒම හා ඒවා භාවිතයෙන් පසු
උද්‍යානයට ඇතුළුවීමට ද අවසරයක් නොමැත.
Ø
පැළෑටි,ගස්,පාත්ති,නාම පුවරු හා ආසන ඇතුළු උද්‍යානය
සතු දේපළවලට හානි පැමිණ වීමෙන් වැළකිය යුතුය.
No comments:
Post a Comment