හරබර

විද්‍යා දදාති විනයං


විද්‍යා දදාති විනයං” යන පාඨය බොහෝ වැඩිහිටියනට හුරු පුරුදු ආප්තෝපදේශයකි. ඉන් කියැවෙන්නේ දැනීම හෙවත් ඉගෙනීම විනය (හික්මීම) ලබා දෙන බව ය. විනයගරුක බව සෑම යහපත් පුරවැසියකු තුළ ම දක්නට තිබිය යුතු ලක්ෂණයක් ලෙස සැලකේ.
විනය යන පදය හික්මීමහික්මවීම හෝ හික්මවිය යුතු නීති රීති ද අඟවයි. ඉංග්‍රීසි භාෂාවෙහි විනය සඳහා යෙදෙන Discipline යන පදයෙන් කිසිවකු උගත යුතු විෂය ක්ෂේත්‍රය ද ගැනේ.
ඕනෑ ම කටයුත්තක් කිරීමේ දී ඊට උචිත විනයක්යෝග්‍ය පිළිවෙළක්ක්‍රමවේදයක් තිබිය යුතු ය. අතිශය විවිධත්වයකින් යුත් මිනිසුන්ගෙන් පිරි සමාජයක් තුළ ඔවුනොවුන්ගේ කාරණා කටයුතු ගැටීමකින් තොරව කර කියා ගැනීමට හැකිව ඇත්තේ එකී කාර්යයන් ඉටු කිරීමේ දී අනුගමනය කළ යුතු සිරිත්විරිත් හෝ නීති-රීති මාලාවන් තිබීම ය. විනයක් නැති තැන පැවතිය හැක්කේ අවුලක් පමණි. සමාජයක යහපැවැත්ම හුදෙක් ම විනය පාදක කොට ගෙන ඇත. විධිමත් අධ්‍යාපනයේ දී විනයට මුල් තැනක් දෙන්නේ මේ නිසා ය. ගුරුවරයාට පෙර කියන ලද්දේ ශික්ෂකයා හෙවත් සිසුන් ශික්ෂණයෙහි (යහපත් හැසිරීමෙහි) පිහිටුවන්නා යනුවෙනි. ශිෂ්‍යයා යනු විනයෙහි පිහිටවනු ලැබිය යුත්තා ය.
යහපත් මිනිසුන් බිහි කිරීම නො වවිභාග සමත්වීම හෝ සමත් කරවීම මුල් කොට ගෙන අද ව්‍යවහාර වන අධ්‍යාපනයදරුවන් යහපත් ශික්ෂණයෙහි පිහිටුවීමට ආයාසයක් නො ගන්නා තත්ත්වයට පත්ව ඇත.
දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට උපදෙස් දෙන පෙළ පොත් කොතෙක් තිබුණ ද සැබෑ අධ්‍යාපනය හෙවත් දරුවා ඉඳුරන් මඟින් උරා ගන්නා දේ හා කල්පනාවට බඳුන් කර ගන්නා දේ ඔහු ලබන්නේ දෙමාපියන් හා ගුරුවරයා ද අයත් වන තම පරිසරයෙනි.
වත්මනෙහි දරුවන් පොදුවේ ගත් කල අසංවර ලෙස හැසිරෙන බවක් අප දකින්නේ දරුවන්ට පාසල තුළ දී යහපත් සිරිත්-විරිත් කියා නො දෙන නිසා නො ව සමාජය ගැන අනල්ප වූ කලකිරීම නිසාය . ඒ නිසාවෙන්ම ඔහුන් නිරන්තරයෙන් වෙහෙසෙන්නේ  වෙසෙන සමාජය තුළ ගැටුම් ඇතිකර ගනිමින් කටයුතු කරලීමටයි.  එය සමාජය තුළ දක්නට ඇති ඍණාත්මක තත්ත්වයකි.
ගවේෂණාත්මක අධ්‍යාපන ක්‍රියාවලිය අප පාසල් තුළ ඇත්තේ බොහෝ විට නමට පමණි. නිදහස ඇහුරුණු සමාජයක - පාසලක - අධ්‍යාපනය නිසා සිසුහු ප්‍රබෝධත්වයට පත් නොවන්නේ ද ඒ නිසාවෙනි. එයට හේතුව යහපත - අයහපත ගැනහොඳ නරක ගැනපාසලේ දී කුමක් ඉගැන්වුව ද සිසුවා වඩාත් ප්‍රකටව දකින්නේ සමාජය තුළ පවත්නා යථාර්ථය යි.සමාජය තුළ ඇත්තේ එකිනෙකා කවරාකාරයකින් වුව ද යටපත් කරගෙන දුවන තරගයකි.  ධනය බලය ඉදිරියේ මනුෂ්‍යය ඝාතනයක් වූව ද සිදුකරලීමට සමත් පිරිස් මෙහි වෙයි. මෙවන් සමාජයක සදාචාරය ගැන කතා කරන පාසල සොඳුරු ව්‍යාජයකි. පාසල තුළ බොහෝ විට ව්‍යාජ ලෝකයකට දරුවෝ අනුගත කරනු ලබති. පාසලක් ඇරුන විට සිරගෙවල් දාහක් වැසේය යන ප්‍රස්තුතය අදට විද්‍යාමාන නොවන්නේ ද මේ නිසාවෙනි. සමාජය විසින් සිසු මනස කෙරෙහි ඇති කරනු ලබන නිවැරදි වූ ද ගුරු - ගෝල සබඳතාවක් පවතින්නේනම් මේ තත්ත්වය මඟහරවා ගත හැකිය. හුදෙක් විභාග ප්‍රතිපල බලාපොරොත්තුවෙන් කරන ඉගැන්වීම් හා මුදල් ඉපැයීම් අපේක්ෂාවෙන් කරන ඉගැන්වීමක් නිසා  අද ගුරුකමෙහි යෙදෙන්නෝ ඉතා අල්පය හ. වැඩි දෙනෙක් අද කරන්නේ “ගුරුවරුන් ලෙස වැඩ කිරීම පමණකි”දේශයට පිරිමහින පුරවැසියන් ද දූරදර්ශී පාලකයින් ද බිහි කිරීමේ තෝතැන්න පාසල වන හෙයින් විධිමත් පාසල් පද්ධතිය භාරව සිටින ගුරු මවුවරුන් හා ගුරු පියවරුන්ගේ කාර්යභාරය සෑම විටෙක ම තම යුතුකමක් ලෙස ගනිම්න්  නිසි පරිදි ඉටු කරන්නේ නම් සැබෑ අධ්‍යාපනය තුළින් ගුරුවරු සහ ගෝලයන් ලබන පන්නරය අනාගතයට ද ජීවමාන වනු ඇත.  එවිට සිසු විනය පිරිහීමේ  ඉඩකඩ ද ක්‍රමයෙන් ව්‍යර්ථව යනු ද නොයනුමානය.



No comments:

Post a Comment