03 December, 2016

ළමා මනස සහ කාටූන්



      ළමයා යන්න අප සමාන්‍ය ජීවිතයේ දී යොදා ගනු ලබන්නේ නිශිචිත අර්ථයකින් නොවන්නට පුුලුවන.එහෙත් නීතියට අනුව ළමයා යනු වයස අවුරුදු දහ අටකට අඩු කෙනෙකි.වයස අවුරුදු දහ අටට වැඩි කෙනෙක් හැඳින්වෙන්නේ ළමයකු නොවන තැනැත්තෙකු ලෙසටය.වයස අවුරුදු අටකට අඩු වන දරුවකු සමාජයීය වශයෙන් අර්ථ දැක්වෙන්නේ බාල වයස්කරුවෙකු ලෙසටය.එනම්, දෙමාපියන් හෝ භාරකරුවන්ගේ හෝ රැකවරණය හා මඟ පෙන්වීම යටතේ ජීවත් විය යුතු කෙනෙකු ලෙසටය.අවුරුදු අටට අඩු දරුවෙකු පිළිබඳව නීතිය පිළිගන්නේ නොදරුවකු වශයෙනි.ලොව එක් කලෙක සිතා සිටියේ ළමයා යනු ,වැඩිහිටියකුගේ කුඩා අනුරූපයක් ලෙසිනි.එහෙත් සිග්මන් ප්‍රොයිඞ් විසින් නූතන මනෝ විද්‍යාව සොයා ගැනීමත් සමඟ ළමයා යන්න නව අර්ථ දැක්වීමට භාජනය විය. ඒ අනුව ළමයා යනු ළමයෙකු මිස වැඩිහිටියකුගේ කුඩා අනුරූපයක් නොෙවි යන්න අදහසක් මතු විය.මේ අනුව පසු කාලයේ දී ළමයා පිළිබඳ විවිධ අධ්‍යනයන් සිදු කෙරිණි.එයින් ඉතා වැදගත් අධ්‍යනයක් කරන ලද්දේ පියාෙඡ් නම් අධ්‍යාපනඥයා විසිනි.ඔහු විසින් කරන ලද අධ්‍යනයට අනුව ළමයෙකුගේ සංවර්ධන අවධීන් පහක් දක්වා ඇති අතර එහි වැදගත්කම නම් ඒ ඒ අවධීන් හී දී ළමයාගේ මනස වර්ධනය වීම ක‍්‍රමානුකූලව සිදු වීමයි.මේ සඳහා පරිසරයෙන් ලැබෙන බලපෑම අති විශාලය.ජනමාධ්‍ය අයත් වන්නේ ද පරිසරයට ය.

ඒ අනුව ජනමාධ්‍ය මගින් ලැබෙන අයහපත් බලපෑමද මෙම වයසේ දරුවන්ගේ මනසේ වර්ධනයට බෙහෙවින් හානිකර වේ.එයට ප‍්‍රධාන හේතුව ඒ ඒ සංවර්ධන අවධීන්ට නො ගැළපෙන බොහෝ දේ ජනමාධ්‍ය මඟින් ළමයින් වෙත ඉදිරිපත් කිරීමයි.
පියාෙඡ් විසින් දක්වන ලද ළමා සංවර්ධන අවධීන්
1 ඉන්ද්‍රීය චාලක අවධිය (වයස අවු 0 සිට 2 දක්වා
2 පූර්ව සංකල්පනා අවධිය (වයස අවු 2 සිට 4 දක්වා
3 ප‍්‍රතිභා චින්තන අවධිය (වයස අවු 4 සිට 7 දක්වා
4 සංයුක්ත (අවිධිමත් අවධිය වයස අවු 7 සිට 11 දක්වා 
5 වියුක්ත (විධිමත් අවධිය වයස අවු 11 සිට 15දක්වා වශයෙනි.

ළමයාගේ ජීවිතයේ එක් එක් වයස් කාණ්ඩවල දී හැසිරෙන ආකාරය,ඉගෙන ගන්නා ආකාරය,සිතුවිලි ක‍්‍රියා කරන ආකාරය හා සමාජානුයෝජනය වන ආකාරය ආදිය වෙනස් බව මෙම අවධීන් විසින් තහවුරු කරයි.එසේම ළමයා විසින් භාෂාව හා සිරිත් විරිත් ඉගෙන ගන්නේ ළමා වියේ මුල් කාලයේ සිට ය.එහි දී වඩාත් වැදගත් වන්නේ ඉබේ ඉගනගැනීමයි.ළමයාගේ පරිසරය ඉබේ ඉගෙන ගැනීම කෙරෙහි ඉතා දැඩි ලෙස බලපායි. සාමාන්‍යයෙන් ළමයාගේ ළමයාගේ පරිසරයට අයත් වන මූලස්ථානය ගෘහයයි. ඒ අනුව ගෘහය තුළ වසන්නන් මෙන්ම ගෘහස්ත මෙවලමි ද ළමයාගේ ඉගෙනීම කෙරෙහි බලපායි.මෙයින් වඩාත් බලවත් ගෘහස්ත උපකරණය වන්නේ ජනමාධ්‍යයයි.දෙමාපියන් ,මිතුරන් හා නෑදෑයන් ආදීන් සම`ග සැසදීමේ දී ජනමාධ්‍යයට ළමයා කෙරෙහි ඇත්තේ වගකීමෙන් තොරවූ සීමාන්තික බලයකි.එම බලය ළමයාගේ මනස හැසිරවීම ඉතා පහසුවෙන් යොදා ගත හැකි ය.ළමා වයසේ දී මාධ්‍ය පරිහරණය සම්බන්ධයෙන් පරිස්සම් විය යුත්තේ මෙි නිසාය.ජනමාධ්‍යයට දැඩිව ඉලක්ක වන පාරිිභෝගික කණ්ඩායම් වර්ගීකරණයට ලක් කළ විට එය මෙසේ ය.
කාන්තාවන්
යෞවනයන්
ළමයින්   වශයෙනි.
ළමයා අනෙක් කණ්ඩායම් දෙකට වඩා වෙනස් වන ප‍්‍රධාන කරුණු දෙකකි.එකක් නම් ළමයා ඉතා ඉක්මනින් යම් යම් දේට ආකර්ෂණය කර ගන්නට හෝ පොළඹවා ගන්නය හැකි සරල මනසකින් යුක්ත වීමය.දෙවැන්න නමි ළමයා පාරිභෝගිකයකු හා භාණ්ඩ හෝ සේවා තෝරාගන්නා කෙනෙකු නො වීම ය.ළමයාගේ පාරිභෝගික වටිනාකම ජනමාධ්‍යයට වඩාත් වැදගත් වන්නේ ඒ නිසා ය.විශේෂයෙන් රූපවාහිනි හා ගුවන් විදුලිය මාධයේ දී ළමයා තුළ ඇති කරන ආකර්ෂණය ඉතා ඉහළ ය.ඒ අනුව රූපවාහිනි මාධ්‍යය වඩාත් ප‍්‍රබල ෙවි.පුවත්පත් මාධ්‍යයේ ද ළමයින් සඳහා පිටුවක් වෙන් කිරිම,ළමයින් ස`දහා කුඩා සඟරාවක් පුවත්පත් සමඟ යාකර ඉදිරිපත් කිරීම ම`ගින් උත්සහ ගන්නේ ,ළමයා තුළ ආකර්ෂණය ඇති කිරිමටය.

ළමයාගේ පාරිභෝගික වටිනාකම විශ්ලේෂණය කළ හැක්කේ මෙසේ ය.ළමයාගේ හැගීම පොළඹවා ගත හැකි විවිධ භාණ්ඩ ජනමාධ්‍ය ම`ගින් ඉදිරිපත් කරනු ලැබේ.එහි දී උත්සහ ගන්නේ එම භාණ්ඩ හෝ සේවා හෝ පරිභෝජනය කිරිමට ආසාවක් ළමයා තුළ ඇති කිරිමයි.ළමයාගේ පාරිභෝජනය ස`දහා විවිධ දේ ඉදිරිපත් කිරිම ව්‍යාපාරික කාර්යයකි.එම දැන්වීමි ජනමාධ්‍යයන් ම`ගින් ඉදිරිපත් කිරිම ද ව්‍යාපාරික කාර්යයකි.
 දැන්වීම් නිර්මාණය කරනු ලබන්නේ ළමා මනස උත්තේජනය කිරිම ම`ගින් එම භාණ්ඩ හෝ සේවා හෝ පරිභෝජනය කිරීමට ළමයා පොළඹවා ගැනීමට ය.එසේ විවිධ භාණ්ඩ හෝ සේවා හෝ ළමයින් වෙත ඉදිරිපත් කිරිමට අයිතිවාසිකමක් තමන්ට ඇතැයි ව්‍යාපාරිකයන් සිතන අතර,ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීම ස`දහා ළමයින් පොළඹවා ගැනීමට දැන්වීමි නිරිමාණය කිරිමට තමන්ට අයිතියක් ඇතැයි දැන්වීමි නිරිමාණකරුවෝ සිතති.එසේම දැන්වීමිකරුවන් තමන්ගේ ගාස්තුව ගෙවන්නේ නමි,එම දැන්වීමි ප‍්‍රචාරය කිරිමට තමන්ට අයිතියක් ඇතැයි ජනමාධ්‍ය ආයතන සිතති.

මෙහි වෙනසක් කළ හැක්කේ එක්කෝ ළමයින් ට විචාරාත්මක ඥානය හා අවබෝධය ලබා දිමෙනි.එසේත් නැතිනමි ළමයින්් ස`දහා විවිධ භාණ්ඩ හෝ සේවා හෝ මෙන්ම දැන්වීමි ද නිරිමාණය කිරිම හා ඉදිරිපත් කිරිම සමිබන්ධයෙන් ආචාර ධර්ම හෝ වෙනත් පිළිවෙත් රජය මැදිහත් ව සකස් කිරිමෙනි.ළමයා තුළ උත්තේජනය කරණු ලබන ඉල්ලුමි සක‍්‍රීය ඉල්ලුමක් බවට පත් වන්නේ ඒ ස`දහා දෙමාපියන් හෝ වෙනත් වැඩිහිටියන් විසින් මුදල් වියදමි කිරිමෙනි.ඉල්ලුම ළමයාගේ වූ විට දෙමාපියන්ගේ වියදමි කිරිමෙි රටාව වෙනස් වෙි.ඒ තම දරුවා වෙනුවෙන් මුදල් වැය කිරිමට දෙමාපියන් සූදානමි බැවිනි.ඒ අනුව ළමයා පාරිභෝගිකයකු හා ඉල්ලුමි කරන්නකු මිස වියදමි කරන්නෙක් නොවෙි.පොදුවේ ගත් කළ ළමයාගේ ජනමාධ්‍ය භාවිතය කෙබඳු මටිටකම පවති ද යන්න කිව නොහැකිය .එය විනිශ්චය කළ යුත්තේ ජනමාධ්‍ය වර්ගීකරණය අනුවය. එහිදි,
1 පුවත් පත්-භාවිතය අඩු ය
2 ගුවන් විදුලිය - භාවිතය මධ්‍යස්ථය
3 රූපවාහිනිය - භාවිිතය ඉහලය
ළමයාගේ පුවත්පත් භාවිතය සාපේක්ෂව අඩු මටිටමක පවතින නිසා අක්ෂර හැකියාවද අඩුවෙි.එසේ ම මුද්‍රිත දේ නො කියවන නිසා පරිකල්පන ශක්තිය ද අඩු වෙි.

ගුවන් විදුලි මාධ්‍යය ළමයාගේ ශ‍්‍රවන ශක්තිය වැඩි කරන අතර,පරිකල්පන ශක්තිය ද ඉහළ මට්ටමකට ගෙන යයි.එහෙත් සාපේක්ෂව බැලූ විට ළමයාගේ ගුවන් විදුලි මාධ්‍ය භාවිතය ද අඩු ය.හො`ද ගුවන් විදුලි නාලිකාවකට සවන් දීමෙන් ළමයින්ගේ රසඥතාව හා භාෂා ශ‍්‍රවණ හැකියාව ඉහළ නැංවේ.එහෙත් ළමයින් ගුවන් විදුලිය පරිහරණය කිරීම රූපවාහිනියට සාපේක්ෂව ඉතා අඩු ය.මෙි අනුව පෙනී යන්නේ ජනමාධ්‍ය භාවිතය තුළ ළමයා පු`එල් වශයෙන් නැඹුරුව සිටිනුයේ රූපවාහිනි මාධ්‍ය ට බවද,එහි ඉදිරිපත් කිරිමෙි වෙනස ද ළමයා තුළ ඉතා ඉහළ ආකර්ෂණයක් ඇති කරයි.මෙි අනුව මු`එ ලෝකයේ ම ළමයාගේ ජනමාධ්‍ය භාවිතය තුළ ඉදිරියේ ම සිටිනුයේ රූපවාහිනියයි.

විශේෂයෙන් කාටුන් වැඩසටහන් කෙරෙහි ළමුන්ගේ පෙළඹවීම වැඩිය.මෙය ඉතා තදබල ඇබ්බැහියක් දක්වා වර්ධනය වී ඇති බව,ළමයාගේ ජනමාධ්‍ය භාවිතය විග‍්‍රහ කරන විට පෙනී යයි.රූපවාහිනිය භාවිතය සමිබන්ධයේන් ළමයාගේ චර්යාවද අපූරු ය.අවස්ථාවක් ලැබෙන්නේ නම්,එදින  හෝ ඒ සතියේ ඇති රූපවාහිනි වැඩ සටහන් මොනවාද යන්න පුවත්පත් මගින් කියවා ගන්නට ද ළමයා සමත්ය.එසේ නොවන්නේනමි , රූපවාහිනි මාධ්‍යයේ ම ඉදිරියේ නව වැඩසටහන් විකාශනය අනුව තමන්ට අවශය වැඩ සටහන් ඒ ඒ නාලිකාව තුළින්ම සොයාගනී.ඒ අනුව ළමයා ජනමාධ්‍ය භාවිතා කිරීමෙි නිපුණතාවක් අත්පත් කර ගෙන සිටින බව පෙනී යයි.තමාට අවශ්‍ය නාලිකාව ගැන හා වැඩසටහන් පිළිබ`දව දැනුවත් ව කටයුතු කිරිමට ළමයා සමත් ය.රූපවාහිනියේ මෙන් ම ගුවන් විදුලියේ ද හොද ළමා වැඩ සටහනක් ඇතත්,ඒවා කෙරෙහි සැලකිල්ලක් නො දක්වයි.රූපවාහිනී වැඩ සටහන් බොහෝමයක් අන්තර්ගතය ගැන අවධානය යොමු කළ විට පෙනී යන්නේ,ළමයින් විසින් නරඹන්නේ ළමයින්ගේ වැඩ සටහන් නොවන බවයි.එසේම සමහර වැඩ ළමා වැඩ සටහන් යනුවෙන් දක්වා ඇතත්,ඒවා ළමයාගේ සංවර්ධනය ස`දහා යෝග්‍ය ලෙස සකස් කර නොමැති බව පෙනී යයි.මෙම සියලු වැඩ සටහන්වලට ළමයා ආකර්ෂණය වන්නේ ළමා වයස තුළ අත්දැකීම් අඩු වීම නිසාය.එබැවින් රූපවාහිනී මාධ්‍යයෙන් ඉදිරිපත් කරන බොහෝ දේ ළමයාගේ ජීවිතයට නව අත්දැකීමකි.

මෙි අතුරින්  ප‍්‍රබලතම සාධකයක් ලෙස ළමා කාටූන් පෙන්වාදිය හැකිය.එයට හේතුව ඉහතින් දක්වාලූ පරදි ළමයා සතු වූ ලක්ෂණයන් මත ඔවුන් රූපවාහිනී කාටූන් නැරඹීමට යොමුවීමයි.මෙසේ නැරඔීමට පමණක් නොව එමගින් විවිධ අත්හදාබැලීමි සිදුකරලීමට මෙන්ම විවිධ අදහස් මතිමතාන්තර ගොඩ නගාගැනීමට ද ඔවුන් සමත්ව ඇත.අද වන විට කුඩා දරුවකු සමීපයට ගොස් පුතේ ඔයා ආසම කෙනා කවුද යන්න විමසුවහොත් ඒ බෙන්ටන්,තම්බලීනා,ස්කූබිඩූ  දියදඟයා,බෑටි මෑන්,යන්නෙන් උත්තර රාශියක් අපට ලැබෙයි.එයට හේතුව සාක්ෂරතාවය තුළින් ඉදිරියට යන දරුවන් හට රූපවාහිනී මාධ්‍ය ම`ගින් ලැබී තිබෙන දායාදයේ අනර්ගතම ප‍්‍රතිඵලයක් ලෙස ළමා ලෝකය වෙනස් වීමයි.එපමණක් ද නොව නිරිමාණශීලි සිතුවිලි වෙනස් කිරිමට රූප පෙට්ටිය ගෙන දුන් ලෝකය නිසාවෙන්ම යහළුවන් සමඟ වෙල් ඉපනැල්ලේ දුව පනිමින් මවුපියන් සම`ග කෙළිදෙළින් ගතකළ ඒ සුනදර ළමා කාලය මෙන්ම එදා අපේ ලෝකයේ වීරයන් බවට පත් වූ මවුපියන්,ගුරුවරුන් ,එසේත් නැතිනමි යහපත් චරිත ලක්ෂණවලින් පිරිපුන් බාප්පා හෝ මාමා මෙන්ම එදා”අඹයාළුවෝ”ළමා පොතෙහි නිමල්ට ”මඩොල්දුවෙි”ජින්නා ට අපි ආදරය කළේ ඔවුන්ගේ වීර ක‍්‍රියාවලටය.අනගාරික ධර්මපාලතුමා, එසේම මහින්ද හිමි,කුමාරතුංග මුණිදාස වැනි මහා ප‍්‍රාඥයන්ගේ චරිත කතා අප එදා කියවූයේ නොඉවසිල්ලෙනි.නමුත් වර්තමානය මීට හාත්පසින් වෙනස්ය.ළමයින්ගේ ලෝකයේ සුන්දර මතක සටහන් පරිගණකයේ මෙන්ම කාටූන් හී හිරවුණි.ළමයින් පොත්පත් කියවන්නේ විභාග සමත්වීමටයි.ළමාලෝකයේ වීරයන් වී ඇත්තේ බෙන්ටන්,සුපර් මෑන්, ස්කූබිඩුලා ය.වීරපුරන් අප්පු ගැන කියන විට අපේ දැන් ළමුන් සිනා වෙති.මන්ද පුරන් අප්පු බෙන්ටෙන් මෙන් උඩින් නොයන නිසාත් සතුරන්ට වෙඩි නොතැබූ නිසාත්ය.කාඩි බෝඩි වීරයන් ළමා මනස දිනාගෙන ඇත.රූපවාහිනී නාළිකාවල දරුවන්ට 50 ක්ම නැරඹීමට ඇත්තේ කාටුන් ය.උදෑසන 5.00 සිට 9.00 දක්වාත් 3.00 සිට 5.00 දක්වාත් දරුවන්ට විවිධ කාටුන් බැලීමට ඉඩ සලසා ඇත.වයස් භේදයකින් තොරව මවු තුරුලේ කිරි බොන දරුවාගේ පටන් බොහෝ දරුවන් උදෑසන අවදිවන්නේ කාටුන් ලෝකේ වීරයන්ගේ දක්ෂතා බැලීමයට.ක‍්‍රිඩා කිරිම,ආහාර ගැනීම ආදී සියලු කාර්යයන් සිදුවන්නේ රූපවාහිනිය නරඹමිනි.මෑත කාලයේ දී මවුපියන් කරන වරදක් පිිළිබඳ ඔබෙි අවධානය යොමු කරනු කැමැත්තෙමි.ළමයා හසුරුවා ගැනීමට පහසු මඟක් ලෙස දරුවාව රූපවාහිනිය ළඟ වාඩි කර තබයි.එසේත් නැත්නමි ආහාර ගැනීම සඳහා පහසු මඟක් ලෙස දරුවාව රූපවාහිනිය නැරඹීමට දෙයි.මෙහිදී මවුපියන්ගේ බලාපොරොත්තුව වන්නේ කුමක්ද දරුවාට ආහාර ලබාදිමයි.මෙහිදී දරුවාගේ අවධානය රූපවාහිනිය වෙත යොමු කරවමින් ආහාර කැවීම සිදුකරයි.වසරකට අඩු කුඩා දරුවන් පවා රූපවාහිනියට නෙත් යොමු කරමින් ආහාර ගනී.මෙහිදී දරුවාට ආහාර වල රසයක් නොදැනේ.මනස වෙනත් අතකට යොමු කරවමින් කුස පිරවීම දරුවාගේ පෝෂණයට මෙන්ම මොළේ වර්ධනයට බලපායි.


සවන්දීම තුළින් මතකයේ තබාගැනීම දරුවාගේ මොළේ වර්ධනයට ප‍්‍රබල සාධකයකි.නමුත් ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය හරහා ලැබෙන බොහෝ අත්දැකීම් ඉක්මනින් මතකයෙන් ගිලිහෙන බව අධ්‍යාපනඥයන්ගේ මතයයි.හො`දින් සවන්දෙන දරුවා තුළ සිතීමෙි හැකියාව වැඩි බව ඔවුන් පෙන්වා දී ඇත.නමුත් මෙම තත්ත්වය ද ක‍්‍රමයෙන් හීනව යමින් පැවතීමට කාටූන් බලපා ඇත.එමෙන්ම දරුවන් අධ්‍යාපනය ලබන්නේ ක‍්‍රියාශීලී අත්දැකීම් තුළිනි.මෙවැනි දරුවන් එකතැන සිටිමින් කමිමැළි කමෙන් ආස්වාදය ලැබීමට පුරුදුවිමෙන් දරුවන් තුළ ඇති සක‍්‍රියව ,ක‍්‍රියාකාරිවීමෙි සහජ හුරුව,ඉබෙි අඩපණ වෙි.යාන්ත‍්‍රික අධ්‍යාපනය පුරුදුව කටපාඩමි කිරිම වැනි ඉගෙනුමි පුරුදු වලට දරුවා නිරායාසයෙන් යොමුවන්නේ අධ්‍යාපන ක‍්‍රියාවලියේ සජීවී බවින් බැහැර වූ විටය.රූපවාහිනිය බැලිමෙන් දැනුම ලබාගැනීමට උදවිවක් ලැබිය හැකිය.නමුත් මෙය අත්‍යවශ්‍යය ඉගෙනුමි ආධාරකයක්,මෙවලමක් නොවේ.

    විද්වත් අදහස් අනුව අමෙරිකාව,එංගලන්තය වැනි බටහිර වැනි බටහිර රටවල , මිනිසුන් යුද හමුදා  සේවයට යෑම අඩු බැවින්,ඒ සඳහා ඔවුන් කුඩා අවධියේ සිට දරුවන් හුරු කිරිමට, ඒ සඳහා කැමැත්තක් ැති කිරීම සඳහා බැට්මෑන්, සුපර්මෑන් ,ස්ප‍්‍රයිඩර්මෑන්, වැනි කාටුන් චිත‍්‍රපට නිර්මාණය කර ඇති බවයි.රූපරාමු හා දර්ශනවල වෙිගවත් බව,අස්වාභාවික සිදුවීමී දරුවන් නැරඹීමෙන් ළමයා තුළ ඇති ස්වාභාවික චින්තන හැකියාවන් මොටවිය හැකිය යන්නද පෙන්වාදිය හැකිය .මෙි හේතු නිසාවෙන්ම කාටුන් චිත‍්‍රපටවල එන චරිත,අවස්ථා හා සිදුවීමි දරුවන් අත්හදා බැලීමට යෑම හා ඒවා අනුකරණය කිරීමට යෑමෙන් අනතුරුවලට මුහුන පාති.වත්මනේ එය විිශාල ප‍්‍රශ්නයක්ව ඇත.

1 comment: