ගවේෂණ



තොරතුරු තාක්ෂණයේ වැදගත්කම


අතීතයේ සිට මිනිසා ක්‍රමක්‍රමයෙන් පරිනාමය වීමේදී තම එදිනෙද අවශ්‍යතාවයන්ගේ පහසුව උදෙසා විවිධ වූ නව ක්‍රමෝපායන් සොයා යන්නට විය . දඩයම් යුගයේදී වන සතුන් පසු පස හඹා යමින් ඔවුන් ගොදුරු කරගනිමින් තම ජීවිකාව ගොඩනගා ගත් මිනිසා තම ජීවිතයට අත්දැකීම් සමුදායක් එක් කර ගැනීමට සමත් විය.මුල් කාලීනව සිංහයින්,දිවියන් වැනි මාංශ භක්ෂකයින් ගොදුරු කරගැනීමට පවා උත්සහ කල මිනිසා ඔවුන්ට ගොදුරු වූහ. ඒ තුළින් ද මිනිස් වර්ගයා යම් යම් අත්දැකීම් ,දැනුම වර්ධනය කර ගත්හ.එසේම එවන් අත්දැකීම් ලත් මිනිසා නැවත එසේ නොවන්නට වගබලා ගත්හ. ප්‍රාථමික ක්‍රමෝපාය මඟින් සන්නිවේදනයට හුරුවූවෝ කල්යත්ම  පරිණාමය වෙමින් ගණිතමය ක්‍රම ආදිය නිර්මාණය කරගැනීමට පෙළඹිනි. ඒත් සමගම  මිනිසා  තම එදිනෙදා ජීවිතය පහසු කරගැනීමටත් විවිධ වූ නව නිර්මාණ කරන්නට විය. එහි තවත් එක් ප්‍රතිඵලයක් වශයෙන් තොරතුරු තාක්ෂණයේ ආගමනය සිදුවිය.

මෙසේ පරිණාමය වූ තොරතුරු තාක්‍ෂණය අද ලෝකයේ සෑම බිම් අඟලක් පාසාම ව්‍යාප්ත වී ලෝකයාට අත්‍යාවශ්‍ය නැතිවම බැරි  තාක්ෂණයක් බවට පත්වී ඇත. “පරිගණක මත පදනම් වූ තොරතුරු පද්ධතිවිශේෂයෙන්මෘදුකාංග හා පරිගණක දෘඩාංග පිළිබද අධ්‍යයනයසැලසුම් කිරීමදියුණු කිරීම ගොඩ නැංවීමට උදව් කිරීම හා කළමනාකරණය තොරතුරු තාක්ෂණයයි.

වර්තමානයේ දී තොරතුරු තාක්ෂණය යන වදන පරිගණක විද්‍යාවේ හා තාක්ෂණ‍යේ අංශ බොහෝමයක් අයත් වන පරිදි ප්‍රසාරණය වී ඇත.  තොරතුරු තාක්ෂණය යන්න ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් මෘදුකාංග ස්ථාපනය කිරීමේ සිට සංකීර්ණ පරිගණක ජාල හා තොරතුරු දත්ත සමුදායන් සැලසුම් කිරීම දක්වා වූ විශාල කාර්ය පරාසයක් ඒ යටතට අයත් වේ. මෙමඟින් දත්ත කළමනාකරණය ජාලකරණය ඉංජිනේරුමය පරිගණක දෘඩාංගදත්ත සමූදායන් හා මෘදුකාංග නිර්මාණය කිරීම මෙන්ම සම්පූර්ණ පද්ධති කළමනාකරණය හා පරිපාලනය ඇතුළත් වේ. පරිගණක හා සන්නිවේදන තාක්ෂණය එකට එකතු වූ විට නිර්මාණය වන්නේ තොරතුරු තාක්ෂණය නැත්නම් “ඉන්ෆොටෙක්”ය. තොරතුරු තාක්ෂණය (IT)තොරතුරු නිෂ්පාදනයට ක්‍රියාවෙහි යෙදවීමටගබඩා කිරීමට සන්නිවේදනය කිරීමට හෝ ව්‍යාප්ත කිරීමට රුකුල් දෙන ඕනෑම තාක්ෂණයක් හැදින්වීමට යෙදෙන සමාන්‍ය වදනකි. තොරතුරු තාක්ෂණය ගැන කතා කිරීමේ දී සිතෙන්නේ එය පරිගණක හා තොරතුරුවල භාවිතය සමග බැඳී තිබෙන බවයි.

ඒ නිසාම වර්තමානයේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වන මාතෘකාවකි තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණ භාවිතයේ ගුණාත්මක භාවය ශ්‍රී ලංකාව වැනි රටක් තුළ කෙසේ සිදුවන්නේද යන්න පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය යුතු කාලයකි මේ. සාකච්ඡාවසංවාදය තුළින් වඩාත් යහපත් තොරතුරු තාක්ෂණ භාවිතය සඳහා භාවිතාකරුවන් පෙළැඹවීම සහ තොරතුරු තාක්ෂණ භාවිතා‍ව පිළිබඳව පොදුජන මතය තව දුරටත් ශක්තිමත් කරලීම මඟින් ශ්‍රී ලංකාව තුළ වඩාත් නිවැරදි සහ ඵලදායී තොරතුරු තාක්ෂණ භාවිතයක් ඇතිකිරීම යථාර්ථවාදී කථිකාවකි.

තොරතුරු තාක්ෂණයේ ප්‍රධානතම අංගයක් වන උප සංස්කෘතියක් වන අන්තර්ජාලය වර්තමානය වන විට සීඝ්‍ර දියුණුවක් සමස්ත ලෝකයටම අත්කරදෙමින් සිටි. තරඟකාරී ගෝලීයකරණ ආර්ථික පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ පුරවැසියන් අන්තර්ජාලය වැනි ශක්තිමත් පුළුල් පරාසයක් තුළ විහිදුනු ආර්ථික උපාය මාර්ග භාවිතා කිරීම පිළිබඳව මඳක් පසුගාමී තත්ත්වයක් අනෙකුත් රටවල් හා සසඳන කල්හී නිරීක්ෂණයට ලක්වන කරුණක්. කෙසේ නමුත් අන්තර්ජාල සම්බන්ධතාවන් ලබා ගැනීමේ විවිධ තාක්ෂණික ක්‍රම ශිල්ප ශ්‍රී ලංකාව පුරා ඉතාමත් සීග්‍රයෙන් පැතිරීයාමත් සමඟ අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමේ පුද්ගලයින් සංඛාව දිනෙන් දින ඉහළයමින් පැවතීම ඉතාමත් සාධනීය කරුණක්. නමුත්මෙම සාධනීය ලක්ෂණය වඩාත් ඵලදායී ආකාරයෙන් සිදුවන්නේ ද යන්න ගැටලුවකි. එයට හේතුව බොහෝ දෙනා අන්තර්ජාලය හුදෙක් විනෝදාස්වාදය සපයන උපකරණයක් ලෙසින් සහ සමාජ ජාල අනුගත කෙරෙන අංගයක් ලෙසින් පමණක් දැකීම  යි. එය ඉතාමත් අභාග්‍ය සම්පන්න කරුණකි.

නමුත් අන්තර්ජාලය වඩාත් ඵලදායී ලෙසින් භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව  පුද්ගලයන්ගේ මනසට කාවැද්දීම තුළින් භූගෝලීය දේශ සීමාවක් තුළ රටක් වශයෙන් සිය ආර්ථික හා සාමාජයීය වටිනාකම් ඉහළට ගැනීමට පවතින ඉඩප්‍රස්ථාව වැඩිකරගැනීමේ හැකියාව පවති.  එමෙන්ම ආර්ථිකසමාජීයදේශපාලනිකසාහිත්‍යක සහ අධ්‍යාපනික වටිනාකම් අන්තර්ජාලය තුළ සැඟවී ඇති බව අවබෝධ කරවීම තුළින් සාමාන්‍ය පුරවැසියා තොරතුරු තාක්ෂණය හරහා බලාත්මක කිරීම තුළින් විශාල සංවර්ධනයක් පුද්ගලික වශයෙන්දකණ්ඩායම් වශයෙන්ද අවසාන වශයෙන් රටක් ලෙසින්ද ලබාගැනීමට හැකියවනු  නියතයි.

එමෙන්ම ඉංග්‍රීසි භාෂාව පමණක් නොව වෙනත් භාෂාවන් සමඟ ගනුදෙනු කිරීමේ ව හැකියාවන් ඉස්මතු කරගැනීමට අන්තර්ජාලය හරහා ලැබෙනුයේ ඉතාමත් විශාල පිටිවහලක්.  පුළුල් පරාසයක් තුළ පැතිරෙන දැනුම් සම්භාරයක් එක්කර ගැනීමටද අන්තර්ජාලය හරහා එහි පරිශීලකයින්ට අවස්ථාව හිමිවනවා. එමෙන්ම එහි වූ   දැනුම අතරට අපගේ දැනුමද එක්රැස් කිරීමේ හැකියාවද හිමිවීම නිසා තමන් තුළ පුද්ගලික වටිනාකම් ගොඩනගා ගැනීමට‍ හැකිවීම ද සුවිශේෂී ලක්ෂණයක්. එසේනම් තොරතුරු තාක්ෂණයෙන් සාර්ථකභාවයට පවත්වන්නේ ද එසේ නොමැතිව අසාර්ථකත්වයට අතවනන්නේ ද යන්න අප කවුරුත් පෞද්ගලිකව සිතා බලා කටයුතු කරන්නේ නම් යහපත් සමාජ වටපිටාවකට මෙන්ම සංවර්ධනයකට වඩ වඩාත් තොරතුරු තාක්ණය භාවිතයට ගතහැකි වනු ඇත.  පරිගණක විද්‍යාව ,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ය තත්පරයෙන් තත්පරයට යාවත්කාලීන වන නවමු ක්‍ෂේත්‍රයකි .එබැවින් ගෝලීයකරණය වූ ඊ-ලෝකයක් උදෙසා තරඟකාරිත්වයට මුහුණදීමට නම්  ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ද තොරතුරු තාක්ෂණය අප ජීවිතයට සමීප කරගැනීම පුද්ගලමය වශයෙන් පමණක් නොව රාජ්‍යමය වශයෙන් දියුණුවට හේතුවක් වේ.



No comments:

Post a Comment