ජීවිතයට අප සැවොම
දැඩිසේ ආශා කරද්දීත්, මිනිසුන්
සියදිවි නසා ගන්නේ ඇයි? ජීවිතයේ එකම
වරක් හෝ ජීවිතය එපා වී කලකිරීමක් සිතී ජීවිතය නසා ගන්නට ඇත්නම් යන්න නොසිතුණු
අයෙක් මේ සමාජයේ ඇතැයි පැවසීම මුසාවකි. සත්‍ය එයයි. නමුත් කන කැස්බෑවකු විය සිදුරෙන්
අහස බලන අයුරින් ලබාගත් දුර්ලභ මිනිස් ජීවිතය අකාලයේ තමා විසින්ම විනාශ කරගන්නවා
කියන්නෙ නම් අනූන කමක්.අපට ලැබුණ මේ ජීවිතය සුන්දරයි. ඒ වගේම කන්දක් නැගගත් පසු
පල්ලමක් හමුවන බව සත්‍යයක්. ඉතින් ජීවිතයට නොබියව මුහුණදීමයි වීරත්වය.
බොහෝ වෙලාවට මෙවැනි තත්වයන් සඳහා ගොදුරුවන්නේ තාරුණ්‍ය
වීම ද තවත් අපූරුතම කරුණක්. ඉතින් ජීවිතයේ සුන්දරම අවදිය වගේම කුණාටු සමය ද වන
තුරුණුවිය විප්ලවීය සන්දිස්ථානයක්. ඉක්මන් තීරණ ගැනීම තාරුණ්‍යයේ වු දුර්වල කරුණක්. මේ නිසාම,
* සමාජ හුදෙකලාව
* ජීවිතයේ හිතවතුන්ගෙන් ලබැඳියන්ගෙන් වෙන්වීමේදී
* බැඳීම් අඩුවූ විට
* අපේක්ෂා භංගත්වය
වැනි කාරණා බොහෝමයක්
නිසා මනස අවුල් කරගන්නා ඔවුන් අන්තිමට ව සිය දිවි නසා ගැන්මට තීරණය කරනවා. එයට
අමතරව විශාදය, මධ්‍යසාර
භාවිතය, හින්නෝමාදය
වැනි මානසික රෝගද පෞරුෂ දුබලතාද හේතු සාධක වෙනවා.
සියදිවි නසා ගැනීමට
පෙළඹෙන අය කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගන්න පුළුවන්. එක් කාණ්ඩයක් ආවේගශීලී අය. අනෙක්
කාණ්ඩය විශාදයට ලක්වීම නිසා එසේ කරගන්නා අය. මේ දෙකොටස අතරින් සාමාන්‍යයෙන් ගැටලු
නිරාකරණය කරගැනීමට අපහසු ආවේගශීලීව කටයුතු කරන අය ඊට වැඩි නැඹුරුවක් දක්වනවා.
කොහොම වුණත් මේ දෙකොටසේම අවදානය ඉහළයි. ගෝලීයකරණය විසින් ඇති කර ඇති වෙනස් කථාවලට
සමහර පුද්ගලයන්ට පහසුවෙන් අනුගතවීම අසීරුයි.ගැටලු නිරාකරණය කර ගැනීමේ කුසලතාව අඩු
නම්, හැඟීම් පාලනය
කර ගැනීම අසීරු නම් එවැනි අයට මේ වෙනස්කම්වලට අනුගත වෙන්න අමාරුයි. එතකොට ඔවුන්
තෝරාගන්නා විකල්පය තමයි මේ. මේ අතර ඉන්න සමහර අයට විශාදය වගේ තත්ත්වයක් තියෙනවා
කියල පෙනෙන්නෙ නෑ. එවැනි අය සියදිවි නසා ගනීවි කියල සිතන්නත් අමාරුයි. ඒත්
විශාදයෙන් පෙළෙන කෙනෙක් ප්‍රශ්නවලට පිළිතුරු ලෙස තෝරා ගන්නා විකල්පයක් තමයි
මේ.නමුත් ජීවිතය කිසි විටෙකත් අත්හැරිය යුතු නොවේ. මිය යාමට වඩා ජීවත්වීම උතුම්.
මනුෂ්‍යත්වය දුර්ලභයි.මිනිසත් බව ශාපයක් කොට සිතා ජීවිතය අකාලයේ නසා ගැන්මට
නොඑසේනම් එසේ කිරීමට තැත් කිරීම බුදු දහමට අනුව බලවත් පාපයකි.මතු උපදින ආත්මභාවයන්
පිණිස සංසාරය පුරා විඳිය යුතු පාප කර්මයකි.
මැරෙන්න යන මිනිහා
පිදුරු ගසේත් එල්ලෙනවා. කවුරුදු අකමැති ජීවිතය අවසානය දක්වාම විදින්න. නමුත් විදිනවාද විදවනාවද තීරණයත් අප
සතුයි. ජීවිතය විදින්නන් බොහෝ දෙනෙක් ජීවිතය රැක ගන්නට නොගන්නා උත්සහයක් නෑ.
හැබැයි උගතුන් නූගතුන් ලෙස බේදයක් නොමැතිව ජීවිතය විදවන බොහෝ දෙනෙක් යත්න දරන්නේ ජීවිතය විනාශ කරගන්න. ව්ශාදයේ එක් අතුරු පලයක්
වූ සියදිවි නසාගැනීම රැල්ලක් ලෙස භාවිත කරලීම වත්මන් තත්වයයි.නමුත් තමන් තුළ
නිපුණතා වැඩිවෙන තරමට, ආවේගශීලි නොවන
තරමට සියදිවි නසාගැනීමේ අවදානම අඩුයි. ඒ නිසා සමාජ කුසලතා වැඩිකරගැනීම, පොර්ෂත්වය වර්ධනය
කරගැනීම, සියදිවි නසා
ගැනීමේ අවදානමක් ඇති අය ගැන අවධානයෙන් සිටීම, මානසික පීඩනය ඉහළනම් මිත්‍රයන් වශයෙන් නිසි ප්‍රතිකාරයන්
සඳහා ඔවුන් යොමුකරවීම,අවදානම අඩු කර
ගැනීමට ආගමික වශයෙන් ඇතිකරන ආධ්‍යාත්මික මඟ පෙන්වීම් ප්‍රයෝජනයට ගැනීම තාරුණ්‍ය
විසින් ප්‍රගුණ කළ යුතු කරුණු වේ .
එවිට රටක සංවර්ධනය
වගේම අනාගතය තීරණය කරන ප්‍රධාන බලවේගයේ මූලබීජයක් වන තරුණ පරපුර ජීවිතයේ සැබෑ
තත්ත්වය අවබෝධ කොටගෙන තමන්ට මුහුණදෙන්නට සිදුවන ගැටලු වලට විරාමයක් විදියට සියදිවි
නසා ගැනීමට නොපෙළඹෙනු ඇත.
No comments:
Post a Comment