27 June, 2017

සීතාවක උද්භිත උද්‍යානය

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අවිස්සාවෙල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා තිබෙන සීතාවක උද්භිත උද්‍යානය නැත්නම් අවිස්සාවේල්ල තෙත් බිම් උද්භිත උද්‍යානය  ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භිත උද්‍යානය වෙයි.


ගමන් මාර්ගය
සීතාවක උද්භිත උද්‍යානයට ප්‍ර වේශ මාර්ග දෙකකි. ඒ කොළම - අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට 46 KM ගියවිට හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් තුන්මෝදර මංසන්ධයෙන් හැරී 6 KM ගිය විට සහ  පාදුක්ක නගරයට පැමිණ, පාදුක්ක නගරයේ සිට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල- පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවීමට අවකාශය ලැබේ.



පිහිටීම
පුවක්පිටිය -තුම්මොදර ප්‍රධාන මාර්ගයේ,අවිස්සාවේල්ල නඟරයට ආසන්න,ඉළුක්ඕවිට ග්‍රාමයේ ඉදිකොට ඇති මෙහි භූමි ප්‍රමාණය හෙක්යෙටාර් 43 කින් පමණ වේ.



අතීතයෙන් බිඳක්
අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතා අනාගත පරපුරට සංරක්ෂණය කිරීමට සුරුකුම් මධ්‍යස්ථානය අවශ්‍යතාවයට පිළියමක් වශයෙන් 2008 වර්ෂයේදී  නිර්මාණය කරලීම ආරම්භ වූ මෙම උද්‍යානය මහජන ප්‍රදර්ශනයට විවෘතව දැනට වසර 03 පමණවේ.ඒ නිසාවෙන්ම මෙහි ඉතිහාසය දීර්ඝකාලීන නොවූවකි.මෙය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වන්නේ 2014 වර්ෂයේ  ජූලි මස 27 වන දිනය.

සුන්දරත්වය
අක්කර 105 කින් සමන්විත වු මෙම උද්‍යානය තුළ භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර තිබේ. ඒ අතරට ප්‍රධාන වශයෙන් තේ වගාව,මීවන උයන,රුක් උයන,තර්ජිත ශාක එකතුව ,තාල ශාක එකතුව මුදුන් උයන/රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සිහිවටනය. මෙහි පිහිටි වැව 1,2 හා 3 නිසාවෙන් උද්‍යානය තවතවත් අලංකාරව ඇත.

සේවා
මෙහි වැව 01 හංස බෝට්ටු සඳහා වෙන්කර ඇති අතර මධ්‍යම තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට , ගීත රූප රචනා, ටෙලි නාට්‍ය රූගත කිරිම් සඳහා ඉඩපහසුකම් වෙන්කර ඇත.ඊට අමතරව මංගල ඡායාරූප වීඩියෝගත කිරීමට ද  මෙහි අවස්ථාව ලබාදී තිබෙන අතර මුඳල් ගෙවා එම පැකේජ වෙන්කරගෙන තම අවශ්‍යතාවය සපුරාගත හැක. උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට සවස 6 දක්වා විවෘතව ඇති අතර ප්‍රවේශ පත් සවස 5 වනතෙක් නිකුත් කෙරේ.
මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූදර්ශණ වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසත්, දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති ඌන උපයෝජිත ශාක වර්ග දැකබලාගැනීමට මෙන්ම ඹෟෂධීය ශාක කර්මාන්තයේ වර්ධනය සඳහාත් තෙත් කලාප තුළ උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබඳ අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමේ තෝතැන්නක් ලෙසින් ද වර්තමානය තුළ ප්‍රචලිතව ඇත. ඒ නිසාවෙන්ම පේරාදෙණිය උද්භිත උද්‍යානය වෙත ඇදීගිය බොහෝමයක් අදවන විට සීතාවක උද්භිත උද්‍යානයට සේන්දුවීමට පටන්ගෙනය.


උද්‍යානය තුළ පවත්නා නීතිරීති
Ø  පොළිතීන් රැගෙන ඒම සපුරා තහනම් ය.
Ø  කැළිකසල,දැමීමට තබා ඇති භාජනවලට ඒවා දැමීමට හෝ උද්‍යානයෙන් පිටතට රැගෙන  යාමට උන්නදු විය යුතුය.
Ø  උද්‍යානය තුළට වාහන ඇතුළු කළ නොහැකිය.
Ø  උද්‍යානය තුළ විනීතව හා අන්‍යන්ට හිරිහැරයක් නොවන සේ හැසිරිය යුතුය.
Ø  මත්පැන් සහ වෙනත් මත්දුව්‍ය  උද්‍යානය තුළට රුගෙන ඒම හා ඒවා භාවිතයෙන් පසු උද්‍යානයට ඇතුළුවීමට ද අවසරයක් නොමැත.
Ø  පැළෑටි,ගස්,පාත්ති,නාම පුවරු හා ආසන ඇතුළු උද්‍යානය සතු දේපළවලට හානි පැමිණ වීමෙන් වැළකිය යුතුය.


17 June, 2017

සෙනහසකට අරුතක් පුවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා...


"සෙනහසකට  අරුතක් පුවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා.....
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී....."

සෙනෙහසකට අරුතක් සොයන්නට අහසේ තරු ගණින වෙරළේ රළ මනින  පෙම්වතුන් පෙම්වතියන් කොතෙකුත් වේද?ඇත්තටම ආදරේ කියන්නේ පිවිතුරු හැඟීමක්.ඒ වගේම ආදරය කියන්නේ සාගරයක් වගේ සාගරයේ රැළි වගේ. සීමාවක් නෑ.ප්‍රමාණයක් නෑ.සමහර වෙලාවට ආදරය කියන්නේ වේදනාවක්.ඒ වේදනාව සිතට දැනෙන්නේ අපි සාගරයක් වගෙ සාගරේ රැළි වගේ ආදරේ කරපු නිසා එහෙම නැත්නම් ආදරය කරන නිසා.ඒ වගේම ආදරයෙන් නැගෙන වේදනාවටත් ඉතින් සීමාවක් නෑ.
හොඳ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් අවංක ආදරය රැකගන්න තමුන්ගේ ආදරය හැර අනෙක් ඕනෑම දෙක් කැපකරන්න සූදානම්.ඒ නිසාම හදවතේ නැගෙන ඒ සුන්දර හැඟීම සදාකාලිකවම තමා සතු කරගන්න උත්සහ දරණ ආදරවන්තයින් කියාගන්න බැරි තේරුම්ගන්න බැරි එකකම එක සොඳුරු සිතුවිල්ලක් වූ ආදරය ඉදිරියේ ආදරය ජීවිතේ  කොටසක් කරගනවා.ඒ වගේම ජීවිතය තිබෙන තුරාවට සදාකාලීකවම එකට සිටිමේ අදිටනින් ප්‍රේමයේ මිහිරි විදින්නන් ඒ මිහිරියා සදාකාලික කරගන්වා වෙනුවට පන දෙන්නට පෙම් කළ තම පෙම්වතා හෝ පෙම්වතියට විරහවක් අත්කර දෙන්නේ ද සීමානොවන  ප්‍රේමයේ මුල් කාලීන සිතුවිලි වලට සීමාවන් එක්කරලමින්.

ප්‍රණීත් අභයසුන්දරයන් විසින් පදරචනය කළ මහින්ද බණ්ඩාරයන් සංගීතවත් කළ අසංක ප්‍රියමන්ත පීරිස් විසින් ගායනා කරන සෙනෙහසකට අරුතක් පුරවන්නට ගීතය සීමා මායිම් නැතයි සිතා සිටින ආදරවන්තයින්ට ආදරවන්තියන්ට සැබෑ තතු පහදාදෙන්නකි.

හදවතේ උපන් ආදරයේ නාමයෙන් එකවහළක් යටට එක්වීමට පෙරුම් පිරූ යුවලකගේ අහඹු දුරස්වීමක දෝංකාරය මේ පදමාලාව තුළ අන්තර්ගව ඇත. උත්තරීතර ආදරයක මතකය කොච්චර ලස්සන උනත් අහිම ප්‍රේමය දැනෙන  වාරයක් වාරයක් පාසා නෙතට කඳුලුවගේම වෙනදා නොදැනුණ අමුතු තනිකමක් හිස් බවක් හිතට දැනෙනවා.මතකය සැරින් සැරේ සිත ගාව හොල්මන් කරනවා. ඒ නිසාම හදවත සිදුරු කරගෙන ලේ, ඇට, මස්, නහර හරහා ගොස් ආදරයේ වේදනාන දරාගන්න බැරිම තැන අන්තිමේදී ජීවිතයෙන් පලා යන්නො ද,මොනව කරත් ආදරය කරපු හිතකට වෛර කරන්න රිද්දන්න හිතන්නවත් බැ කියන්නෝද ආදරයයි වෛරයයි අතර වූ නූලක පරතරයක් අභිමුව තීන්දු තීරණ ගන්නේ සිතුවිලි පාලනයේ දුර්වලතාවයන් නිසාවෙනි.

සුන්දර ආදරය තාවකාලික නමුත් එයින් හටගන්නා වේදනාව සදාකාලිකයි.ආදරේ හරියට බිඳෙන වීදුරුවක් වගේ,ආදරේ කරනකොට ගොඩක් ශක්තිමත්,පැහැදිලිව එකිනෙකාට පේනවා.ඒත් ආදරේ බිඳුනම හරිම දුර්වලයි.ඒ බිඳුන ආදරේ කවදාවත් තිබුණ විදියට ආපහු හදන්න බෑ.

"බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනනා "

ඉතින් මේ ප්‍රේමයේ දිග්විජය  ලැබීමට පෙම්වතා ගත්තා වූ අපරිමිත උත්සහත් ඒහෙත් ඇය දිනාගැනීමට  ඒ හැම අවස්ථාවකදී ම ඔහුට නොහැකි වූ ආකාරය  හැඟම්බරව ප්‍රකාශ කරලීමට පදරචකයා සමත්ව ඇත්තේ ලොව වැඩිම කලක් පවතින ආදරය වන්නේ කිසිදා හිමි නොවූ ආදරයය යන්න පසක් කරමිනි.

"පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගුකල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා..."





13 June, 2017

ජීවිතය සුන්දරයි..අකාලයේ ජීවිතයට විරාමයක් නොතියන්න...



ජීවිතයට අප සැවොම දැඩිසේ ආශා කරද්දීත්, මිනිසුන් සියදිවි නසා ගන්නේ ඇයි? ජීවිතයේ එකම වරක් හෝ ජීවිතය එපා වී කලකිරීමක් සිතී ජීවිතය නසා ගන්නට ඇත්නම් යන්න නොසිතුණු අයෙක් මේ සමාජයේ ඇතැයි පැවසීම මුසාවකි. සත්‍ය එයයි. නමුත් කන කැස්බෑවකු විය සිදුරෙන් අහස බලන අයුරින් ලබාගත් දුර්ලභ මිනිස් ජීවිතය අකාලයේ තමා විසින්ම විනාශ කරගන්නවා කියන්නෙ නම් අනූන කමක්.අපට ලැබුණ මේ ජීවිතය සුන්දරයි. ඒ වගේම කන්දක් නැගගත් පසු පල්ලමක් හමුවන බව සත්‍යයක්. ඉතින් ජීවිතයට නොබියව මුහුණදීමයි වීරත්වය.
බොහෝ  වෙලාවට මෙවැනි තත්වයන් සඳහා ගොදුරුවන්නේ තාරුණ්‍ය වීම ද තවත් අපූරුතම කරුණක්. ඉතින් ජීවිතයේ සුන්දරම අවදිය වගේම කුණාටු සමය ද වන තුරුණුවිය විප්ලවීය සන්දිස්ථානයක්. ඉක්මන් තීරණ ගැනීම තාරුණ්‍යයේ වු  දුර්වල කරුණක්. මේ නිසාම,
* සමාජ හුදෙකලාව
* ජීවිතයේ හිතවතුන්ගෙන් ලබැඳියන්ගෙන් වෙන්වීමේදී
* බැඳීම් අඩුවූ විට
* අපේක්ෂා භංගත්වය
වැනි කාරණා බොහෝමයක් නිසා මනස අවුල් කරගන්නා ඔවුන් අන්තිමට ව සිය දිවි නසා ගැන්මට තීරණය කරනවා. එයට අමතරව විශාදය, මධ්‍යසාර භාවිතය, හින්නෝමාදය වැනි මානසික රෝගද පෞරුෂ දුබලතාද හේතු සාධක වෙනවා.
සියදිවි නසා ගැනීමට පෙළඹෙන අය කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගන්න පුළුවන්. එක් කාණ්ඩයක් ආවේගශීලී අය. අනෙක් කාණ්ඩය විශාදයට ලක්වීම නිසා එසේ කරගන්නා අය. මේ දෙකොටස අතරින් සාමාන්‍යයෙන් ගැටලු නිරාකරණය කරගැනීමට අපහසු ආවේගශීලීව කටයුතු කරන අය ඊට වැඩි නැඹුරුවක් දක්වනවා. කොහොම වුණත් මේ දෙකොටසේම අවදානය ඉහළයි. ගෝලීයකරණය විසින් ඇති කර ඇති වෙනස් කථාවලට සමහර පුද්ගලයන්ට පහසුවෙන් අනුගතවීම අසීරුයි.ගැටලු නිරාකරණය කර ගැනීමේ කුසලතාව අඩු නම්, හැඟීම් පාලනය කර ගැනීම අසීරු නම් එවැනි අයට මේ වෙනස්කම්වලට අනුගත වෙන්න අමාරුයි. එතකොට ඔවුන් තෝරාගන්නා විකල්පය තමයි මේ. මේ අතර ඉන්න සමහර අයට විශාදය වගේ තත්ත්වයක් තියෙනවා කියල පෙනෙන්නෙ නෑ. එවැනි අය සියදිවි නසා ගනීවි කියල සිතන්නත් අමාරුයි. ඒත් විශාදයෙන් පෙළෙන කෙනෙක් ප්‍රශ්නවලට පිළිතුරු ලෙස තෝරා ගන්නා විකල්පයක් තමයි මේ.නමුත් ජීවිතය කිසි විටෙකත් අත්හැරිය යුතු නොවේ. මිය යාමට වඩා ජීවත්වීම උතුම්. මනුෂ්‍යත්වය දුර්ලභයි.මිනිසත් බව ශාපයක් කොට සිතා ජීවිතය අකාලයේ නසා ගැන්මට නොඑසේනම් එසේ කිරීමට තැත් කිරීම බුදු දහමට අනුව බලවත් පාපයකි.මතු උපදින ආත්මභාවයන් පිණිස සංසාරය පුරා විඳිය යුතු පාප කර්මයකි.
මැරෙන්න යන මිනිහා පිදුරු ගසේත් එල්ලෙනවා. කවුරුදු අකමැති ජීවිතය අවසානය දක්වාම  විදින්න. නමුත් විදිනවාද විදවනාවද තීරණයත් අප සතුයි. ජීවිතය විදින්නන් බොහෝ දෙනෙක් ජීවිතය රැක ගන්නට නොගන්නා උත්සහයක් නෑ. හැබැයි උගතුන් නූගතුන් ලෙස බේදයක් නොමැතිව ජීවිතය විදවන බොහෝ දෙනෙක් යත්න දරන්නේ  ජීවිතය විනාශ කරගන්න. ව්ශාදයේ එක් අතුරු පලයක් වූ සියදිවි නසාගැනීම රැල්ලක් ලෙස භාවිත කරලීම වත්මන් තත්වයයි.නමුත් තමන් තුළ නිපුණතා වැඩිවෙන තරමට, ආවේගශීලි නොවන තරමට සියදිවි නසාගැනීමේ අවදානම අඩුයි. ඒ නිසා සමාජ කුසලතා වැඩිකරගැනීම, පොර්ෂත්වය වර්ධනය කරගැනීම, සියදිවි නසා ගැනීමේ අවදානමක් ඇති අය ගැන අවධානයෙන් සිටීම, මානසික පීඩනය ඉහළනම් මිත්‍රයන් වශයෙන් නිසි ප්‍රතිකාරයන් සඳහා ඔවුන් යොමුකරවීම,අවදානම අඩු කර ගැනීමට ආගමික වශයෙන් ඇතිකරන ආධ්‍යාත්මික මඟ පෙන්වීම් ප්‍රයෝජනයට ගැනීම තාරුණ්‍ය විසින් ප්‍රගුණ කළ යුතු කරුණු වේ .

එවිට රටක සංවර්ධනය වගේම අනාගතය තීරණය කරන ප්‍රධාන බලවේගයේ මූලබීජයක් වන තරුණ පරපුර ජීවිතයේ සැබෑ තත්ත්වය අවබෝධ කොටගෙන තමන්ට මුහුණදෙන්නට සිදුවන ගැටලු වලට විරාමයක් විදියට සියදිවි නසා ගැනීමට නොපෙළඹෙනු ඇත.

09 June, 2017

ධනාත්මකව සිතන්න




අපගේ මනස පරිගණකයක් වැනිය. එය සෑම විටම සිදු කරන්නේ තමන්ට ලැබෙන දත්ත විශ්ලේෂනය කරමින් තීරණ ගැනීමටත් , ක්‍රියාත්මක වීමටත් අවශ්‍ය හැකියාව ලබා දීමයි. මෙහිදී අප ලබන හා ලැබු අත්දැකීම් නිරන්තරයෙන් වැදගත්වේ.

ඍණාත්මක දේ තුලින් ඉවත් වීම
ධනාත්මක දේ තම සිත තුලට ඇතුල් කිරීම ප්‍රබලව මේ සඳහා බලපාන සාධක වේ.

ධනාත්මක චින්තනය වර්තමානයේ ප්‍රසිද්ධ මාතෘකාවක්.වත්මන් සමාජයේ මිනිසුන්ට ඇති ප්‍රශ්න නිසා මානසික පීඩනයෙන් ජනතාව මිරිකී සිටිති. මේ නිසා එයින් මිදෙන්නට කල හැකි දේවල් පිළිබදව ජනතාව නිතර විමසිල්ලෙන් සිටිති. ධනාත්මක චින්තනයත් ප්‍රසිද්ධ මාතෘකාවක් වී ඇත්තේ එහෙයිනි. ධනාත්මක චින්තය පිළිබද පොත් කියවුවත් දේශන කොපමණ ප්‍රමාණයකට සහභාගිවුවත් තමා තුල නිවැරදිව තමාගේ සිතුවිලි පිළිබද අදහසක් නොමැති නම් ගැටඵවකි. මන්ද අපගේ සිතුවිලි තේරුම් ගැනිමට නම් ඒවා ගැන අප හොදින් අධ්‍යනය කල යුතුය. කිසි විටක අප, අප විසින්ම රවටා නොගත යුතුය. යථාර්ථය සදහා හොදින් ‍අපගේ සිතුම් පැතුම් හැදිනිය යුතුය.
අප ධනාත්මක චින්තය ඇතිකර ගැනීමට පළමුව අප තුල දැනට ඒ සිතුවිලි කොපමණ ප්‍රමාණයක් රැදී ඇත්දැයි අවංකව අ‍වබෝධ කර ගත යුතුය. ඊට පසු ටිකෙන් ටික ධනාත්මක සිතුවිලි වර්ධනය කර ගත යුතුය.
මුලින්ම අප සතු දුර්වලතාවයක් වන පහත සිතුවිලි සිතෙන් අයින් කර ගන්න උත්සහ කරන්න.

මේක හරියන්නේ නෑ…
මට බෑ…
මට හරි ගියොත් තමයි පුදුමේ…
මම දන්නවානේ මට බෑ කියලා…

ඔබ දන්නවද අපිට හරියන්නේ නෑ කියලා හිතුවොත් වෙන්නේ ඒකමයි..අපි හිතන විදියට අනුව අපේ පරිසරය ඉබේම හැඩ‍ ගැහෙන්නේ හරිම පුදුම විදිය‍ට..
ඔබටත් පුලුවන් මේ බව අත්හදා බලන්න.. අපේ සිත හරිම ප්‍රබලයි. අපි යමක් සිදුවෙනවා කියලා තදින් විශ්වාස කලොත් එය සිද්ධ වෙනවාමයි.. නමුත් අපි සිද්ධ වෙනවා කියලා විශ්වාස කරන්නේ අපිට අවාසි වෙන දේවල්.. අපිට පාඩු වෙන දේවල්.. මම විභාගේ පේල්‍ වෙයි.. ආදි ලෙස සිතන්නේ නැතිව මං විභාගේ පාස් වෙනවාමයි කියලා හිතන්න පුරුදු වෙන්න.. ඔබට පුදුම හිතෙයි.. ඔබට පාඩම් කරන්න හිත පමණක් ‍නොවේ ඔබේ පරිසරයත් ඊට උචිත පරිදි වෙනස් වෙනකොට..
අපි නිතරම හිතන්නේ අසුභවාදී සිතුවිලි නිසා තමයි අපිට කරදරම එන්නේ.. විවිධ ශාරීරික රෝගාබාධ
මෙම විශ්වාස මගින් සුවකල හැකි බව ඔබ දන්නවාද?
සෑම දිනකම උදෑසන අවදිවන විට අද දින මට ප්‍රීතිමත් සාර්ථක දිනයක් තමයි.. කියලා හිතාගෙන අවදිවෙන්න.. අනිවාර්යෙන්ම ප්‍රීතිමත් හා සාර්ථක දිනයක් වෙනවාමයි.. හැබැයි මේක එක දවසක් කලාට මදි සති කීපයක් කරන්න.. මොකද නියම විශ්වාසයක් නැතිව සිතුවට මෙය සිද්ධ වෙන්නේ නෑ.. සෑම විටම මට බැරිවෙයි කියලා හිතෙන කොට …නෑ.. මට ඇයි බැරි වෙන්නේ මම උස්සහ කරලා කොහොම හරි ජය ගන්නවා කියලා අවංකවම හිතන්න.. ඔබගේ සිතුවිලි වල වල අවංක භාවය හා විශ්වාසයේ තරම අනුව සාර්ථකත්වය ඔබ සතු වෙයි.

02 June, 2017

ලංකාවේ අලුත්ම වෙඩ්න් කලාව



විවාහය කියන්නේ ඇත්තටම කෙනෙකුගේ ජීවිතයේ බොහොම වැදගත් අවස්ථාවක්. පරම්පරා ගාණක් තිස්සේ ආරක්ෂා වුණු චාරිත්‍රයක් විදිහට අපේ මුතුන් මිත්තන්ගේ සිරිත් විරිත් රැකගෙන ඉදිරියට ගෙනියන, උසාවි ගිහින් නඩු කියා ගෙන මිසක් වෙන් කරන්න බැරි නීතිමය බැඳීමක් විවාහය කියලා හඳුන්වනවා. තමන් පතාගෙන ආපු කෙනාව හරි, පතාගෙන ආවා කියලා හිතන්න පුළුවන් කෙනෙක්ව හරි ලං කර ගන්න ලැබුණාම තමයි බොහෝ දෙනා විවාහයක් කර ගන්න පෙළඹෙන්නේ.
කොහොම වුණත් අපේ මුතුන් මිත්තන්ට නම් විවාහය කියන්නේ අදහස් අතින් ගැළපෙන දෙන්නෙක් අතර ඇති වන සමාජ ආධ්‍යාත්මික බැඳීම්වලටත් එහා ගිය දෙයක්. කෙනෙක් ජීවත් වෙන එකේ ප්‍රධානම අරමුණ පවා විවාහය විදිහටයි ඔවුන් සැලකුවේ. ජීවිතයේ කරන අනිත් හැම දෙයක්ම විවාහයට යටත් කියලා ඔවුන් හිතුවේ ඒ නිසා වෙන්න ඇති. ඉතින් තරුණ වයසට පත් වුණාම විවාහයක් කර ගන්න එක ප්‍රධානම කටයුත්ත කියලා ඔවුන් එකහෙලාම කියා සිටිනවා. තරුණ වයසේ ඉන්න කෙනෙක් වෘත්තීය ජීවිතය වෙනුවෙන් හරි, උසස් අධ්‍යාපනය වෙනුවෙන් හරි විවාහය කල් දාන එක එයාලට රුස්සන්නේම නැහැ.
මේක වැඩියෙන්ම බලපාන්නේ ගැහැණු ළමයින්ට තමයි. උපාධියක් හරි, රැකියාවේ උසස් වීමක් හරි අරගෙන ආව ගමන් අහන්න ලැබෙන්නේ මේ වගේ දෙයක්: බොහොම හොඳයි, ඉතින් දැන් කසාද බඳින්න ඉන්නේ කවද්ද දුවේ? ඉතින් තරුණ වයසේ විවාහ නොවී හරි, පෙම් සම්බන්ධයක් නැතිව හරි ඉන්න එක ලංකාවේදී නම් එච්චර ලේසි වැඩක් නෙවෙයි. යන යන තැන කපුකම් කරන අය, යෝජනා ගේන අය පිරිලා. පෙරැත්ත කරලා බැරි තැන ඇනුම් පදයක් හරි කියලා කසාදයක් කරවන්න තමයි වැඩි දෙනා බලාගෙන ඉන්නේ. ඒ නිසාම කිසිදාක විවාහ මංගලෝත්සවයකට සහභාගී වී නොමැති කෙනෙක් ලංකාවේ නැති තරම්. 
අතීත විවාහ මංගලෝත්සව කෙසේ වෙතත්, වර්තමානයේ නම් මෙම උත්සව පැවැත්වීමේ අරමුණ විවාහ වීමම ද කියලා සැක හිතෙන තරමටම මේවාට විවිධාකාරයේ අලුත් අංග එකතු වී තිබෙනවා. අනික් අතට, අද කවුද ‘බඳින ජෝඩුවට’ සුබ පතන්න මගුල් ගෙදරක යන්නෙ? සමහරු නම් යන්නෙ බඩ පැලෙන තරමට කන බලාපොරොත්තුවෙන්. වයසක ඇන්ටිලා, තරුණ අක්කලා යන්නෙ තමන්ගෙ ලස්සන සාරි, තදටම මේක්-අප් කළ මූණු පෙන්නන බලාපොරොත්තුවෙන්.ඒ වගේම තරුණවියේ ඉන්න ගොඩක් ගැහැණු ළමයි වෙඩ්න් වලට යන්නේ තමන්ගේ වෙඩින් එකට ඇඩිවයිස් ගන්න. අයියලා යන්නෙ ඒ ලස්සන අක්කලාව,නංගිලව බලන්න බලන්න. එහෙම නැත්නම් අලුත් එකකට ටෝක් කරන්න. බහුතරයක් අංකල්ලා නම් මගුල් ගෙවල්වල යන්නෙ වෙරි වෙන්න.
මේ ට්‍රෙන්ඩ් එකටම මෑතකාලීනව එක්වූ නවතම විලාසිතාවක් තමයි ප්‍රී වෙඩින් ෂූට්’ එක. දෙදෙනෙක් ඉතා ඉක්මනින් විවාහ වීමට බලාපොරොත්තු වන බවට ලැබෙන පළමු ‘හින්ට්’ එක තමයි මේ ප්‍රී ෂූට් එක. විච්චූර්ණ ඇඳුම් ඇඳලා ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එකේ, ගාලු කො‍ටුවේ, නිදහස් චතුරස්‍රය අවට, එහෙමත් නැත්නම් දියත උයනෙ, එහෙමත් නැත්නම් රටට දායදයක් වූ පූජනීය ස්ථානයක ඉඳන් එක එක විකාර ඉරියව් වලට ඇඹරිලා, ලයිට් කණු බදාගෙන, ඒත් නැත්නම් මල් ගස් වටේ දුවන ගමන්, ගත් ෆොටෝස් එහෙම ෆේස්බුක් ප්‍රෝෆයිල් එකට අප්ලෝඩ් කරලා නම්, ඔන්න වෙඩින් එකක් අත ළඟ යන්න දැනුම් දීමේ අලුත්ම කලාව එහෙම නැත්නම් හින්ට් එක තමයි මේ කාලේ විවාහ වෙන්න ඉන්න කපල් අතර පේමස්ම ට්‍රෙන්ඩ් එක. ඒ නිසාම විවාහය දවසට වියදමට ඉතුරුකරගත් ඩවුරියෙන් බාගෙට බාගයක්ම වගේ මේ ප්‍රී ෂූට් එකට යට කරන්න ,මිතුරන් අතර ගැම්මක් හදාගන්න වගේම මුහුණපොතේ අලුත් අලුත් සිටුවේෂන්වලට පොටොස් හිට් කරන්න තාරුණ්‍ය නොගන්නා උත්සහයක් නැති තරම්.
මෙහෙම ප්‍රි වෙඩින් ෂූට් කරාට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ප්‍රී ෂූට් එකෙන් තමන්ගේ වත්කම, ආදරය වගේම වෙඩින් එක අත ළඟ බව අන්‍යන්ට හඟවන බොහෝ කපල් ප්‍රී ෂූට් එකෙන් පසුව එළබෙන විවාහ දිනයට ද ප්‍රථමව තමන්ගේ සබදතාවයන්ට නොවටිනාකමක් එක්කරමින් වෙන්වෙන්නට යත්න දැරීම, මිතුරන් අතර සමාජය අතර කොච්චර පේමස් වෙන්න උත්සහ දැරුවත් ආකල්පවලින්,හැගීම්වලින් තමන්ගේ ආදරය එහෙම නැත්නම් විවාහට තෝරාගත් තරුණයා හෝ තරුණිය නිවැරදිව තේරුම් නොගන් තාක් මෙවැනි සෝබන,විච්චූරණ වැඩ වලින් කිසිදු යහපතක් නොවන බවට හොඳම නිදර්ශනයයි. අන්‍යයන්ගේ අවධානය දිනාගැනීමට, තමා සතු සමාජ තත්තවයන් පෙන්වන්නට වැනි පටු ආකල්පයන්ගෙන් තොරව තමන්ගේ විවාහයට නිසි වටිනාකමක් ලබාදෙමින් යහපත් සිතුවිල්ලෙන් මතකයන් අතරට නොමැකෙන මතකයක් ලෙස විවාහයට අර්ථයක් ලබාගන්නේ නම් ප්‍රී ෂූට් එකකක් ගත්තාට ද වරදක් නැත.