1925 පෙබරවාරි 18 වැනි දා ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ උපත ලද සිරි ගුනසිංහ ලේඛනයේ දී මූර්ධජ ණ සහ ළ අක්ෂර ඉවතලමින් සිය නම භාවිත කරනු ලැබූවේ ගුණසිංහ වශයෙන් නොව ගුනසිංහ වශයෙනි.ඔහුගේ උප්පැන්නයට යොදා තිබුණේ බැරගම ආරච්චිගේ ශ්‍රියාරතන ගුණසිංහ යනුවෙනි. එහෙත් පවුලේ අයට ඔහු “සිරි” ලෙස ඇමතුවේ ය. පසුකාලීනව ඔහු භාවිත කළේත් ජනාදරයට පත් වූයේත් “සිරි ගුනසිංහ” යන නාමයයි.
මොහු ගමේ බෞද්ධ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ විසින් පවත්වාගෙන යනු ලැබූ සිංහල පාසැලකින් මූලික අධ්‍යාපනය ද අනතුරු ව රුවන්වැල්ල ප්‍රදේශයේ ද්විභාෂා පැසැලකින් ද, පසු ව ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද පාසැල් අධ්‍යාපනය ලැබී ය. ඉන් පසු (1942 දී ලංකා විශ්ව විද්‍යාලය බවට පත් කෙරුණු) යුනිවර්සිටි කොලීජියට ඇතුළත් ව සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රථම පන්තියේ සාමර්ථ්‍යයක් සහිත ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා එහි ම සංස්කෘත පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේ ය. 1970 වන තුරු (මුලින් ලංකා විශ්ව විද්‍යාලය නමින් හැඳින්වුණු) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කළ ගුනසිංහ පේරාදෙණි ගුරුකුලය වශයෙන් ජනමාධ්‍ය විසින් නාමකරණය කෙරුණු සාහිත්‍යික, විචාරක හා ශාස්ත්‍රඥ ප්‍රවණතාවට අයත් ප්‍රමුඛ චරිතයක් බවට පත් විය. 1970 සිට කැනඩාවේ පදිංචි ව සිටින සිරි ගුනසිංහ එවක පටන් එරට වික්ටෝරියා විශ්ව විද්‍යාලයෙහි කලා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කලේය.
එක්‌දහස් නවසිය පනහ හා හැට දශක වනාහි සිංහල කලා ක්‍ෂෙත්‍රයේ විප්ලවීය විපර්යාස සිදු වූ කාල වකවානුවකි. එම වකවානුවේදී සිංහල නවකතාව, කවිය හා නාට්‍යය නව මුහුණුවරක් ගත්තේ එතෙක් පැවති සම්ප්‍රදායන් බිඳ දමමින් යෝධ පියවරක් ඉදිරියට තබමිනි. මේ ක්‍ෂෙත්‍ර තුන තුළම සිරි ගුණසිංහයන්ගේ ක්‍රියාකාරීත්වය කැපී පෙනුණි
එතුමා රචිත ‘හෙවනැල්ල' නවකතාව එතුමාගේ නිර්මාණවල සන්ධිස්ථානයක් වූ අතර ආන්දෝලනයට ද තුඩු දුන් එකකි. එය ප්‍රකාශයට පත් කෙරුණේ 1960 දීය. ඉන් පසුව “මන්දාරම”, “මිරිඟුව ඇල්ලීම” පළ කෙරිණි. එතෙක් නවකතාකරුවන් නොගත් මඟක් ඔස්සේ මේ කෘති රචනා විය.
ඔහු ඉතාමත් හොඳ සිනමා අධ්‍යක්ෂවරයකු ද වන්නේය. සත්සමුදුර එතුමා අධ්‍යක්ෂණය කළ පළමු හා එකම චිත්‍රපටය වේ. “රන්වන් කරල්” ඔහු විසින් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයකි. රත්නාවලී, සඳ කිඳුරු, තුරඟා, දැන් දැන් හඬනා නාට්‍යවල අංග රචනය හා ඇඳුම් නිර්මාණකරුවාත් ඔහුයි. Sඉගිරිය, ඛස්සප’ස් Hඔමගෙ ටො ඹේඋට්ය් විශිෂ්ට කෘතියක් ලෙස සම්භාවනාවට පාත්‍ර විය. “සීගිරිය කාශ්‍යපගේ සෞන්දර්ය ප්‍රණාමය” නමින් සිංහලයෙන් පළ විය. 1995 දී ස්වාධීන රූපවාහිනියට “ගුත්තිල” දෘශ්‍ය රූප නාටකය නිර්මාණය කළ අතර යුනෙස්කෝව සඳහා බුද්ධ චරිතය පදනම් කරගෙන තිර රචනයද කළේය. රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් රැසක් නිෂ්පාදනය කළේය. සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලිපි ලිව්වේය.'අබිනික්මන' සහ 'මස් ලේ නැති ඇට' යන පද්‍ය රචනා එතුමාගේ අතින් නිර්මාණය වු ඒවාය. මෙමගින් ඔහු හඳුන්වා දුන් නිදහස් පැදි ආර පසු කාලීනව 'නිසඳැස්' කවියට පාර කැපීමක් විය. සිරි ගුණසිංහ නවකතාකරුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම කවියකු හැටියට ද සිංහල සාහිත්‍යය තුළ රැඳවූ නාමය අප්‍රතිහතයි. එපමණක් ද නොව සිරි ගුනසිංහයන් ගේ ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ලිපි නාමාවලිය ඉතා දිගු එකකි දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ සුවිශේෂි සම්පත් දායකයකු ලෙසින් සිරි ගුනසිංහයන් හැඳින්විය හැකිය. මෙලෙස දෙස් විදෙස් පතලව සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ නොමැකෙන මතක සටහන් තැබූ සිරි ගුණසිංහයන් 2017 මැයි 25 වන දින අභාවප්‍රාප්ත වූයේ ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයට පතාක යෝධයකුගේ තවත් අහිමිවීමක් සනිටුහන් කරලමිනි.
Ath noharinna.. akura.. in obata jayama lebei yaluwa...
ReplyDeletethanks manori
Delete