මිනිස්සු රස්සාවක් කිරීමේ ප්‍රධානම පරමාර්ථය වෙන්නෙ
මුදල් ඉපයීම. ආත්ම තෘප්තිය පදනම් කරගෙන රස්සාව කරන අය හිටියත් ඒ ප්‍රතිශතය සාපේක්ෂව
අවමයි.ලෝකෙ වගේම ශ්‍රී ලංකාවෙත් විවිධාකාරවූ රස්සාවල් තියෙනවා. ශ්‍රී ලංකාවේ තවමත්
රස්සාවේ තත්ත්වය සැලකෙනවාග. ඒ වගේම රැකියාවේ තත්ත්වය සමාජ තත්වයට සෘජුවම බලපානවා.
කොළඹ කියන්නේ තැනක් නොතැනක් නොමැති හිඟන මිනිසුන්ගේ
තෝතැන්නක් වගේ. දිනකට කොළඹට සේන්දුවෙන සංචාරකයින් වගේම දේශය විදේශිය ජනතාවගෙන් ද සංකීර්ණවන
කොළඹ නඟරය ධානපතියන්ගේ ද කෝෂ්දාගාරයකි. ඉතින් මේ නිසාම රැකියාව හිඟමන කරගත් බොහෝ පුද්ගලයන්ගේ
ප්‍රධාන මූල්‍යමය කේන්ද්‍රස්ථානයත් කොළඹ නඟරයයි.හිඟන රස්සාව සැලකෙන්නෙ අසම්මත රැකියාවක්
විදිහට. හිඟමනේ යාම කොහෙත්ම වැදගත් රස්සාවක් හැටියට වත් අඩුම තරමෙ රස්සාවක් හැටියට
වත් සැලකෙන්නෙ නැති වුණාට හිඟමන රස්සාව කරගත්ත මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ මිනිස්සුන්
ගේ තත්ත්වය බැලුවම පාරෙ ඉන්න බල්ලොන්ට වඩා කොයි කරම් අහිංසකද හරියට කන්නවත් නැතිව අපාදුක්
විදිනවා? බල්ලො නම් කුණු බාල්දියක් හරි පෙරලගෙන කනව.හිඟන්නන්ට
ඒ විධියටවත් කිසිම පිළිසරණක් නෑනෙග. ˜අනේ පව්” මානසිකත්වයක නිසාම මඟදි දකින හැම
හිගන කෙනෙකුටම කාසි මිට මෙලවීම පුරුද්දක් බොහෝ දෙනෙකුට තියෙනවාග.ඒ පුරුද්ද කරුණාවන්ත
බවේ ලක්ෂණයක් හැටියට දකින්නත් පුළුවන්. සමහර විට ඇත්තම කාරණෙත් ඒක වෙන්න පුළුවන්.ඒ
නිසාම හිඟන අය කියන්නෙ අපි විසින් මුදල් සහ ආහාර ලබාදිය යුතු පිරිසක් විදිහට සැලකීමට
බොහෝ දෙනෙක් පුරුදුවෙලා.ඒ වගේම ඒ අයට ජීවත්වෙන්න වෙන මොනම ක්‍රමයක්වත් නැති බවත් බොහෝ
දෙනෙක්ගේ සිතුවිල්ලයි.
නමුත් පවතින ගැටලු නම් ඇත්ත හිඟමන සහ බොරු හිඟමන
වෙන්කර හදුනා ගැනීමේ අපහසුතාවයයි.අතපය හතරම හොඳට තියෙන කිසිදු ශාරීරික අඩුපාඩුවක් නැති
මිනිස්සු පිනට සල්ලි ඉල්ලන්නේ ඇයි කියලා මට තේරුම් ගන්න අමාරුයි. මොළේ කලදක්ම නැති
වුණත් අත්පයවලින් විතරක් මුදලක් හරි හම්බ කරගැනීමේ හැකියාව හැම මනුස්සයෙකුටම තියෙනවා.
ඒත් අවාසනාවන්ත කමකට හන්දියක් හන්දියක් ගානේ ඉදගෙන සල්ලි ඉල්ලන්නෙත් මහපාරවල ට්‍රැෆික් එකේ නවත්තලා තියෙන වාහනවල ඉස්සරහට
පැනලා දිවිනසා ගැනීමේ සම්භාවිතාවක් උද්ගතකරමින් හිඟමන් යදින්නෙත් සියලු ශාරීරික හැකියාවන්ගෙන්
සම්පූර්ණ මිනිස්සු. ඒ අතුරින් තමන් විසින් ශාරීරික දුබල කම් ඇතිකරගන්න අය වගේම කුඩා
දරුවන් යොදැගනිමින් හිඟමනෙන් ආදායම් උපයන්නන් ද ඇතැම්හු තම සටකපටකමත් අලසකමත් නිසා
මෙම ජීවන වෘත්තියේ නිරතවීම නිරන්තතරයෙන් දකින්නට ලැබෙනවාග.කෙසේ වෙතත් අද වන විට මේ
යාචකයින් සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම වලින් ඔබ්බට ගොස් නවීන ක්‍රම භාවිත කිරීමට
පෙළඹිලා. විශේෂයෙන් අද වන විට ඔවුහු යාචකයින් ලෙස හඳුන්වා දීමටත් මැලිකමක් දක්වති.
මේ අතර ඉන්නවා සැබවින් ම හිඟමන් යදින්නට සුදුසුකම්
ලද මිනිස්සුග උපතින් ම තමන්ගේ ශරීරාංග අහිමි වුණුල එහෙමත් නැත්නම් හදිසි අනතුරකින්
සිරුරේ කොටස් අහිමි වුණු මිනිස්සු.නමුත් අපූර්වත්වය වන්නේ මෙවන් මිනිසුන්ගෙන් බහුතරයක්
හිඟමන් නොයැදීමයි. නමුත් රැකියාව හිඟමන කරගත් බොරුකාරයන් නිසාවෙන් අසරණයන් වන්නේ ද
මේ පිරිසයි.
සුභපැතුම්
ReplyDeletethanks
ReplyDeleteබොහෝම හොඳයි දිගටම ලියන්න උණුසුම් සුබ පැතුම්
ReplyDelete