කියුබාව පිහිටා තිබෙන්නේ
ලෝක පොලිස් කාරයා මෙන්ම ධනවාදයේ ලොකු අයියා වන ඇමරිකාවේ දොරකඩ ය. එනයින් පිදෙල් ක්‍රස්ත්‍රො
ඇමරිකානු නායකයන්ට සදාකාලිකවම ඇහේ ඇනෙන කටුවක් බවට පත්වී සිටියේ ය. ඇමරිකාව හා
ෆිදෙල් අතර සැමදා පැවතියේ දඩයක්කාරයා සහ දඩයම අතර තිබෙන සම්බන්ධයයි.
ෆිදෙල් යනු ධනවාදයේ පරම
සතුරෙකි.ඇමරිකානු ජනාධිපතිවරු එකොලොස් දෙනෙකුට මහත් හිසරදයක් වූ මේ විප්ලවීය
නායකයා ඝාතනය කිරීමට වෙරදැරූ වාර ගණන 600 වතාවකට ද වඩා වැඩිය. 1926 කියුබාවේ ඔරියන්වේ ප්‍රදේශයේ උපත ලබා අඩසියවසක්
කියුබාව පාලනය කරමින් ලොව වැඩිම කලක් රාජ්‍ය නායකයෙකු වශයෙන් කටයුතු කළ මොහු ලොව
බිහිවූ විශිෂ්ට යුග පුර්ෂයෙකි.
දේශපාලන විග්රහයන්ට
අනුව ෆිදෙල් ක්රස්ත්රෝ යනු කොම්රේඩි කෙනෙකි. රැුඩිකල්වාදී තාරුණ්‍යට ඔහු
විප්ලවයේ සළකුණකි. සාමාන්‍ය ලෝකයට නම් ඔහු සැමදා වීරයෙක්ම ය. කස්ත්‍රො මෙලොවින්
සමුගත්ත ද පතල ලෝකවාසි මිනිසුන් වෙනුවෙන් ඔහු කල මෙහෙය ඔහුගේ නායකත්වය යටතේ ලැබුන
අත්දැකීම් ඔහු පිළිබද මතකය සදා අමරණීය කරනු
ඇත.
No comments:
Post a Comment