නත්තල් යනු නතාල් යන වචනයෙන් බිඳී ආවකි. එය
ලතින් භාෂාවේ වචනයකි. එහි අරුත උපත සැමරුමයි. ක්‍රිස්මස් යනු christ-massක්රයිස්ට් මාස් හෙවත් ක්‍රිස්තුස්ගේ පුජාව
යන අරුතෙන් සැදුනකි. සරලවම කතෝලික ආගමේ එන ශාස්තෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුන්
වහන්සේගේ උත්පත්තිය යි. ලොව පළමුවරට නිල වශයෙන් නත්තල් උත්සවයක් පවත්වන ලද්දේ
ඇමරිකාවේ ඇල්බාමා නගරයේය. ඒ 1836 වසරේදීය.
ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත යනු ලෝ වාසී සැමට සාමය, සතුට ගෙනෙන ශුද්ධවත් කාලයක් ලෙස කතෝලික
බැතිමතුන් විසින් සලකනු ලැබේ.
‘සිහිපත් කිරීම ‘ කිතුනු බැතිමතුන් නත්තල
සමරන ප්‍රධාන මාර්ගයකි. ක්‍රිස්තියානි සභාව ජේසු තුමන්ගේ උපන් දිනය උදාවනතුරු,
සූදානම් වීමේ කාලය තුළ,
විවිධ ආගමික කටයුතුවල
නිරත වේ. කුඩා ළමුන්මෙන් ම වැඩිහිටි කිතුනු ජනතාව ද ක්‍රිස්තු තුමන්ගේ උපත සිහිපත්
කෙරෙන නාට්‍ය රඟ දැක්වීමේ සහ නත්තල් කැරොල් ගීත (christmas carols)ගායනා කිරීම සිදු කරති. මේ කාලයට සෑම
කිතුණු නිවෙසකම ජේසු තුමන්ඉපදුණු ගවලෙන සහ අදාළ චරිත කලාත්මක ප්‍රතිරූපවලින්
නිරූපණය කෙරෙන අතර මෙම ප්රතිරූප අතරින් ජේසු තුමන් බැලීමට පැමිණි රජ තුන් කට්ටුවට
ද වැදගත් ස්ථානයක් හිමි වේ. එසේම විවිධ සැරසිලි මෙම නත්තල් සමය තුළ දැක ගැනීමට
හැකි වේ. ඒ අතරින් නත්තල් ගස ප්‍රධාන ස්ථානයක් ගනි.
නත්තල් සීයා යනු නත්තලේ විශේෂ චරිතය කි. අප
අද නත්තලේදී දකින නත්තල් සීයා බිහිවීමට මූලාරම්භය සපයා තිබෙන්නේ ක්‍රි. ව. තුන්වන
සියවසේදී තුර්කියේ මයිරා නගරයේ විසූ ශාන්ත නිකුලස් තුමාගේ කරුණාවන්ත බව සහ ත්‍යාගශීලි
බවයි.එතුමා විසූ ප්‍රදේශයේ සිය ගැහැණු දරුවන් විවාහ කරදීමට මුදල් නොමැතිව අසරණ වූ
දිළිඳු මිනිසෙකුට උපකාර කිරීමට ශාන්ත නිකුලස් තුමා රන්කාසි මලු තුනක් රාත්‍රි
තුනකදි එම දිළිඳු මිනිසාගේ නිවස තුළට චිමිනිය තුළින් දැමුවේය. එම මුදලින් දිළිඳු
මිනිසා සිය දියණියන් විවාහ කර දුන් බව ජනප්රවාදයේ පැවසෙයි. නමුත් අද නත්තල් සීයා
වෙළඳ භාණ්ඩයක් බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි.
ක්‍රිස්තුස් වහන්සේගේ ධරමය නම් ප්‍රේමය ය.
එම නිසා නත්තල යනු සාමයේ සමය ලෙස ද හැඳින්විය හැකිය. ප්‍රේමය හා සාමය බෙදාගැනීමේ
මංගල්‍යය වන නත්තලේ සැබෑ කිතු උපත සිදුවන්නේ නිහතමානි ආදරවන්ත සිත් තුල පමණි.එය
එසේ නම් සැමදා අප සමරන්නේ සැබෑ නත්තල් දිනයක් මය.
No comments:
Post a Comment