ජනතාව දරිද්‍රතාවයෙන්
මිදුණු,ඔවුන්ගේ
මූලික අවශතාවයන් නිසි ලෙස සම්පූර්ණන වූත්,භෞතික
මෙන්ම ආධ්‍යාත්මිකව ද සමතුලිතව තෘප්තිමත් සමාජයක් ගොඩ නැගීම සංවර්ධනය ලෙස
හැදින්විය හැකිය.
ප‍්‍රජාව රට සහ
ලෝකය තුළ පවත්නා සිද්ධීන්,
අවස්ථා ,අනතුරු
සහ වෙනස්කම් ජනතාවට දක්වමින් දැනුම ව්‍යාප්ත කරලීම,ජාතික සහ ප‍්‍රජා ප‍්‍රශ්න විසදාලමින් වඩා යහපත් සාර්ථක
ජීවිතයක් ගත කිරීම සඳහා
ජනතාවට අවශ්‍ය හැකියාවන් සහ ආකල්ප හඳුන්වාදෙමින් පොදු සමාජීය එකඟත්වයට අවශ්‍යය
පදනම බිහිකිරිම සංවර්ධනයේ අරමුණයි.
සංවර්ධනය අඩාල
වීම උදෙසා සාර්ව ආර්ථික අස්ථායිතාවය,දේශපාලන
අස්ථාවරතාවය, දුර්වල
යටිතල පහසුකම්, මූල්‍ය
පහසුකම් ලබාගැනීමේ ඉඩකඩ සීමා වීම,
පුහුණු ශ‍්‍රමයේ හිඟකම,
වෙළඳපොල පිහිටුවීමේ සීමාකම්,අධික
පිරිවැය, ශ‍්‍රම
වෙළඳපොලේ පවත්නා දෘඩ තාවයන් ප‍්‍රබල බලපෑම් සිදුකරයි.මේ හේතුවෙන් අද වන විට අධ්‍යයනය
විෂයක්ෂේත‍්‍රය තුළ සංවර්ධනය පුලුල් ලෙස සාකච්ජාවට බඳුන්වන ප‍්‍රස්තූතයක්ව
ඇත.එහිදි බුදු දහම හා සංවර්ධය යන්න ද විශේෂතවේ.බුදු දහම තුළ,
ධ ෙනා්පාර්ජනය
ධනවිශර්ජනය ලෙසින්
පෙන්වාදෙනුයේ පුද්ගලයකු ධනය ඉපයීමේ දී මෙන්ම ධනය පරිහරණයේ දී සමාජයය තුළ
ජිවත්වීමටත් අවශ්‍යතා ඉටුකරගැනීමටත් ප‍්‍රමාණවත් ධනයක් පැවැත්ම සඳහා හැසිරිය යුතු
ආකාරය හා ඒ සඳහා ශ‍්‍රමය වැය කල යුතු ආකාරය වශයෙනි.මෙහිදී ධාර්මික බවට හා
අවිහිංසාවාදී බවට මූලිකත්වය ලබා දී ඇත. ඒ අනුව උපයන ධනය ධාර්මික වීමට නම් එය අංග 03 කින් සමන්විත
විය යුතු බව ව්‍යග්ගපජ්ජ සූත‍්‍රයේ දැක්වේ.
”උට්ඨාන
විරියාදි ගතේහී භාහා බල පරිචිතේහි සේදාවක්ඛත්තේහි ධම්මකේහි ධම්ම ලද්දේහී”
උඨිටාන වීර්යෙයන් දැතේ දෙපයේ ශක්තියෙන් දහඩිය හෙලන සිරුරෙන් යුතුව උපයන ධනය දැහැමි ධනයක් වේ. වත්මන්
සමාජ ලාභය තර කරගැනීමේ සටනක නිරතවන දූෂිතයන්ගෙන් සැදුම් ලද්දක්ව ඇති අතර මෙවන්
සමාජයක සංවර්ධනයක් සිදුවුව ද එය වලංගු වනුයේ භෞතික සංවර්ධනයට පමණක් වන අතර ආධ්‍යාත්මික සංවර්ධනය පිරිහීම නිතැතින් සිදුවේ.
එමෙන්ම ,
”න
අත්ත හේතු න පරස්ස හේතු
න පුත්ත
මිච්ඡේන ධනං නරට්ඨං”
තමාට හෝ තම අඹු
දරුවන් වෙනුවෙන් හෝ අනුන් වෙනුවෙන් හෝ අයුක්තියෙන් අසාධාරණයෙන් උපයන සුළු ධනයක්
පමණක් නොව රටක් රාජ්‍යක් ලැබුනද අධාර්මික බව ධම්ම පදයෙන් බුදුරදුන් පෙන්වා දී
ඇත.දියුණුවේ මංපෙත් විවර කරමින් ඉදිරියට යන සියල්ලන්ට ම ධම්ම පදය සරල මඟ පෙන්වීම් සපයයි. සංවර්ධනය සඳහා මෙලෙස ක‍්‍රියාකරලීම ඉතා වැදගත්ය.
සිගාලෝවාද සූත‍්‍රයේදී
ද ධාර්මිකව ධනය ඉපයිය යුතු ආකාරය හා උපයාගත් ධනය රැස්කලයුතු ආකාරය ද
පෙන්වාදෙනුයේ සමස්ත සමාජයටම උපදේශ සපයමිනි.ඒ,
”භෝගේ
සංහර මානස්ස
බමරස්සේව
ඉරියතේ
භෝගා සංනිච යං
යන්ති
වම්මිකෝ චූ
චීයතේ”
බඹරා මලින් මලට
ගොස් එහි වර්ණයටත් සුවඳටත් හානියක් නොකොට රොන්ගෙන වදයක් බඳින්නාක් මෙන් කිසිවෙකුටත්
හිරිහැරයක් නොවන පරිදි දැහැමිව ධනය උපයාගත යුතුය. වේයා පස් ස්වල්පය බැඟින් ගෙන
විශාල තුඹසක් බඳින්නාක් මෙන් ධනයද ටිකෙන් ටික එකතුකර විශාල ධනයක් කරගත යුතුය. එකවර
කෝටිපතියෙක් වීම බුදුදහම අගය නොකරයි.සමාජක් පමණක් නොව පුද්ගල ජීවිතය සංවර්ධනයේ දී
මෙලෙසින් කටයුතු කරලීම සංවර්ධිත රටටකට පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින රටටකට වූවද
ඉතා කාලෝචිතය.
බුදුහු
ධාර්මිකව ධනෝපාර්ජනය කල යුතු අයුරු එනම් දැහැම් ධනෝපායන මාර්ග රැසක් පෙන්වාදී
ඇත.ඒ අතුරින් ,
කෘෂිකර්මාන්තය
දැහැම් වෙළදාම
අවංක රාජ්‍ය
සේවය
ස්වයං රුකියා
හමුදා සේවය
අධ්‍යාපනය ලබා
දීම යනාදිය එහිදී කැපී පෙනේ. මෙමඟින් වූවවද රටක සංවර්ධනය උදෙසා ලබාගත හැකි
දායකත්වය ඉහමත්ය.යහපත් දර්ශනයකින් කටයුතු කරලන පිරිසකගේ දැක්ම මෙමඟින් නිර්මාණය
කරගත හැකිය. ව්‍යාපරයක් පවත්වාගෙන යන්නනෙකු වූව ද එය
”ව්‍යාපාර
සබ්බ භූතානං
සුඛත්තාය
විධීයරේ”
ව්‍යාපාරයක්
හෙවත් වෙළදාම වූ කලී මිනිසාගේ යහපත පිණිස මිස සූරාකෑම පිණිස නොවන්නක් ලෙස
පවත්වාගෙන යාම ඉතා වැදගත්ය.එහිදි සදාචාරසම්පන්න භාවය පිළිබඳ අවධානය යොමු කරලමින් අධාර්මික
වෙළදාමින් ඈත්ව වෙළදාමේදී අනුගමනය නොකළ යුතු අයතා ක‍්‍රම හෙවත් කංසකූට, මානකූට, තුලා කූට, චංචනක ,අල්ලස් ගැනීම
සිදුනොකල යුතුය.මෙලෙස කටයුතු කරලීම තුළ විශ්වසනීයත්වය එකිනෙකා අතර ගොඩනැගෙමින්
සාමූහිකව ඉදිරියට යන සංවර්ධන ඉලක්කයන් සපුරාගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
සංවර්ධන ක‍්‍රියාවලියේ
දී ධනෝපාර්ජනය විෂයහි පමණක් නොව ධනවිශර්ජනය පිළිබ`දව ද අවධානය යොමු කරලීම ඉතා වැදගත් බව බුදුදහම පෙන්වා
දෙයි. ධන විශර්ජනය යනු ධනය වැය කරලීමයි.එම`ගින්
ඵලදායී සංවර්ධන ඉලක්කයන් ලඟාකරගැනීමටත් සපුරාගැනීමටත් සමස්තයක් ලෙස කුමන ක්ෂේත‍්‍රයක
නිරත පුද්ගලයකුට වූවද හැකියාව ලැබෙනු ඇත.වයග්ගපජ්ජ සූත‍්‍රයේ සඳහන් පරිදි
පුද්ගලයකුගේ දියුණුවට ආරක්ඛන සම්පදාව හා සමජිවිකතාවය ඉතා වැදගත් අතර එහිදි
මත්ද්‍රව්‍ය
භාවිතය
අවේලාවේ
වීදී සංචාරය
සමජ්ජාභිචරණය
දූ කෙලිය
පාප
මිත‍්‍ර සේවනය
අලසකම
ආදීයෙන් වූ භෝග
විනාශ මුඛයන්ට ගොදුරුනොවී කටයුතු කරලීම සමස්ත ලෝකයාටම සමාජීය දියුණුවට ආධ්‍යාත්මික
සංවර්ධනට ඉතා වැදගත්ය.එපමණක් ද නොව ධනවිශර්ජනයේ දී,
”අයංච
භෝගංච විදිත්වා
වයංඡු භොගංච
විදිත්වා සමජීවිකතා....” අය වැය දෙක සමබරව පවත්වාගෙන යාම ඉතා වැදගත්ය.එසේ වූවද සිගාලෝවාද සූත්‍රෙයේ සඳහන්
පරිදි යම් පුද්ගලයකු ධනය වැයකරලීමේදී උදුම්බරකාදිත
හෙවත් අතු සොලවා දිවුල් කන්නෙකු සේ අනාගතය ගැන නොසිතා ධනය වැය නොකළ යුතු බවත් අජද්දෝ මාරික ක‍්‍රමය
එනම් නොකා නොබි නොදී ඉතා සුලූවේ වියදම් කරලීමත් නිසි සංවර්ධන ඉලක්කයන් සපුරාගැනීමට
නොහැකි වීම විෂයෙහි බලපානු ලැබේ. නමුත් ධනය වැය කරලීමේදි
”ඒකේන
භෝගේ භුඤ්ඤෙය
ද්වීහිකම්මං
පයෝජයේ
චතුත්තංච
නිදාපෙයිය
ආපදා සූ
භවිස්සති”
උපයාගත් ධනයෙන්
1/4 ක්
පරිභෝජනය සඳහාද 2/4 ක්
ආයෝජනය සඳහාත් එහිදි තමන් කිසියම් වෘත්තියක යෙදීමෙන් ධනය උපයාගන්නේ නම් එම වෘත්තියේ
දියුණුව උදෙසා වැඩි මුදලක් වෙන්කල යුතුය.එවිට ආයෝජනය වර්ධනය වේ. 1/4 ක් ආපදවක්
පැමිණි විට ගැනීම සඳහා තැන්පත්කොට තැබිය යුතුය.
සාර්ථකත්වයේ මං
පෙත් විවර කරලමින් සංවර්ධනයේ ඉලක්කයන් ජයගනිමින් දිනෙන් දින අලූත්වන ලෝකයකට මුව
විවර කරලන සමස්ත ලෝක ප‍්‍රජාවම බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගත ඉහත සඳහන් කරුණු පිළිබඳ
අවධානය යොමු කරලන්නේ නම් රාජ්‍ය,ප‍්‍රාදේශය
වශයෙන් වූ විශමතා අඩු කරගනිමින් ඩබිලවි. සියර් නමැති විද්වතා ප‍්‍රස්තූත කරලන
දරිද්‍රතාව,සාක්ෂරඥානයේ
පහත් මට්ටම,විරැුකියාව
සහ සමාජයීය අසමානතාව යනාදී පීඩාවලින් තොරවූ සංවර්ධනය වන්නාවූ රටක් උදෙසා පදනම
සකස්කරගැනීමට හැකියාව ලබෙනු නොඅනුමානය.රටක සංවර්ධය යනුවෙන් බලාපොරොත්තු වනුයේ ද
හුදෙක් අල බතල හිටවීම නොව.රටේ ඌරුව සොයා විසමා දැනගෙන ඒ ඌරුව වගා කරලීමයි. මේ සඳහා
මාර්ගෝපදේශනයක් බුදුදහමින් ද ලබාගත හැකිවනු නොඅනුමානය.
No comments:
Post a Comment