සිරුරු බස මගින් අදහස් ප්‍රකාශ කිරීමේදී
අවයව කිහිපයක් එකතුකර ගැනීම බොහෝ විට සිදුවේ. මුහුණු, අත්, ආදිය සම්බන්ධ කරගෙන භාෂාත්මක බවක් ආරෝපණය
කරගන්නා අවස්ථා මේ අතර බහුලය.දකින්නට අකමැති දෙයක් දුටු විට දෙනෙත් වසා ගැනීමට
යොමුවේ.අසන්නට අකමැති දෙයක් නම් දෙකන් වසා ගනී. මෙපරිදි ඉන්ද්‍රියන්ට සම වැදෙන යම්
යම් දෑ සම්බන්ධයෙන් වචනයෙන් තොරව අදහස් පලකරන අවස්ථා බහුලය. එය ශරීර අවයව
මාර්ගයෙන් කරන නිර්වාචික සන්නිවේදනයකි.
හිතේ ඇති දෙයක් කිටින් පිට නොකළ යුතු
අවස්ථාක, තමා නොදැකීම
එවැනි දෙයක් පෙන්වීමට යන්තම් තම අත්ලෙන් කට වසා ගැනීම, මෙම ඉරියව් බොහෝ දුරට කුඩා දරුවන් තුළින්
හෙලිවේ. කුඩා දරුවන් තරමටම බොරුවක් කීමට යන අවස්ථාවකදී වැඩිහිටියන් මුව වැසෙන ලෙස
ඇඟලි රඳවාගෙන මා පට ඇඟිල්ල කම්මුල
දෙසට යවයි. මිනිස් හැසිරීම් පිළිබඳ අධ්‍යයනයක යෙදී ඇති ආචාර්ය ඩෙස්මන් මොමිස්
දක්වන ආකාරයට මාට ඇඟිල්ල එසේ කම්මුල දෙසට තෙරපනු ලබන්නේ මොළයෙන්
දෙන අතුරු සංඥාවක් නිසාය. පිට කරන්නට යන චචනය නුසුදුසු බව දන්නා නිසා එම වදන්
පිටවීම අසීරු කරවනු පිණිස මෙසේ මහපට ඇඟිල්ලෙන් කම්මුල තදකර ගන්නා බව ඔහුගේ අදහස
වේ.බොරු කියන විට බොරු කැස්සක් ඇති කර ගැනීමද සිදුකරයි.යමෙක් යම් බොරුවක් පිට කරන
විට ඔහුට සවන් දෙන ග්රාහකයා මුව වසා ගන්නේ නම්, තම සන්නිවේදකයා කියන දෙය බොරුවක් බව ග්රාහකයා
වටහාගත් බව අඟවයි.
පන්ති කාමරයකදී සිසුන් තමන්ට අදහස් පල කිරීමට
අවශ්‍ය වූ විටෙක අත ඉහළට ඔසවයි. ඇතැම් විට ඒ සමඟම එය අනවශ්‍ය
බව හැඟුණහොත් එසවූ අත එකෙනෙහිම හිස කැසීමකට
පරිවර්ථනය කරයි. අනෙක් තැනැත්තා කියන දෙයක් තමන් එකඟ නොවන බව
පෙන්වීමට සමහරෙක් අතේ දඹරැඟිල්ලෙන් කනට පහලින් බෙල්ල කිහිප වාරයක් කසයි.යමෙක් යමක්
පිළිබඳව කල්පනාවේ යෙදී සිටින විට නහයට පහළින් උඩු
රැවුල කොටසේ දඹරඟිල්ල හිටින සේ අත මුවට තම ගෙල සම`ග හිස මදක් නමාගෙන සිටි. යම් වික්ෂිප්ත බවත්
නොසන්සුන් බවක් ඇති වූ විට නළල රැළි ගන්වාගෙන නළලතට එක අතක් හෝ අත් දෙකම තබාගෙන
සිටියි. දත්වලින් තොල් සපයි.
අතවනා යමෙකුට ඇමතීම අපි නිතර දකිමු. හිස
දෙපසට වනා එය අනෙකා ප්‍රතික්ෂේප කරයි.ඔබ එනවා ද යනුවෙන් කිසිවකු ඇසුවහොත් මුවින්
හඬ නිකුත් නොකර එය අනුමත කිරිමට හිස ඉදිරියට
හා පසුපසට වනයි.දැත උපයෝගයෙන් සිදුකරන සන්නිවේදනමය තත්ත්වයන් බොහෝමයකි. ඇඟිලි මගින් සංඛ්‍යා
පෙන්වීම අත මිට මොළවා තරමක් උඩ බලා මාපට ඇඟිල්ල මුව තුළට
යොමුකර ජලය අවශ්‍ය බව ප්‍රකාශ කරයි.දුර සිටින අයෙකු සමග තොරතුරු හුවමාරුවේදී බොහෝ
දුරට ශරීර භාෂාව අවශ්‍ය වේ. කුඩා දරුවන් නොව වැඩිහියිටකු පවා යමකට දක්වන කැමැත්ත
අකමැත්ත මුහුණෙන් ඉරියව් මගින්ම හඳුනාගත හැකිය.
කතා කිරීමට නොහැකි ගොළු උදවිය තම සන්නිවේදනය
සිදුකරන්නේ අංග චලනය තුළින්ම පමණි. එහිදි ඔවුන් ඊට විශේෂ හැකියාවක් දක්වයි.කෙනෙකු
සිනාසෙන ස්වරූපයෙන් එය ඇත්ත්ටම ලෙන්ගතු සිනාසීමක් ද? අපහසුවෙන් කරන සිනාසීමක් ද අවඥාවට කරන එකක්
ද යන්න අවබෝධ කරගත හැකිය.බොහෝ විට ක්‍රීඩා කටයුතු වලදී විනිසුරුවන් ශරීර අංග චලනය
හරහා තීරණ ලබා දේ. විශේෂයෙන් ම ඊට දෑත උපයෝගීකර ගනී. සංඥාවන් හුරු කිරිම හරහා යමක්
කෙටි කාලයක් තුළ පහසුවෙන් අවබෝධ කරවීමේ හැකියාව පවති.
No comments:
Post a Comment