සංස්කෘතියේ
පවත්නා මිශ‍්‍රවීම අන්තර් සංස්කෘතිය ලෙස හැඳින්විය හැකිය. මෙහි බලපෑම විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ උද්දීපනය
වේ. ඒ අතර ලාංකීය මෙන්ම
ලෝක ඉතිහාසය තුළ සමාජමය තත්ත්වයන් මිශ‍්‍රණය වීම පිළිඹිබු කරන්නක් ලෙස විත‍්‍ර ,මූර්ති ,කැටයම් කලාව පෙන්වාදිය හැකිය. මෙහි පවත්නා විශේෂතාවය නම් සම්ප‍්‍රදායික වූ
සමාජ විවරණයක් සැපයීමට යොදාගත හැකි වීමයි.ලාංකීය සමාජය
ගත්කළ ඓතිහාසිකව වූ රාජධානි මාරුවීමත් සමඟ වූ විපර්යාසයන් එවකට බිහිවූ චිත‍්‍ර,
මූර්ති, කැටයම් කලාව තුළින් මැනවින් ගම්‍යමාන වේ. අනුරාධපුර යුගය පිළිබඳ විමසාබැලීමේ දී ප‍්‍රථමයෙන්ම සීගිරිය
පෙන්වාදිය හැකිය. ක්රි.ව 5 වන සියවසේ දී කාශ්‍යප රජු විසින් නිර්මාණය
කරන ලද මෙය බලකොටුවක් ලෙස පිළිගැනුණ ද එහි ඇඳි චිත‍්‍ර නිසා විශ්ව කීර්තියට පත්ව ඇත. සිතුවම් අතර වූ
සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප තේමා කරගත් චිත‍්‍ර සමූහය එදා සිටි ප‍්‍රතිභා පූර්ණ
චිත‍්‍ර ශිල්පියාගේ නිර්මාණශීලී හැකියාව මෙන්ම මිශ‍්‍රණය වූ සමාජ පසුබිම පිළිබ`ද ඉ`ගි සපයයි. එපමණක්ද නොව ප්‍රෙස්කෝබුවනෝ හෙවත් තෙත බදාම
වියලීමට පෙර ඒ මත ඇදි චිත‍්‍ර දියුණු ශිල්පීය ක‍්‍රම භාවිතය පිළිබඳ ඉඟි සපයයි.
මිහිදු
මහරහතුන් ලක්දිවට වැඩම කළ පසු මහරහතුන්ගෙන් බණ අසා පැවදි බව ලබාගත් අරිට්ඨ කුමරු
ඇතුලූ ඉසුරු කුල දරුවන් 500 ක් දෙනා
වැඩසිටි ස්ථානය සිහිවන්නට දේවානම්පියතිස්ස රජු විසින් ඉදි කරවන ලද ඉසුරුමුණි
විහාරය ශ‍්‍රි ලංකාව තුළ ඉදි වූ ප‍්‍රථම විහාරස්ථානය වනවා පමණක් නොව ලෞකික තේමාව
පදනම් ව මානව රූප සම්පින්ඩනය කරලමින් සාදන ලද කැටයම් සහිත වූවක් ලෙස ද ප‍්‍රකටය. මෙහි ඇති කැටයම් අතර,
පෙම් යුවල
කැයටම
රජ වාසල කැටයම
මිනිසා සහ
අශ්ව හිස කැටයම
ඇත් රූප කැටයම
දියුණු කැටයම්
ශිල්පයක ලක්ෂණ මෙන්ම විවිධ සංස්කෘතීන් තුළින් උකහාගත් අන්තර් සංස්කෘතික ලක්ෂණ
පිළිඹිබු කරලයි. එහිදී දකුණු
ඉන්දීය හින්දු ආගමික සංකල්පය හා පල්ලව ආභාෂය කැපී පෙනේ.යුග නියෝජනය
කරලන සඳකඩ පහන කැටයම
ද පූජනීය ස්ථානයකට පිවිසෙන පඩිපෙල පාමුල පිහිටුවා ඇති අර්ධ කවාකාර කැටයමක් වන අතර
මිනිස් ජීවිතයේ යථා ස්වරූපය, ස්වභාවය මෙන්ම
ඒ ඒ යුගයන් හී පවත්නා විශේෂතා සංස්කෘතික මිශ‍්‍රණය වීම් තුළ වූ බලපෑම් පිළිඹිබු
කරලයි. මේ නිසාවෙන් ම
අනුරාධපුර යුගයේ සඳකඩ පහණ
තුළින් පොළොන්නරු යුගයට රාජධානි මාරුවීමත් සමඟ එහි සඳකඩ පහණින් ගවයා ඉවත් වීමත් මහනුවර යුගය වන
විට හැඩතල සහිත සඳකඩ පහණ්
නිර්මාණය වීමත් සිදුවිය. අනුරාධපුර
යුගයේ නිර්මිත ප‍්‍රතිමා පිළිබඳව අවධානය
යොමු කිරීමේ දී බුද්ධ ප‍්‍රතිමා කලාව සඳහා හිමිවන්නේ ද මූලික ස්ථානයකි. එහිදි සමාධි බුද්ධ ප‍්‍රතිමාව ,අවුකන බුදු පිළිමය හා තොලූවිල පිළිමය මූලික
වන අතර මේ නිර්මාණයන් තුළ පවතිනුයේ ද මිශ‍්‍රණයකි.
මහසෙන් රජු
දවස කලූගල් මාධ්‍යයයෙන් නිමවන ලද සමාධි බුදු පිළිමය බුදුන්ගේ මහා කරුණාව ජනිත
කරවන්නා සේම එහි ලක්ෂණයන් ඉන්දීය ගුප්ත කලාව හෙළිපෙහෙළි කරලීමට සමත්ය. ධාතුසේන රජු දවස පූර්ණ උන්නත් ක‍්‍රමය ඔස්සේ
නිර්මිත අවුකන බුදු පිළිමය ද අනුරාධපුර යුගයේ මූර්ති කැටයම් ශිල්පියාගේ දක්ෂතාවය
මෙන්ම ඉන්දීය අමරාවති සම්ප‍්‍රදාය ද නිරූපනය කරලයි.
ලාංකීය
රාජධානි විකාශනයේ දෙවන අවස්ථාව පොළොන්නරුව රාජධානියට හිමිවන අතර එහි වූ ගල් විහාරය
පොළොන්නරුව යුගය පිළිබ`ද තතු ප‍්‍රදර්ශනය
කරලනන්කි. 12 වන සියවසට
අයත්වන්නක් ලෙස
සැලකෙන මෙහි
බුදු පිළිම හතරක නිර්මිතයක් දක්නට ලැබෙන අතර එය හිදි පිළිම දෙකක්, හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් වශයෙන්
වර්ග වේ. පල්ලව කලා
සම්ප‍්‍රදාය පිළිබඳ ඉඟි සැපයෙන මෙමඟින් පොළොන්නරුව යුගයේ මූර්ති ශිල්පියාගේ ප‍්‍රතිභාව
මනාව ප‍්‍රත්‍යක්ෂ වේ. එමෙන්ම
පොත්ගුල් විහාර ප‍්‍රතිමාව මෙන්ම නිශ්ශංකලතා මණ්ඩපය හා එහි නිර්මිත නිශ්ශංක කුළුණු
නිසාවෙන්ම වර්තමානයේ පවා ඉතා ජනප‍්‍රියව ඇත . ලක්දිව ගෘහ නිර්මාණ ශිල්පයේ වාස්තු විද්‍යාව
පිළිබඳ වූ සුවිශේෂි
නිර්මාණයක් ලෙස නිදර්ශන සැපයීමකි. නිශ්ශංකමල්ල රජු ධර්මය ශ‍්‍රවනය කරලීම, දළදා වහන්සේ වන්දනා කිරීම හා පිරිත් ශ‍්‍රවණය
කිරීම ආදී වූ ආගමික කටයුතු මෙහිදි සිදු කර ඇති අතර දියෙන් මතු වූ නෙළුම් දඬුවන් කුලුණුලාංකීය චිත‍්‍ර මූර්ති කැටයම් කලාව තුළින් හෙළිවන අන්තර් සංස්කෘතියවක ස්වරූපය ගත් නිශ්ශංක කුලුණු හී ඇතැම්
ලක්ෂණ වත්මන් ගෘහ නිර්මාණය තුළ ද සම්ම්ශ‍්‍රණය ව ඇත .ලාංකීය රාජධානි පොළොන්නරුවට මාරුවීමේ දී
හින්දු ආගම හා සම්මිශ‍්‍රිත විවිධ නිර්මාණ බිහිවන්නට ද විය.මෙහි ප‍්‍රතිඵල මත පොළොන්නරුව යුගයේ ඉදි වූ
කෝවිල් රැුසක නටබුන් අදට ද පොළොන්නරුව පූදබිමෙහි දක්නට ලැබෙන අතර අංක 1 හා අංක 11 දරණ ශිව දේවාල මෙහිදී කැපී පෙනේ.
දෙවියන් වෙත
ළගාවිය හැකි රථයක් ලෙස හින්දු කෝවිල
සැලකූ අතර ඒ බව මල්ලිපුරම් දේවාලයන් හී ලක්ෂණවලින් ද තහවුරු වේ. අංක 1 දරණ ශිව දේවාලය චෝල පාලන සමයේ ඉදිවූ බව
පැවසේ. එහි වූ ප‍්‍රතිමා
අතර ශිව පාර්වති ප‍්‍රතිමාව ,කරෙයික්කාර්
අම්මෙයාර් ප‍්‍රතිමාව ,නටරාජා
පිළිරුව ඉතා වැදගත් සංස්කෘතියක ලක්ෂණ මෙන්ම සම්මිශිත සංස්කෘතියක් පිළිබඳව ද ඉඟි සපයයි. චිත‍්‍ර
මූර්ති කැටයම් කලාවෙහි දියුණු යුගයක් ලෙස මහනුවර යුගය පෙන්වාදිය හැකි අතර එහිදි
ලංකාතිලක විහාරය කැපී පෙනේ. ඉන්දියාවේ සිට
පැමිණි ස්ථපතිරායර් නමැති නිර්මාණ ශිල්පියා විසින් ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පීය
ලක්ෂණ ලාංකීය සමාජයට ගලපා නිර්මාණය කරන ලද්දක් බව පෙන්වාදිය හැකිය. මෙහි වූ ප‍්‍රතිමා ගෘහය මෙන්ම සමන් ,විභීෂණ ,උපුල්වන්, කතරගම,ගණදෙවියන් සඳහා වූ දේවාල 05 ද එවකට සමාජය තුළ පැවති ඇදිහිලි වැදුම්
පිදුම් පිළිබඳව තොරතුරු
හෙලි කරලන අතර බුද්ධ ප‍්‍රතිමා තුළ වු මකර තොරණ මෙන්ම වියන් තලය තුළ නිර්මිත
සූවිසිවිවරණය ,සොලොස්මස්ථාන,
කීර්ති ශ‍්‍රි රාජසිංහ
රජුගේ පිළිරූ මහනුවර යුගය පිළිබද තතු මැනවින් හුවාදක්වයි. මහනුවර යුගය ගම්‍යමාන කරලන දඹුලූ චිත‍්‍ර
තුළ ද විශේෂතා වේ.ඒ සඳහා භාවිත කළ,
අඛන්ඩකථන ක‍්‍රමය.
පසුබිම සඳහා රත් දුඹුරු වර්ණය යොදා ගැනීම.
චිත‍්‍රයේ
හිස්තැන් ස`දහා නෙළුමි මල
වැටකේ මල සපුමල යොදාගැනීම.
පර්යාවලෝකන
නීති රීති පිළිබ`ද වැඩි
සැලකිල්ලක් නොදැක්වීම.
බටහිර ගැති
අභාෂය මත ගොඩනැගුණු සම්මිශ‍්‍රණය පිළිබඳ තතු ප‍්‍රදර්ශනය කරලයි.
ගම්පල යුගයට
අයත් ගඩලාදෙනි විහාරය 4 වන
බුවනෙකබාහු රජු විසින් ගනේෂ්වරාචාර්යය නම් දකුණු ඉන්දීය ශිල්පියාගේ මූලිකත්වයෙන්
නිර්මාණය කරලූ බව ස`දහන් වන අතර
එම`ගින් දියුණු
නිර්මාණශිල්පයක ලක්ෂණ පිළිඹිබු විෙ.ගම්පල රජ කළ 111 වන වික‍්‍රමබාහු
රජු විසින් කරවන ලද ඇම්බැක්කේ දේවාලය දියුණු ලී කැටයම් නිර්මාණ ස`දහා කදිම නිදර්ශනය වන අතර එහි වූ නිර්මාණ
සියල්ල ගම්මාලූ හා පිහිඹිය ලීයෙන් නිමවා ඇත ජන ජීවිතය හා බැදෙමින් නිර්මිත සිතුවම් මෙහි
දක්නට ලැබේxනිදසුන්
වශයෙන් නළඟන , හේවායා බෙරවයන්නා , දරුවාට කිරි පොවන මව
පෙන්වාදිය හැකි අතර කල්පිත සත්ව රූප ලෙස නිර්මිත මල්ලව පොරය ,ගජසිංහ ,හංස පූට්ටුව ,කිදුරා ,ඇත්කද ලිහිණියා විවිධ සංස්කෘතීන් තුළින්
ලබාගත් ආභාෂයන් මත මිශ‍්‍රණයව නිර්මාණය කරගත් නිර්මාණ ලෙස පෙන්වාදිය හැකිය. මේ අනුව චිත‍්‍ර
මූර්ති කැටයම් කලාවේ පවත්නා අන්තර් සංස්කෘතික මිශ‍්‍රණයට කදිම නිදර්ශන ලාංකීය
සමාජය තුළින් හෙළි වන බව මින් ගම්‍යමාන වේ.ලාංකීය චිත‍්‍ර මූර්ති කැටයම් කලාව තුළින්
හෙළිවන අන්තර් සංස්කෘතිය සංස්කෘතියේ
පවත්නා මිශ‍්‍රවීම අන්තර් සංස්කෘතිය ලෙස හැදින්විය හැකිය. මෙහි බලපෑම විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ උද්දීපනය
වේ. ඒ අතර ලාංකීය මෙන්ම
ලෝක ඉතිහාසය තුළ සමාජමය තත්ත්වයන් මිශ‍්‍රණය වීම පිළිඹිබු කරන්නක් ලෙස විත‍්‍ර ,මූර්ති ,කැටයම් කලාව පෙන්වාදිය හැකිය. මෙහි පවත්නා විශේෂතාවය නම් සම්ප‍්‍රදායික වූ
සමාජ විවරණයක් සැපයීමට යොදාගත හැකි වීමයි.
ලාංකීය සමාජය
ගත්කළ ඓතිහාසිකව වූ රාජධානි මාරුවීමත් සමඟ වූ විපර්යාසයන් එවකට බිහිවූ චිත‍්‍ර ,
මූර්ති, කැටයම් කලාව තුළින් මැනවින් ගම්‍යමාන වේ. අනුරාධපුර යුගය පිළිබඳ විමසාබැලීමේ දී ප‍්‍රථමයෙන්ම සීගිරිය
පෙන්වාදිය හැකිය. ක්රි.ව 5 වන සියවසේ දී කාශ්‍යප රජු විසින් නිර්මාණය
කරන ලද මෙය බලකොටුවක් ලෙස පිළිගැනුන ද එහි ඇඳි චිත‍්‍ර නිසා විශ්ව කීර්තියට පත්ව ඇත. සිතුවම් අතර වූ
සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප තේමා කරගත් චිත‍්‍ර සමූහය එදා සිටි ප‍්‍රතිභා පූර්ණ
චිත‍්‍ර ශිල්පියාගේ නිර්මාණශීලී හැකියාව මෙන්ම මිශ‍්‍රණය වූ සමාජ පසුබිම පිළිබඳ ඉඟි සපයයි.එපමණක්ද නොව ප්‍රෙස්කෝබුවනෝ හෙවත් තෙත බදාම
වියලීමට පෙර ඒ මත ඇදි චිත‍්‍ර දියුණු ශිල්පීය ක‍්‍රම භාවිතය පිළිබඳ ඉඟි සපයයි.
මිහිදු
මහරහතුන් ලක්දිවට වැඩම කළ පසු මහරහතුන්ගෙන් බණ අසා පැවදි බව ලබාගත් අරිට්ඨ කුමරු
ඇතුලූ ඉසුරු කුල දරුවන් 500 ක් දෙනා
වැඩසිටි ස්ථානය සිහිවන්නට දේවානම්පියතිස්ස රජු විසින් ඉදි කරවන ලද ඉසුරුමුණි
විහාරය ශ‍්‍රි ලංකාව තුළ ඉදි වූ ප‍්‍රථම විහාරස්ථානය වනවා පමණක් නොව ලෞකික තේමාව
පදනම් ව මානව රූප සම්පින්ඩනය කරලමින් සාදන ලද කැටයම් සහිත වූවක් ලෙස ද ප‍්‍රකටය. මෙහි ඇති කැටයම් අතර,
පෙම් යුවල
කැයටම
රජ වාසල කැටයම
මිනිසා සහ
අශ්ව හිස කැටයම
ඇත් රූප කැටයම
දියුණු කැටයම්
ශිල්පයක ලක්ෂණ මෙන්ම විවිධ සංස්කෘතීන් තුළින් උකහාගත් අන්තර් සංස්කෘතික ලක්ෂණ
පිළිඹිබු කරලයි.එහිදී දකුණු
ඉන්දීය හින්දු ආගමික සංකල්පය හා පල්ලව ආභාෂය කැපී පෙනේ.යුග නියෝජනය
කරලන සඳකඩපහන කැටයම
ද පූජනීය ස්ථානයකට පිවිසෙන පඩිපෙල පාමුල පිහිටුවා ඇති අර්ධ කවාකාර කැටයමක් වන අතර
මිනිස් ජීවිතයේ යථා ස්වරූපය, ස්වභාවය මෙන්ම
ඒ ඒ යුගයන් හී පවත්නා විශේෂතා සංස්කෘතික මිශ‍්‍රණය වීම් තුළ වූ බලපෑම් පිළිඹිබු
කරලයි. මේ නිසාවෙන් ම
අනුරාධපුර යුගයේ ස`දකඩ පහණ
තුළින් පොළොන්නරු යුගයට රාජධානි මාරුවීමත් සමඟ එහි සඳකඩපහණින් ගවයා ඉවත් වීමත් මහනුවර යුගය වන
විට හැඩතල සහිත සඳකඩ පහණ්
නිර්මාණය වීමත් සිදුවිය. අනුරාධපුර
යුගයේ නිර්මිත ප‍්‍රතිමා පිළිබඳව අවධානය
යොමු කිරීමේ දී බුද්ධ ප‍්‍රතිමා කලාව සඳහා හිමිවන්නේ ද මූලික ස්ථානයකි.එහිදි සමාධි බුද්ධ ප‍්‍රතිමාව,අවුකන බුදු පිළිමය හා තොලූවිල පිළිමය මූලික
වන අතර මේ නිර්මාණයන් තුළ පවතිනුයේ ද මිශ‍්‍රණයකි.
මහසෙන් රජු
දවස කලූගල් මාධ්‍යයයෙන් නිමවන ලද සමාධි බුදු පිළිමය බුදුන්ගේ මහා කරුණාව ජනිත
කරවන්නා සේම එහි ලක්ෂණයන් ඉන්දීය ගුප්ත කලාව හෙළිපෙහෙළි කරලීමට සමත්ය. ධාතුසේන රජු දවස පූර්ණ උන්නත් ක‍්‍රමය ඔස්සේ
නිර්මිත අවුකන බුදු පිළිමය ද අනුරාධපුර යුගයේ මූර්ති කැටයම් ශිල්පියාගේ දක්ෂතාවය
මෙන්ම ඉන්දීය අමරාවති සම්ප‍්‍රදාය ද නිරූපනය කරලයි.ලාංකීය
රාජධානි විකාශනයේ දෙවන අවස්ථාව පොළොන්නරුව රාජධානියට හිමිවන අතර එහි වූ ගල් විහාරය
පොළොන්නරුව යුගය පිළිබඳ තතු ප‍්‍රදර්ශනය
කරලනන්කි.
12 වන සියවසට
අයත්වන්නක් ලෙස සැලකෙන මෙහි
බුදු පිළිම හතරක නිර්මිතයක් දක්නට ලැබෙන අතර එය හිදි පිළිම දෙකක්, හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් වශයෙන්
වර්ග වේ. පල්ලව කලා
සම්ප‍්‍රදාය පිළිබඳ ඉඟි සැපයෙන මෙම`ගින් පොළොන්නරුව යුගයේ මූර්ති ශිල්පියාගේ ප‍්‍රතිභාව
මනාව ප‍්‍රත්‍යක්ෂ වේ. එමෙන්ම
පොත්ගුල් විහාර ප‍්‍රතිමාව මෙන්ම නිශ්ශංකලතා මණ්ඩපය හා එහි නිර්මිත නිශ්ශංක කුළුණු
නිසාවෙන්ම වර්තමානයේ පවා ඉතා ජනප‍්‍රියව ඇත.ලක්දිව ගෘහ නිර්මාණ ශිල්පයේ වාස්තු විද්‍යාව
පිළිබ`ද වූ සුවිශේෂි
නිර්මාණයක් ලෙස නිදර්ශන සැපයීමකි. නිශ්ශංකමල්ල රජු ධර්මය ශ‍්‍රවනය කරලීම, දළදා වහන්සේ වන්දනා කිරීම හා පිරිත් ශ‍්‍රවණය
කිරීම ආදී වූ ආගමික කටයුතු මෙහිදි සිදු කර ඇති අතර දියෙන් මතු වූ නෙළුම් දඩුවක ස්වරූපය ගත් නිශ්ශංක කුළුණු හී ඇතැම්
ලක්ෂණ වත්මන් ගෘහ නිර්මාණය තුළ ද සම්ම්ශ‍්‍රණය ව ඇත . ලාංකීය රාජධානි පොළොන්නරුවට මාරුවීමේ දී
හින්දු ආගම හා සම්මිශ‍්‍රිත විවිධ නිර්මාණ බිහිවන්නට ද විය. මෙහි ප‍්‍රතිඵල මත පොළොන්නරුව යුගයේ ඉදි වූ
කෝවිල් රැුසක නටබුන් අදට ද පොළොන්නරුව පූදබිමෙහි දක්නට ලැබෙන අතර අංක 1 හා අංක 11 දරණ ශිව දේවාල මෙහිදී කැපී පෙනේ.
දෙවියන් වෙත
ළගාවිය හැකි රථයක් ලෙස හින් කෝවිල
සැලකූ අතර ඒ බව මල්ලිපුරම් දේවාලයන් හී ලක්ෂණවලින් ද තහවුරු වේ. අංක 1 දරණ ශිව දේවාලය චෝල පාලන සමයේ ඉදිවූ බව
පැවසේ.එහි වූ ප‍්‍රතිමා
අතර ශිව පාර්වති ප‍්‍රතිමාව,කරෙයික්කාර්
අම්මෙයාර් ප‍්‍රතිමාව ,නටරාජා
පිළිරුව ඉතා වැදගත් සංස්කෘතියක ලක්ෂණ මෙන්ම සම්මිශිත සංස්කෘතියක් පිළිබඳව ද ඉඟි සපයයි.
චිත‍්‍ර
මූර්ති කැටයම් කලාවෙහි දියුණු යුගයක් ලෙස මහනුවර යුගය පෙන්වාදිය හැකි අතර එහිදි
ලංකාතිලක විහාරය කැපී පෙනේ. ඉන්දියාවේ සිට
පැමිණි ස්ථපතිරායර් නමැති නිර්මාණ ශිල්පියා විසින් ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පීය
ලක්ෂණ ලාංකීය සමාජයට ගලපා නිර්මාණය කරන ලද්දක් බව පෙන්වාදිය හැකිය. මෙහි වූ ප‍්‍රතිමා ගෘහය මෙන්ම සමන් ,විභීෂණ ,උපුල්වන්, කතරගම,ගණදෙවියන් සහා වූ දේවාල 05 ද එවකට සමාජය තුළ පැවති ඇදිහිලි වැදුම්
පිදුම් පිළිබ`දව තොරතුරු
හෙලි කරලන අතර බුද්ධ ප‍්‍රතිමා තුළ වු මකර තොරණ මෙන්ම වියන් තලය තුළ නිර්මිත
සූවිසිවිවරණය ,සොලොස්මස්ථාන,
කීර්ති ශ‍්‍රි රාජසිංහ
රජුගේ පිළිරූ මහනුවර යුගය පිළිබද තතු මැනවින් හුවාදක්වයි. මහනුවර යුගය ගම්‍යමාන කරලන දඹුලූ චිත‍්‍ර
තුළ ද විශේෂතා වේ. ඒ සඳහා භාවිත කරලයි.
අඛන්ඩකථන ක‍්‍රමය
පසුබිම ස`දහා රත් දුඹුරු වර්ණය යොදා ගැනීම
චිත‍්‍රයේ
හිස්තැන් ස`දහා නෙළුමි මල
වැටකේ මල සපුමල යොදාගැනීම
පර්යාවලෝකන
නීති රීති පිළිබ`ද වැඩි
සැලකිල්ලක් නොදැක්වීම
බටහිර ගැති
අභාෂය මත ගොඩනැගුණු සම්මිශ‍්‍රණය පිළිබ`ද තතු ප‍්‍රදර්ශනය කරලයි.
ගම්පල යුගයට
අයත් ගඩලාදෙනි විහාරය 4 වන
බුවනෙකබාහු රජු විසින් ගනේෂ්වරාචාර්යය නම් දකුණු ඉන්දීය ශිල්පියාගේ මූලිකත්වයෙන්
නිර්මාණය කරලූ බව ස`දහන් වන අතර
එම`ගින් දියුණු
නිර්මාණශිල්පයක ලක්ෂණ පිළිඹිබු ෙවිxගම්පල රජ කළ 111 වන වික‍්‍රමබාහු
රජු විසින් කරවන ලද ඇම්බැක්කේ දේවාලය දියුණු ලී කැටයම් නිර්මාණ ස`දහා කදිම නිදර්ශනය වන අතර එහි වූ නිර්මාණ
සියල්ල ගම්මාලූ හා පිහිඹිය ලීයෙන් නිමවා ඇත.ජන ජීවිතය හා බැදෙමින් නිර්මිත සිතුවම් මෙහි
දක්නට ලැබේxනිදසුන්
වශයෙන් නළ`ගන , හේවායා බෙරවයන්නා , දරුවාට කිරි පොවන මව
පෙන්වාදිය හැකි අතර කල්පිත සත්ව රූප ලෙස නිර්මිත මල්ලව පොරය ,ගජසිංහ ,හංස පූට්ටුව ,කිදුරා ,ඇත්කද ලිහිණියා විවිධ සංස්කෘතීන් තුළින්
ලබාගත් ආභාෂයන් මත මිශ‍්‍රණයව නිර්මාණය කරගත් නිර්මාණ ලෙස පෙන්වාදිය හැකියx
මේ අනුව චිත‍්‍ර
මූර්ති කැටයම් කලාවේ පවත්නා අන්තර් සංස්කෘතික මිශ‍්‍රණයට කදිම නිදර්ශන ලාංකීය
සමාජය තුළින් හෙළි වන බව මින් ගම්‍යමාන වේ.