15 November, 2016

ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාවය


       අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයකි. ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම, රසවිදීම හා පුහුණුව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ්ව පවති.අධ්‍යාපනය යනු යම්කිසි හැකියාවන් ගොන්නක් විධිමත් ලෙස ඉගැන්වීම හා ඉගෙනගැනීම ලෙසද ප්‍රස්තූත වේ.
පරම්පරාගත සංස්කෘතිය ඉදිරියට ගෙනයාමද අධ්‍යාපනයේ එක් ප්‍රතිඵලයකි.විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ සීමා මායිම් පුළුල් වෙමින් අධ්‍යාපනය ව්‍යාප්තවීම ද දක්නට ලැබේ.නමුත් ලාංකීය සමාජයෙහි නිසි අවධානයට යොමු නොවූ අධ්‍යාපන ක්ෂේත්‍රයක් බවට ලිංගික අධ්‍යාපන පත්ව ඇත.
ලිංගිකත්වය පිළිබඳ කුතුහලය පිරුණු මනසින් තොරතුරු හා දර්ශන සොයා යන බහුතරයක් අප සමාජයේ සිටි.ඉන් බොහෝමයක් යොවුන්විය හා යොවුන්විය ගත කරන පිරිස්ය. පාසල් අධ්‍යාපන තුළ විධිමත් ලෙසින් දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබානොදීමත් එය තහනම් මාතෘකාවක් බවට පත්ව පැවතීමත් මත සැඟවපවත්නා දේ දැනගැනීමේ මනදොළින් ලිංගිකත්වය පිළිබඳ අවධානය වර්ධනය වීමට ප්‍රධානතම හේතූන්ව  ඇත.
සෞඛ්‍ය අධ්‍යාපනය පාසල් විෂය ධාරාවට විෂයක් ලෙස ඇතුලත් කර පැවතිය ද එහි වටිනාකම හීනව ගොස් ඇත.එම විෂය සඳහා වූ කාලපරිච්ඡෙදය ඇතැම් ගුරුවරුන් වෙනත් විෂය මාලාවන් ඉගැන්වීමට යොදාගනිමින් විභාග ජය ගැනීමට මෙන්ම තම පාසලට විශාල කීර්තියක් අත් කරදීමේ අදිටනින් විෂයානුගත පාඩම් මූලික කරගනිමින් ජීවිතයට අවශ්‍යය පාඩම් මඟහැරීම ජිවිතය හමුවේ මතුවන අභියෝගයන්ට මුහුණදීමේ අපහසුව පාසල් දරුවන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවකි.
සංස්කාතික ආකල්ප සංස්කෘතික පසුබිම මත අධ්‍යාපනකි වශයෙන් ලිංගිකත්වය පිළිබඳ කතා කරලීමට ඇතැම් ගුරුවරු පැකිලීම ද විධිමත් ලිංගික අධ්‍යාපනයක හිමිකම දරුවන්ට නොලැබීයාමට හේතුසාධකව ඇත.මෙහි ප්‍රතිළුල මත තාරුණ්‍යය පමණක් නොව පාසල් දරුවන් ද අවිධිමත් මාර්ග ඔස්සේ ලිංගිකත්වය පිළිබඳ කරුණු සොයා යයි.ඉන් නොනැවති ප්‍රායෝගික ක්‍රියාකාරකම් හී නිරතවීමට ද පෙළඹේ. නමුත් තමා නොදැනුවත්වම ඉන් සිදුවන්නේ ජීවිතය විනාශ මුඛය කරා ඇදීයාමක් බව ඔවුනට නොවැටහේ.මේ නිසාවෙන් අධ්‍යාපනය කඩාකප්පල් කර ගැනීම, විවිධ ලිංගික අපචාර, අපයෝජන, දූෂණයන්ට මුහුණදීමට හා යොමුවීමට පාසල් දරුවන්ට මෙන්ම තාරුණ්‍යයට ද සිදුව ඇත.නොදැනුවත් භාවය කුතුහලය නිසාවෙන් දිනෙන් දින වැරදි ක්‍රියාමාර්ගයන් හී නිරතවීමේ ප්‍රවණතාවයද වර්ධනය ව ඇත.එය කෙතරම්ද යත් අන්තර්ජාලයේ ගුගල් සෙවුම් යන්ත්‍රයෙන් සෙක්ස් යන වචනය වැඩියෙන්ම සෙවූ පිරිස සිටින රටවල් අතුරින් අප රට පළමු තැනට පත්වීමම ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාවය කෙතරම් කාලෝචිතද යන්න විද්‍යමාන කරලයි.

No comments:

Post a Comment