26 November, 2016

කලාවට ගිය තැන


ජීවිතය ජිවත් කරන්න අරමුණක් සොයන විට කලාකරුවා එය ජීවිතයේ  සුන්දරත්වයට යන පාර කියන අයකු වේ.
කලාව මගින් ආනන්දයෙන් ප්‍රඥාවට මිනිසාට ගමන් කරන්නට හැකි මගක් නිර්මාණය වීම සමාජයට වැදගත් සාධකයකි.එනමුත් මෙරට බිහි කරණු ලබන කලාවට එය කෙතරම් දුරට සිදු කිරීමට හැකි වීද යන්න ප්‍රශ්ණයකි.එකිනෙකා තම තමන් විසින් ලබා ගන්නා අත්දැකීම් සමාජ ගතකිරීම නැවතීමට හැකියාවක් නැති වූවද සමස්ත සමාජයේ ලැජ්ජා භිය නැති කර මිලේච්ජත්වයට ගෙන ඒමට එය අනෙක් අයට ද බෝ කිරීමට කලාත්මක නිර්මාණ දායක වේ.සන්නිවේදනයේ හර පද්ධතිය කලාව හරහා ජනතාව අතරට ගෙන යාම එයට ප්‍රධාන හේතුවයි.කලාව කලාව සඳහා පමණක් වීම සහ කලාව මුදලට යටවීම හමුවේ කලාවේ සමාජ වගකීම කලාකරුවා විසින් පැහැර හැර තිබීම වර්තමානය තුළ සෝචනීය තත්ත්වයකි.
කලාව විදීමට ඇති අයිතිය සහ කලාව විදීමට බුද්ධිය ලබාදීම අධ්‍යාපන ක්‍රමයේ සැලැස්ම විය යුතුය.නමුත් මෙරට කලාව මිනිසා වෙනුවෙන් නිර්මාණය කිරීමට සුදුසු පරිසරයක් ඇති කිරීමට සිටින පිරිස නිහඩ වීම හමුවේ සිදුවන විනාශය ද අතිමහත්ය.ඒ හේතුවෙන් අතීතයේ පටන් බිහිවූ සාහිත්‍ය ලෝකය අනාගත පරපුරට අහිමි වනු ඇත.ජන විඥාණයත් සමඟ පරපුරෙන් පරපුරට රැගෙන ආ සියල්ල ද නැති වී යනු ඇත.අවසානයේ  ශ්‍රී ලංකාව විකෘති කලා කරුවන්ගේ දේශයක් වනු ද නොඅනුමානය.

No comments:

Post a Comment