31 May, 2017

සිංහල සාහිතයට නොමැකෙන සටහන් එක්කල සිරි ගුණසිංහ


1925 පෙබරවාරි 18 වැනි දා ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ උපත ලද සිරි ගුනසිංහ ලේඛනයේ දී මූර්ධජ ණ සහ ළ අක්ෂර ඉවතලමින් සිය නම භාවිත කරනු ලැබූවේ ගුණසිංහ වශයෙන් නොව ගුනසිංහ වශයෙනි.ඔහුගේ උප්පැන්නයට යොදා තිබුණේ බැරගම ආරච්චිගේ ශ්‍රියාරතන ගුණසිංහ යනුවෙනි. එහෙත් පවුලේ අයට ඔහු “සිරි” ලෙස ඇමතුවේ ය. පසුකාලීනව ඔහු භාවිත කළේත් ජනාදරයට පත් වූයේත් “සිරි ගුනසිංහ” යන නාමයයි.
මොහු ගමේ බෞද්ධ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ විසින් පවත්වාගෙන යනු ලැබූ සිංහල පාසැලකින් මූලික අධ්‍යාපනය ද අනතුරු ව රුවන්වැල්ල ප්‍රදේශයේ ද්විභාෂා පැසැලකින් ද, පසු ව ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද පාසැල් අධ්‍යාපනය ලැබී ය.  ඉන් පසු (1942 දී ලංකා විශ්ව විද්‍යාලය බවට පත් කෙරුණු) යුනිවර්සිටි කොලීජියට ඇතුළත් ව සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රථම පන්තියේ සාමර්ථ්‍යයක් සහිත ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා එහි ම සංස්කෘත පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේ ය. 1970 වන තුරු (මුලින් ලංකා විශ්ව විද්‍යාලය නමින් හැඳින්වුණු) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කළ ගුනසිංහ පේරාදෙණි ගුරුකුලය වශයෙන් ජනමාධ්‍ය විසින් නාමකරණය කෙරුණු සාහිත්‍යික, විචාරක හා ශාස්ත්‍රඥ ප්‍රවණතාවට අයත් ප්‍රමුඛ චරිතයක් බවට පත් විය. 1970 සිට කැනඩාවේ පදිංචි ව සිටින සිරි ගුනසිංහ එවක පටන් එරට වික්ටෝරියා විශ්ව විද්‍යාලයෙහි කලා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කලේය. 
එක්‌දහස්‌ නවසිය පනහ හා හැට දශක වනාහි සිංහල කලා ක්‍ෂෙත්‍රයේ විප්ලවීය විපර්යාස සිදු වූ කාල වකවානුවකි. එම වකවානුවේදී සිංහල නවකතාව, කවිය හා නාට්‍යය නව මුහුණුවරක්‌ ගත්තේ එතෙක්‌ පැවති සම්ප්‍රදායන් බිඳ දමමින් යෝධ පියවරක්‌ ඉදිරියට තබමිනි. මේ ක්‍ෂෙත්‍ර තුන තුළම සිරි ගුණසිංහයන්ගේ ක්‍රියාකාරීත්වය කැපී පෙනුණි
එතුමා රචිත ‘හෙවනැල්ල' නවකතාව එතුමාගේ නිර්මාණවල සන්ධිස්ථානයක් වූ අතර ආන්දෝලනයට ද තුඩු දුන් එකකි. එය ප්‍රකාශයට පත් කෙරුණේ 1960 දීය.  ඉන් පසුව “මන්දාරම”, “මිරිඟුව ඇල්ලීම” පළ කෙරිණි. එතෙක් නවකතාකරුවන් නොගත් මඟක් ඔස්සේ මේ කෘති රචනා විය.
ඔහු ඉතාමත් හොඳ සිනමා අධ්‍යක්ෂවරයකු ද වන්නේය. සත්සමුදුර එතුමා අධ්‍යක්ෂණය කළ පළමු හා එකම චිත්‍රපටය වේ. “රන්වන් කරල්” ඔහු විසින් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයකි. රත්නාවලී, සඳ කිඳුරු, තුරඟා, දැන් දැන් හඬනා නාට්‍යවල අංග රචනය හා ඇඳුම් නිර්මාණකරුවාත් ඔහුයි. Sඉගිරිය, ඛස්සප’ස් Hඔමගෙ ටො ඹේඋට්ය් විශිෂ්ට කෘතියක් ලෙස සම්භාවනාවට පාත්‍ර විය. “සීගිරිය කාශ්‍යපගේ සෞන්දර්ය ප්‍රණාමය” නමින් සිංහලයෙන් පළ විය. 1995 දී ස්වාධීන රූපවාහිනියට “ගුත්තිල” දෘශ්‍ය රූප නාටකය නිර්මාණය කළ අතර යුනෙස්කෝව සඳහා බුද්ධ චරිතය පදනම් කරගෙන තිර රචනයද කළේය. රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් රැසක් නිෂ්පාදනය කළේය. සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලිපි ලිව්වේය.'අබිනික්මන' සහ 'මස් ලේ නැති ඇට' යන පද්‍ය රචනා එතුමාගේ අතින් නිර්මාණය වු ඒවාය. මෙමගින් ඔහු හඳුන්වා දුන් නිදහස් පැදි ආර පසු කාලීනව 'නිසඳැස්' කවියට පාර කැපීමක් විය. සිරි ගුණසිංහ නවකතාකරුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම කවියකු හැටියට ද සිංහල සාහිත්‍යය තුළ රැඳවූ නාමය අප්‍රතිහතයි. එපමණක් ද නොව සිරි ගුනසිංහයන් ගේ ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ලිපි නාමාවලිය ඉතා දිගු එකකි දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ සුවිශේෂි සම්පත් දායකයකු ලෙසින් සිරි ගුනසිංහයන් හැඳින්විය හැකිය. මෙලෙස දෙස් විදෙස් පතලව සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ නොමැකෙන මතක සටහන් තැබූ සිරි ගුණසිංහයන් 2017 මැයි 25 වන දින අභාවප්‍රාප්ත වූයේ ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයට පතාක යෝධයකුගේ තවත්  අහිමිවීමක්  සනිටුහන් කරලමිනි.


17 May, 2017

හිඟන රස්සාවෙන් පිළිසරණක් හොයන මිනිස්සු


මිනිස්සු රස්සාවක් කිරීමේ ප්‍රධානම පරමාර්ථය වෙන්නෙ මුදල් ඉපයීම. ආත්ම තෘප්තිය පදනම් කරගෙන රස්සාව කරන අය හිටියත් ඒ ප්‍රතිශතය සාපේක්ෂව අවමයි.ලෝකෙ වගේම ශ්‍රී ලංකාවෙත් විවිධාකාරවූ රස්සාවල් තියෙනවා. ශ්‍රී ලංකාවේ තවමත් රස්සාවේ තත්ත්වය සැලකෙනවාග. ඒ වගේම රැකියාවේ තත්ත්වය සමාජ තත්වයට සෘජුවම බලපානවා.
කොළඹ කියන්නේ තැනක් නොතැනක් නොමැති හිඟන මිනිසුන්ගේ තෝතැන්නක් වගේ. දිනකට කොළඹට සේන්දුවෙන සංචාරකයින් වගේම දේශය විදේශිය ජනතාවගෙන් ද සංකීර්ණවන කොළඹ නඟරය ධානපතියන්ගේ ද කෝෂ්දාගාරයකි. ඉතින් මේ නිසාම රැකියාව හිඟමන කරගත් බොහෝ පුද්ගලයන්ගේ ප්‍රධාන මූල්‍යමය කේන්ද්‍රස්ථානයත් කොළඹ නඟරයයි.හිඟන රස්සාව සැලකෙන්නෙ අසම්මත රැකියාවක් විදිහට. හිඟමනේ යාම කොහෙත්ම වැදගත් රස්සාවක් හැටියට වත් අඩුම තරමෙ රස්සාවක් හැටියට වත් සැලකෙන්නෙ නැති වුණාට හිඟමන රස්සාව කරගත්ත මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ මිනිස්සුන් ගේ තත්ත්වය බැලුවම පාරෙ ඉන්න බල්ලොන්ට වඩා කොයි කරම් අහිංසකද හරියට කන්නවත් නැතිව අපාදුක් විදිනවා? බල්ලො නම් කුණු බාල්දියක් හරි පෙරලගෙන කනව.හිඟන්නන්ට ඒ විධියටවත් කිසිම පිළිසරණක් නෑනෙග. ˜අනේ පව්” මානසිකත්වයක නිසාම මඟදි දකින හැම හිගන කෙනෙකුටම කාසි මිට මෙලවීම පුරුද්දක් බොහෝ දෙනෙකුට තියෙනවාග.ඒ පුරුද්ද කරුණාවන්ත බවේ ලක්ෂණයක් හැටියට දකින්නත් පුළුවන්. සමහර විට ඇත්තම කාරණෙත් ඒක වෙන්න පුළුවන්.ඒ නිසාම හිඟන අය කියන්නෙ අපි විසින් මුදල් සහ ආහාර ලබාදිය යුතු පිරිසක් විදිහට සැලකීමට බොහෝ දෙනෙක් පුරුදුවෙලා.ඒ වගේම ඒ අයට ජීවත්වෙන්න වෙන මොනම ක්‍රමයක්වත් නැති බවත් බොහෝ දෙනෙක්ගේ සිතුවිල්ලයි.
නමුත් පවතින ගැටලු නම් ඇත්ත හිඟමන සහ බොරු හිඟමන වෙන්කර හදුනා ගැනීමේ අපහසුතාවයයි.අතපය හතරම හොඳට තියෙන කිසිදු ශාරීරික අඩුපාඩුවක් නැති මිනිස්සු පිනට සල්ලි ඉල්ලන්නේ ඇයි කියලා මට තේරුම් ගන්න අමාරුයි. මොළේ කලදක්ම නැති වුණත් අත්පයවලින් විතරක් මුදලක් හරි හම්බ කරගැනීමේ හැකියාව හැම මනුස්සයෙකුටම තියෙනවා. ඒත් අවාසනාවන්ත කමකට හන්දියක් හන්දියක් ගානේ ඉදගෙන සල්ලි ඉල්ලන්නෙත්  මහපාරවල ට්‍රැෆික් එකේ නවත්තලා තියෙන වාහනවල ඉස්සරහට පැනලා දිවිනසා ගැනීමේ සම්භාවිතාවක් උද්ගතකරමින් හිඟමන් යදින්නෙත් සියලු ශාරීරික හැකියාවන්ගෙන් සම්පූර්ණ මිනිස්සු. ඒ අතුරින් තමන් විසින් ශාරීරික දුබල කම් ඇතිකරගන්න අය වගේම කුඩා දරුවන් යොදැගනිමින් හිඟමනෙන් ආදායම් උපයන්නන් ද ඇතැම්හු තම සටකපටකමත් අලසකමත් නිසා මෙම ජීවන වෘත්තියේ නිරතවීම නිරන්තතරයෙන් දකින්නට ලැබෙනවාග.කෙසේ වෙතත් අද වන විට මේ යාචකයින් සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම වලින් ඔබ්බට ගොස්‌ නවීන ක්‍රම භාවිත කිරීමට පෙළඹිලා. විශේෂයෙන් අද වන විට ඔවුහු යාචකයින් ලෙස හඳුන්වා දීමටත් මැලිකමක්‌ දක්‌වති.

මේ අතර ඉන්නවා සැබවින් ම හිඟමන් යදින්නට සුදුසුකම් ලද මිනිස්සුග උපතින් ම තමන්ගේ ශරීරාංග අහිමි වුණුල එහෙමත් නැත්නම් හදිසි අනතුරකින් සිරුරේ කොටස් අහිමි වුණු මිනිස්සු.නමුත් අපූර්වත්වය වන්නේ මෙවන් මිනිසුන්ගෙන් බහුතරයක් හිඟමන් නොයැදීමයි. නමුත් රැකියාව හිඟමන කරගත් බොරුකාරයන් නිසාවෙන් අසරණයන් වන්නේ ද මේ පිරිසයි.

15 May, 2017

"තමන් ලද නිදහස වගකීමකින් තොරව,සමාජයේ ආරවුල් හා ගැටලු ඇති වන අයුරන් භුක්ති විදිනවා නම් එය අගය කළ නොහැකියි. "- මහාචාර්ය මාපා තිලකරත්න අංශාධිපති,ජනසන්නිවේදන අධ්‍යයන අංශය



මාධ්‍ය නිදහස යන්න සමස්ත සන්නිවේදන ක්ෂේත්‍රයේම  සාකච්ඡාවට බඳුන්වන්නා ප්‍රස්තූතයකි. මැයි මස 03 දිනට යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය දිනය වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර් මාපා තිලකරත්න මහතා සමඟ පැවැත්වූ සංවාදය මෙසේ සටහන් කරමු.

ජාතික වශයෙන් මාධ්‍ය නිදහස සැමරීම දිනයකට සීමා කරගැනීම පිළිබඳ ඔබතුමාගේ  අදහස කුමක්ද?
ජාතික වශයෙන් මාධ්‍ය නිදහස සැමරීම දිනයකට සීමා කරගැනීම කියන කාරණය බලනකොට ලෝකයේ බොහෝ රටවල ඊට විශේෂිතව සහ ජාත්‍යන්තරව සමහර කාරණා සම්බන්ධව දින වෙන්කරලා තියෙනවා. ජනමාධ්‍ය නිදහස කියන කාරණය පිළිබඳව දිනයක් වෙන්කිරීම විවිධ හේතූන් මත සිදුවූවත් මම හිතන්නෙ ජනමාධ්‍ය නිදහස දිනයකට සීමා නොවී ඕනෑම රටක ක්‍රමාණුකූලව විද්‍යාත්මක පදනමක් යටතේ දිගින් දිගටම, සෑම දිනයකම ක්‍රියාත්මක වෙන්න ඕන. විශේෂයෙන් ම නිදහස පිළිබඳව කතා කරනකොට ජනමාධ්‍ය නිදහස, ප්‍රකාශන නිදහස වගේ වචන පාවිච්චි කරනවා. නිදහස එක්කම එන අනෙක් වචනය තමයි නිදහස භුක්ති විදීම. නිදහස භුක්ති විදීම එක්ක එන අනෙක්  කාරණය තමයි වගකීම. නිදහස භුක්ති විදීම සිදුවිය යුත්තේ ඉතාමත්ම නිවැරදි වගකීමක් එක්ක. වගකීමක් ගන්න බැරිනම් නිදහසක් භුක්ති විදීමට ඉඩදිය යුතු නැහැ කියන එකයි මගේ අදහස. නිදහස භුක්තිවිදීම සහ වගකීම කියන කාරණා එක්ක ඒක නිවැරදිව භාර අරගෙන භාවිතයට ගැනීම තමයි විය යුත්තේ. දිනයකට සීමාවීම නොවීම කෙසේ වෙතත් ජනමාධ්‍ය නිදහස ඕනෑම රටකට තියෙන්න ඕන. නිදහස තියෙන්න ඕන ඒ නිදහස භුක්තිවිදින අය ඒක වගකීමෙන් භුක්ති විදිනවා නම් විතරයි. වගකීමෙන් තොරව අවිද්‍යාත්මක පදනමක් යටතේ බොහොම රැඩිකල් විදිහට, විවිධ ප්‍රශ්න ඇතිවෙන විදිහට,රට තුළ විවිධ ආරවුල් ඇතිවෙන විදිහට ආගම් අතර අන්තර් වශයෙන් ගැටලු ඇතිවෙන විදියට ඒ නිදහස භුක්ති විදිනවා නම් ඒක අගය කරන්න බැහැ. ඒක අවිද්‍යාත්මකයි.

මෙවර ජනමාධ්‍ය දිනය වෙනුවෙන් තේමා කරගත් ජනමාධ්‍ය නියාමනය හා මාධ්‍ය නිදහස පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක් ද?
ජනමාධ්‍ය නියාමනය පිළිබඳ අපේ රටවල තාමත් පැහැදිලි ප්‍රතිපත්තියක් නැ.  මොකද කලින් කලට ඒ ඒ මාධ්‍ය ක්ෂේත්‍රවලට අදාළව යම් යම් නියාමනයන් ගොඩනැගුනත් තවමත් නිවැරදි පදනමක් යටතේ  නියාමනයක් ගොඩනැගීමක් සිදුවෙලා නෑ කියන එකයි මගේ අදහස. සමහර විට යම් යම් මාධ්‍ය සන්දේශ සම්බන්ධව ගත්තහම ඒ ඒ සන්දේශ තුළින් සිදුවන සමාජ බලපෑම අහිතකර යි. හොද ජනමාධ්‍ය නියාමනයක් තිබුණා නම් එවැනි දෙයක් සිදුවෙන්න හේතුවක් නැ. ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය වගේ රටවල් ගත්තහම විශේෂයෙන්ම ආසියානු කලාපයේ ,සාක් කලාපීය රටවල තත්ත්වය දිහා බැලුවම අපි එක්තරා මට්ටමක ඉහලින් ඉන්නවා. අපි කොහොම කතා කලත් අපි හිතනවා බංගලාදේශය වැනි රටක් අපිට වඩා ජනමාධ්‍ය අතින් පහළ මට්ටමක ඇති කියලා. නමුත් ඒක සිහිනයක් විතරයි. බංගලාදේශය වගේ රටක් පිළිබඳව හදාරණකොට අපට පේනවා අපට වඩා විශාල ජනමාධ්‍ය සංඛ්‍යාවක්  පවතිනවා වගේම ඔවුන් තුළ  කිසියම් ආකාරයක නියාමනයකුත් තිබෙන බව . කෙසේ නමුත් මට දැනෙන විදියට අපේ රටේ  විද්‍යාත්මකව හසුරවන පිළිගැනීමට ලක්වන නියාමනයක් නැ.

මාධ්‍ය නිදහස ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළත් දේශපාලන ක්ෂේත්‍රය තුළත්  සංවාදශීලී මාතෘකාවක් ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද?
මාධ්‍ය නිදහස බොහෝ දෙනෙක්ගේ යම් යම් සංවාද , සාකච්චා, සම්මන්ත්‍රණ වගේ දේවල්වල  විලාසිතාවක් විදිහට සාකච්ඡාවට බඳුන්වූ මාතෘකාවක් . මාධ්‍ය නිදහස පිළිබඳව කතා කරන සමහර අයත් මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්නෙ නැහැ. ඔවුන් මාධ්‍ය නිදහස සීමා කරනවා. ඒ වගේම මාධ්‍ය නිදහස අපිට අවශ්‍යයි කියලා සාකච්ඡා කරන, කෑගහන මාධ්‍යවේදීනුත් සමහර විට ඒ මාධ්‍ය නිදහස නිවැරදිව භුක්ති විදින්නෙ නැ. ඔවුන් සමහර විට බරපතල විදිහට යම් යම් සමාජ උද්ඝෝෂණයන් , සමාජය තුළ විවිධ අවධි කිරීම් හොඳ අතට නොව නරක අතට සිදුවන ආකාරයට   වාර් තාකරණය  යෙදෙනවා.මට දැනෙන විදිහට නම්  සාකච්චාවකදී බොහොම ලස්සන වචනයක් විදියට  මාධ්‍ය නිදහස භාවිතයට ගත්තට ප්‍රායෝගිකව මෙය  හඳුනාගෙනත් නෑ. විද්‍යාත්මක භාවිතයකුත්  නෑ .

තොරතුරු සමාජ ගතවීමේ ක්‍රමික වරධනයත් සමඟ මාධ්‍ය නිදහසට වරථමානයේ හිමිව ඇති තත්ත්වය පිළිබඳ අදහස කුමක්ද?
තොරතුරු සමාජ ගතවීම කියන එක බරපතල කාරණයක්. ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් තොරතුරු  සමාජ ගතවීම සඳහා අවශ්‍ය ඉඩකඩ තියෙනවා. ඒ වාරථාකරණයන් තුළ පිළිගත් වාරණ සම්ප්‍රදායන් තිබෙනවා ලෝකයේ සෑම රටකම.වාරණයන්ට හසු නොවන ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම ඒ කියන්නේ වාරණය වන තොරතුරු ඉදිරිපත් නොකොට වාරණය නොවන වඩාත් සමාජයට වැදගත් යැයි කියන තොරතුරු ඉදිරිපත්  කිරීම මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවිය යුතුයි. දැනට පවතින තත්ත්වය  අනුව තොරතුරු සමාජ ගතවීම පිළිබඳ බරපතලව බාදාවක් ඇති කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. සමාජගත කරන තොරතුරු වල නිවැරදි භාවය පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විශ්වාසයක්  තියෙන්න ඕනෙ. වගකීමක් තියෙන්න ඕනෙ.  තොරතුරු ඉදිරිපත් කිරීම් තුළ පරස්පරතා අවම විය යුතුයි.පරස්පරතාවක් සිහිතව තොරතුරු සමාජගතවීම, වාරථා කිරීම කියන එකත් මම හිතන්නෙ හරි අවාසනාවන්ත දෙයක්.  බොහෝ නිවැරදි තොරතුරු අසත්‍ය තොරතුරු ලෙස වාරතා වෙනවා වගේම බොහෝ අසත්‍ය තොරතුරු සත්‍ය විදිහට වාරථා වෙන්න පුළුවන්. මම හිතන්නෙ අපිට  පැහැදිලි ප්‍රතිපත්තියක් අවශ්‍යයි තොරතුරු සමාජ ගතවීම පිළිබඳව, මාධ්‍ය නිදහස පිළිබඳව, ප්‍රකාශන නිදහස පිළිබඳව, ජනමාධ්‍ය ආචාරධරම පිළිබඳව.

පත්‍රකලාවේදීන්ගේ අයිතිවාසිකම් රටින් රටට වෙනස්වෙනවා ලංකාවේ ප්‍රකාශන නිදහස පිළිබඳ ඔබතුමා මොනවද හිතන්නේ?
 ලංකාවේ ප්‍රකාශන නිදහස  පිළිබඳ බරපතල ගැටලු මේ යුගයේ දක්නට  ලැබෙන්නෙ නැ.ප්‍රකාශන නිදහස තියනවා. ඒ වගේම ඕනෑම රටක, ඕනෑම සමාජ ක්‍රමයක වාරණය කියන කාරණය ගත්තහම වාරණය  විය යුතු තොරතුරු තිබෙනවා.ඒවා ඇත්තටම ඒ රටේ සුබ සාධනයට අවශ්‍යය යි. යුධ තොරතුරු වාරණය කිරීම කියන එක අවශ්‍යයම දෙයක්. යුද්ධයක් කරන්න ඉස්සරලා යුධ තොරතුරු හෙළිදරව් කිරීම තුළ  ඒ සැළසුම් අසාරථක වෙන්න පුළුවන්. මෙවන් සමාජ අවශ්‍යතාවයන් නිසාවෙන්ම යුධ තොරතුරු වාරණය වගේම  ,ආගමික වාරණය, තැපැල් වාරණය වශයෙන් වාරණ සමූහයක් අද වනවිට ක්‍රියාත්මක වෙනවා. ජනමාධ්‍ය මගින් සමහර තොරතුරු සමාජ ගතවීම තුළ සමාජය අවිනිශ්චිත තත්ත්වයට පත්වන ප්‍රවනතාවය වගේම වරථමානයේ මාධ්‍ය නිදහස ජනමාධ්‍යකරුවාට සීමාවෙලා තියෙනවායි කිම ද අපහසුයි.නමුත් ජනමාධ්‍ය නිදහස කියන්නෙ මොකක්ද , එය භුක්තිවිදිය යුත්තේ කෙසේද , මාධ්‍යවේදීන් නිවැරදිව තොරතුරු වාරථා කළයුත්තේ කෙසේ ද කියන කාරණය පිළිබඳව පැහැදිලි චිත්‍රයක්  අපේ ජනමාධ්‍ය ව්‍යූහයට තිබිය යුතුයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ.

 මාධ්‍ය නිදහස සැමරීමට සූදානම් වන මෙවන් මොහොතක සමස්ත සමාජයටම ඔබතුමාට දිය හැකි උපදේශය කුමක් ද?
 අපේ රට ගත්තාම මට දැනෙන  තවත් කාරණයක් තමයි මාධ්‍ය සාක්ෂරතාවය කියන එක. ඒ පිළිබඳව  ගැටලු තියනවා .විශේෂයෙන්ම සාග් කලාපීය රටවල ලංකාව තරමක්  ඉහළ  මට්ටමක තිබුණත් අනෙක් රටවල් හා සැසදුවාම අපේ සාක්ෂරතාව පිළිබඳව අවබෝධය අඩුයි. මාධ්‍ය සන්දේශයක්  හරිහැටි තේරුම් ගැනීමේ හැකියාව  මාධ්‍ය සාක්ෂරතාව කියලා මුල්කාලීනව අපි අදහස් කළත්  වරථමානයේ   ඒ විෂය පමණකි මෙය. ඉන්  ඔබ්බට කිසියම් සන්දේශයක් තේරුම්ගැනීමේ හැකියාව පමණක් නොව, යම් යම් සන්දේශවල බලපෑම, ඒ ඒ රටවල මාධ්‍ය ව්‍යූහය, මාධ්‍ය ප්‍රතිපත්ති, ඒ ඒ  මාධ්‍ය ප්‍රතිපත්තිවල සමවිෂමතා,  ආචාරධරම වගේම ඔවුන් සතු දැක්ම සහ මෙහෙවර  වැනි බොහෝ කාරණා  මාධ්‍ය ක්ෂේත්‍රයට අදාලව හැදෑරීම , දැනුවත්වීම මාධ්‍ය  සාක්ෂරතාවය තුළට අන්තරගතවෙලා කියන කාරණයට වර්තමාන විද්‍යාඥයෝ පෙළඹිලා . ඒ නිසා  මාධ්‍ය නිදහස සමරන මොහොතක මම නම්  දකින දේ තමයි මාධ්‍ය පිළිබඳ ජනතාව තුළ පවතින   අවබෝධය  මීට වඩා පුළුල් කළ යුතුයි කියන කාරණය. සමහරවෙලාවට අපේ රටේ සමහර අය මාධ්‍ය  නිදහස කියන වචනය දන්නෙත් නැ,මාධ්‍ය නිදහස කියන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද  කියන එක දන්නෙත් නෑ. ඒ නිසා මාධ්‍ය  ක්‍රියාකාරීත්වය, මාධ්‍ය ව්‍යූහය, මාධ්‍ය  නිදහස ,වාරණය හරහා සිදුවන සමාජ  බලපෑම , මාධ්‍ය සංස්කෘතිය  මේ වගේ කාරණා පිළිබඳවත් අපේ රටේ ජනතාව  කිසියම් අවබෝධයක් ලබාගතයුතුයි කියන එකයි මගේ අදහස මේ වගේ දිනයක් සමරන මොහොතක.

සංවාද සටහන


සානිකා ප්‍රියංජලී දිසානායක

13 May, 2017

ටැටූ කලාව


ටැටූ කියන්නේ වෙනමම කලාවක් .හුගාක් අය ඒකට ආසයි. සමහර ටැටූස් හරිම කලාත්මකයි.ටැටූ එකක් ගහන්න තීරණය කරන්නේ මොන හේතුව නිසා වුණත් කවදාවත් මකන්න බැරි ටැටූ එකක් ඇගේ කොටා ගන්නවා කියන්නේ අමුතුම විදියේ ආතල් එකක්.
කැන්වසය ලෙස සම යොදා ගනිමින් , පින්සල් ලෙස උල් තුඩු සහිත උපකරණ භාවිත කරමින් ඇඳපු මුල්ම ටැටූ වල කතන්දරය මායාවරුන්ගේ ශිෂ්ටාචාරයටත් එහා ඈත අතීතයකට දිවෙනවා. ටැටූ සමාජ තත්ත්වය පිළිඹිබු කරණ සාධකයක් විදියටත්, මිය යාමෙන් පසු තමන්ගේ සමීපතමයන් දිව්‍ය ලෝකයේ දී හදුනාගැනීම පහසු වනු පිණිසත් එක් එක් පවුල්වලට ආවේණික ටැටූ වලින් ඒ ඒ පවුල් ,සමාජක්‍රම හදුනා ගැනීමත්, විවාහ කටයුතු වලදි තම කුලය සහ පවුලට ගැළපෙන සහකරුවකු සොයා ගැනීමටත් වැදගත් සාධකයක් ලෙස මුල්කාලීනව යොදාගෙන තියෙනවා.
ටැටූ ගහන එක එතරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. අතේ මුදලට සරිලන ලෙස වගේම මුදලේ ප්‍රමාණය මත ටැටූස්හී ගුණාත්මක භාවය  ද තීරණය වෙනවා. ඒ වගේම ටැටූ ගහන්න හැමෝටමත් බෑ. ඒකට දක්ෂතාවය තියෙන්නම ඕනෑ. ටැටූ වර්ග අතුරින් පොලිනේඩියන් ටැටූ, ට්‍රයිබල් ටැටූ, හයිඩා ටැටූ තාරුණ්‍යය අතර ජනප්‍රියයි. වේදනාව තුළින් මැවෙන අලංකාරවත් ටැටූ කලාව පිළිබඳ මුල්කාලීන ජනතා විශ්වාසයන් වූයේ තරුණයෙකුට පච්චයකින් දැනෙන වේදනාව දරාගත නොහැකි නම් ඔහු යුද්ධය සඳහා නුසුදුස්සකු ලෙසත්, තරුණියකට එම වේදනාව දරාගත නොහැකි නම් ඇය දරුවෙකුට උපත දීම සඳහා නුසුදුස්සියක ලෙසත් ය.ටැටූ කියන්නේ වාසනාව ලැබෙන සාධකයක් වශයෙන් ද චීන ජනයා විශ්වාසයන් ගොඩනගාගෙන තිබිණි.
ලෝකයේ  බොහෝ රටවල ටැටූ කලාව ඉතාමත් ජනප්‍රියයි. ලාංකීය සමාජය තුළ ඉස්සර නම් පච්ච ගහන් ඉන්න අය දිහා සමාජය බැලූවේ වපර ඇහැකින්. අයි.ආර්.සී කාරයෝ කියලා නම් පටබැදුනෙත් ඔවුන්ට ඒ නිසායි. නමුත් අද තරමක් මතය වෙනස් වෙලා. තාරුණ්‍යයේ විලාසිතාවන් අතර අලුත්ම විලාසිතාවක් ,ට්‍රෙන්ඩ් එකක් බවට ටැටූ පත්වෙලා. ලස්සන වෙන්න විතරක් නෙමෙයි තමන් මොන වගේ ඇවතුම්, පැවතුම් තියෙන කෙනෙක් ද කියලා සමාජයට පෙන්නන්න හොඳම ක්‍රමයක් විදියටත්, තමා සිතැගි දේවල්, අමතක නොවන දේවල් ,ප්‍රියතම රූප ආදිය ටැටූ ලෙස ද කොටා ගන්නට ලාංකීය තාරුණ්‍යය පෙළඹිලා. ඒ නිසාවෙන්ම අද වෙන කොට ගැහැණු පිරිමි බේදයක් නොමැතිවම ටැටූ කලාව ජනප්‍රිය වෙලා. අවබෝධයෙන් පමණක් නොව අනවබෝධයෙන් ද ටැටූ ගැසීමට පෙළඹෙන තාරුණ්‍යය ලාංකීය සමාජ ක්‍රමය ,සංස්කෘතික තත්ත්වයන් නිසාවෙන් දාමරිකයන් වශයෙන් විරුදාවලියන් එකක්රගත්ත ද වත්මනේ ටැටූ කලාව ප්‍රකාශණ මාධ්‍යයක් බවට ද පත්වෙලා. ලාංකික තාරුණ්‍ය අතරත් දැන් දැන් ටැටූ සුලභ විලාසිතාවක් වගේම ටැටූ උන්මාදයකුත් නිර්මාණය වෙලා. ඇත්තටම ටැටූ එකක් ඇදීම මහා ලොකු වරදක් වගේ පෙණුනට ටැටූ ඇදීම මහා ලොකු වරදක් නොවේ.ටැටූ කියන්නෙත් අතීත සමාජ ක්‍රමයන්හී පටන් වර්තමානය දක්වාම පැවත එන එක්තරා ජීවන රටාවක්, කලාවක්.

04 May, 2017

සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණයේ වැදගත්කම


අතීතයේ සිට වර්තමානය දක්වා මිනිසා විසින් විවිධ යුග ගණනාවක් පසු කරමින් වර්තමාන තාක්ෂණ යුගයට එළඹ ඇත. කලින් පැවති සෑම යුගයකටම වඩා වර්තමාන තාක්ෂණ යුගය ඉතාමත් දියුණු යි. මිනිසාගේ මෙම සීග්‍ර දියුණුවත් සමඟම ඔවුන්ගේ අවශ්‍යතාවයන් වගේම දැනුමත් වැඩි විය. ඒත් සමඟම අවශ්‍යතාවයන් පෙරට වඩා සංකීර්ණ විය.
තොරතුරු නිර්මාණය කිරීමට, කලමණාකරනය කිරීමට, එම තොරතුරු භාවිතා කිරීමට සහ එකිනෙකා සමග හුවමාරු කර ගනීම සදහා භාවිතා කරන තාක්ෂණය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නම් වේ.සන්නිවේදනය සහ තාක්‍ෂණය පුළුල්වීමත් සමඟ සමාජ මානවයා විශ්වය සමඟ තොරතුරු හුවමාරුකර ගැනීමේ පිපාසයකින් පෙළෙමින් සිටියි. මේ වන විට නූතන සන්නිවේදන විද්‍යාඥයන් ගවේෂණය කරනු ලබන්නේ අපගේ පෘථිවියෙන් බැහැර වූ වෙනත් ග්‍රහලෝකවල ජීවත්වන කිසියම් දියුණු ප්‍රාණීන් සිටී ද යන්නත්, එකී ප්‍රාණීන් සමඟ තොරතුරු හුවමාරු කර ගන්නේ කෙසේද? යන්නත්, පිළිබඳව ය. 
මෙවැනි දියුණු සමාජ සංස්‌කෘතියක්‌ තුළ සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණයෙන් තොරව කවර හෝ ජන සමූහයක පැවැත්මක්‌ ගැන සිතිය නොහැකිය. සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණය මානවයාගේ සමාජ අවශ්‍යතාවක්‌ මෙන්ම සමාජ සබඳතා ගොඩනංවන ප්‍රධාන සාධකයක්‌ බවට පත් වී තිබේ. එසේම සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණය මානව සමාජයේ ඉදිරි පැවැත්මට මෙන්ම මානව සංවර්ධනයට ද එක සේ බලපානු ලබයි.
ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය මගින් සිදුකළ හැකි මෙහෙවර අතිවිශාලය. දිනෙන් දින වෙනස්‌ වන සමාජය තුළ පොදු ජනතාවගේ විඥනය පුළුල් කරමින්, සමාජ සංවර්ධනයක්‌ සිදුකිරීමට යැමේදී සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණය බෙහෙවින් උපකාරී වේ. එමෙන්ම අපගේ සමාජය අපේක්‍ෂිත ඉලක්‌ක කරා යොමු කරවීම සම්බන්ධව සහ නව මුහුණුවරකින් යුත් මාධ්‍ය සංස්‌කෘතියක්‌ නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ද මෙම තාක්‍ෂණික භාවිතාව වැදගත් වනු ඇත.තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය විවිධ සමාජ ස්‌ථර නියෝජනය කරන ජන සමූහවල සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක්‌ සිදුකරනු ලබයි. මේ නිසාවෙන්ම සන්නිවේදන සහ තාක්‍ෂණික ක්‍රමවේද අපගේ ජන සමාජය තුළ ද දිනෙන් දින ප්‍රචලිත වෙමින් තිබේ. එබැවින් වේගවත් සමාජ සංවර්ධනයට මුහුණ දීම සඳහා නවීනත්වයේ පහසුකම් රිසි සේ පරිහරණය කිරීමට අපේ රටේ පුරවැසියන් ද හුරු විය යුතුය.ඒ සඳහා ජනතාවගේ සාමාන්‍ය දැනීම වර්ධනය කර ගැනීමට සහ වේගවත් සංවර්ධනය හමුවේ පොදු ජන විඥනය ඉහළටම නංවා, ජාතික සංවර්ධනයට සාර්ථකව මුහුණදීමට හුරුකර වීමේ අවශ්‍යතාවය ද සමස්ත සමාජයේම වගකීමක් විය යුතුය.