27 November, 2016

මාස්ටර් සර්


1937 ජනවාරි 25 වන දා වාද්දූව තල්පිටිය ග්‍රාමයේ උපන් කේමදාසයන් විරල ගණයේ ප්‍රතිභාවක් මිටින් ගෙන ආ යුග පුරුෂයෙකි.සිංහල සංගීත ක්ෂේත්‍රය කනපිට හැරවූ විශ්වකර්මයෙකි.
            උදුම්බරා
            හිමින් සැරේ පියා විදා
            මාද ඔබම විය
            සුළං කුරුල්ලෝ
 ගීත වගේම"
බඹරු ඇවිත්
 හංස විලක්
 ගොලු හදවත
 නිධානය
තුන්වැනි යාමය
ලාංකීය සිනමා සංගීතයේ ඔහුගේ නොමැකෙන සටහන්ය.
සංගීතයෙන් දේශපාලනය කිරීම"අරගල කිරීම වගේම මිනිසුන්ට සංගීතයට ආදරය කරන්න ඉගැන්වූ කේමදාසයන් සංගීතය භාවනාවක් කරගත්තෙකි.තමා විසින් ගොඩනගාගත් සම්ප්‍රදාය ඇසුරු කරගනිමින් සංගීතය තුළ සිය අණසක පතුරුවා හැරවීමට මොහු සමත් විය.මිනිසුන්ගේ හදේ රැදි රිද්මය නිර්මාණ තුළට අන්තර්ගත කරමින් කිසියම් හෝ සම්ප්‍රදායක් අභියස අඟුටු මිට්ටෙකු නොවීය. සංගීතය නම් වූ විශ්ව භාෂාවේ ලාංකේය සළකුණ වූ නුඹේ පුනරාගමනය අඬන කලාවක් වූ වර්තමාන ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අස්වැසිල්ලක් වනු නොඅනුමානය.


දුරකථනයේ අධිභාවිතය




සන්නිවේදනය මූලික මානව අවශ්‍යතාවයකි. මානව පරිණාමය ක්‍රමිකව වර්ධනය වීමත් සමඟ තාක්ෂණික දියුණුව ඇති විය.එහි එක් ප්‍රතිඵලයක් ලෙස ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් දුරකථනය සොයාගැනීම මෙන්ම ශබ්දය පිළිබඳ විවිධ විද්‍යාඥයන්ගේ පර්යේෂණ කලඑළි බැසීම සිදුවිය.
1930 න් පසු ජංගම දුරකථනය ව්‍යාප්තවීම සිදුවිය.ඒත් සමග පරිගණකය හා තාක්ෂණික පහසුකම් ඉහළ තත්ත්වයකට පත්වෙමින් අන්තර්ජාලය සම්බන්ධතා මෙන්ම නවීන දත්ත සම්ප්‍රේෂණ කිරීමේ විධික්‍ර සහිතව අද සමාජය තුළ ව්‍යාප්තව පවතින ප්‍රබලම සන්නිවේදන උපකරණය බවට ජංගම දුරකථනය පත් විය.
තොරතුරු රැස්කිරීම"ගබඩා කිරීම " වාර්තාකරණය ආදීය සඳහා අදවන විට දුරකථනය අත්‍යා්වශයය අංගයකි. ස්පාඤ්යේ බාසිලෝනියානු නුවර මනෝ විශ්ලේෂකයෙක් වන ඇන්ඩ්රියාස් ගොන්සාලිස් පවසන්නේ  මිනිසුන් සමහර දුරකථන ඇමතුම් කෙටි පණිවුඩ නොලැබීම මත ඔවුන්ව සමාජයෙන් හුදකලා වූ බව සිතමින් ලතවෙන බවයි.
Ø  දුරකථනයේ බැටරියේ ධාරිතාව අවසන්වූ විට
Ø  ජංගම දුරකථනය නිවසේ අමතක වී ගිය දිනක
Ø ගමන් බිමන් යන විට පමණක් නොව නිදා ගන්නා විටත් ජංගම දුරකථනය ක්‍රියා විරහිත වීම
පුද්ගලමය වශයෙන් අධික ලෙස දුක් වීම හා හුදකලාවක් දැනෙන තත්ත්වයකට වත්මන් මිනිසා පත්ව ඇත.මිනිස් ජීවිතයට සමීපතම අංගයක් වූ ජංගම දුරකථනයේ අවශ්‍යතාවය කොපමණ යත් වර්තමානයේ ලංකාවේ ජනගහණයට වඩා දුරකථන සිම්පත් හා දුරකථන විශාල ප්‍රමාණයක් භාවිතයට ගැනීම දිනෙන් දින ඉහළ යමින් පවතී.
          දුරකථනයේ අධිභාවිතය තුළ ගැටුම් ,අනිසම් සබදතා ,අපරාධ සැලසුම්,මානසික ගැටලු ආදීයෙන් වූ විවිධ සමාජ ගැටලු සහ නව ප්‍රවණතාවයක් ලෙස පුරුෂයින්ගේ ප්‍රජනන ශක්තිය කෙරෙහි මෙන්ම ස්ත්‍රින්ගේ වඳ භාවයට ජංගම දුරකථනය හේතුවක් ඇත.
          බහුමාධ්‍ය ලක්ෂණ වලින් යුක්ත දුරකථනය භාවිතය අවශ්‍යතාවයක් වූව අධිභාවිතය තුළින් ගැටලුකාරී තත්ත්වයන් උදා කරගන්නේ යන්න දුරකථය අතැති අප කවුරුත් සිතා බැලිය යුතුය.






26 November, 2016

කලාවට ගිය තැන


ජීවිතය ජිවත් කරන්න අරමුණක් සොයන විට කලාකරුවා එය ජීවිතයේ  සුන්දරත්වයට යන පාර කියන අයකු වේ.
කලාව මගින් ආනන්දයෙන් ප්‍රඥාවට මිනිසාට ගමන් කරන්නට හැකි මගක් නිර්මාණය වීම සමාජයට වැදගත් සාධකයකි.එනමුත් මෙරට බිහි කරණු ලබන කලාවට එය කෙතරම් දුරට සිදු කිරීමට හැකි වීද යන්න ප්‍රශ්ණයකි.එකිනෙකා තම තමන් විසින් ලබා ගන්නා අත්දැකීම් සමාජ ගතකිරීම නැවතීමට හැකියාවක් නැති වූවද සමස්ත සමාජයේ ලැජ්ජා භිය නැති කර මිලේච්ජත්වයට ගෙන ඒමට එය අනෙක් අයට ද බෝ කිරීමට කලාත්මක නිර්මාණ දායක වේ.සන්නිවේදනයේ හර පද්ධතිය කලාව හරහා ජනතාව අතරට ගෙන යාම එයට ප්‍රධාන හේතුවයි.කලාව කලාව සඳහා පමණක් වීම සහ කලාව මුදලට යටවීම හමුවේ කලාවේ සමාජ වගකීම කලාකරුවා විසින් පැහැර හැර තිබීම වර්තමානය තුළ සෝචනීය තත්ත්වයකි.
කලාව විදීමට ඇති අයිතිය සහ කලාව විදීමට බුද්ධිය ලබාදීම අධ්‍යාපන ක්‍රමයේ සැලැස්ම විය යුතුය.නමුත් මෙරට කලාව මිනිසා වෙනුවෙන් නිර්මාණය කිරීමට සුදුසු පරිසරයක් ඇති කිරීමට සිටින පිරිස නිහඩ වීම හමුවේ සිදුවන විනාශය ද අතිමහත්ය.ඒ හේතුවෙන් අතීතයේ පටන් බිහිවූ සාහිත්‍ය ලෝකය අනාගත පරපුරට අහිමි වනු ඇත.ජන විඥාණයත් සමඟ පරපුරෙන් පරපුරට රැගෙන ආ සියල්ල ද නැති වී යනු ඇත.අවසානයේ  ශ්‍රී ලංකාව විකෘති කලා කරුවන්ගේ දේශයක් වනු ද නොඅනුමානය.