26 October, 2016



දන්නා සහ නොදන්නා දේ........
මිහිමත උපත ලද සෑම මිනිසෙකුම කිසියම් ඡවි වර්ණයකට උරුමකම් කියයි. එය කළු සුදු තලෙළු ආදියෙන් වූ වර්ණභේදයන් දක්වා දිව යයි.සුදු පැහැය යනු තාරුණ්‍ය දක්නා ස්ත්‍රී හෝ පුරුෂ වශයෙන් වූ වර්ණීය අලංකාරත්වයයි.ඔවුන්ගේම බසින් කියනවනම් පට්ට ලස්සනයි.
මේ නිසාවෙන්ම තලෙලු හා කළු යන සම්මතය ගොඩනගාගත් පිරිස් තමන් උපතින් ලත් සමේ පැහැයට වඩා වැඩි සුදක් ලබා ගැනීමේ උන්මාදයෙන් පෙළෙයි.එදා වේළ කෑමට අත මිට මුඳල්  නැති පුද්ගලයාගේ පටන් අතමිට සරුවූවන් දක්වාම කොපමණ මුදලක් වුවත් වැය කිරීමට කැමත්තෙන් මේ පසුපස යති.නමුත් ඒ තුළින් ඇතිවන අතුරු ප්‍රතිඵල මේ කිසිවෙකුටත් වගක් නැත.
නවීකරණයයේ හිනිපෙත්ත සොයා යන ලෝකයක වෙළදපොළ තුළ ඇත්තේ සීඝ්‍ර දියුණුවකි.ඒ තුළින් රූපලාවන්‍යය ද්‍රව්‍ය වෙත ඉලක්ක වන පිරිස් දිනෙන් දින ඉහළටම යයි. අද වන විට වෙළදපොළේ බොහෝ ආලේපන වර්ග ඇත.ඒ අතුරින් ආලේප කළ විට හෙට හෝ සතියෙන් සුදුවන වයිට්නිං ආලේපන වඩාත් ජනප්‍රියව ඇත.
රසායනික ද්‍රව්‍ය අඩංගුව නොමැති 100%ක් ම ස්වාභාවිකව නිපදවා ඇත යන්න සෑම ආලේපනයකම සඳහන් වූවද දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පුරාණ ඍෂිවරුන් ප්‍රකාශකර ඇති පරිදිනම් ස්වභාවික දෙයකින් සම සුදු කරවීය නොහැකි බවත් පැහැපත් වීම පමණක් සිදුවන බවත් පෙන්වාදී ඇත.
අපේ සම සෑදී ඇත්තේ තට්ටු පහකින් ආවරණිතව වන අතර වයිට්නිං ආලේපන වල ඇති රසදිය හයිඩ්‍රොක්විනෝන් හෝ කොජික් ඇසිඩ් ඉහත කී සෛල තට්ටුවලට ගොස් ලේ  සමඟ මිශ්‍ර වේ.මෙහි අතුරුඵල ඉතා බිහිසුනුය.සෑදෙන රෝගී තතත්වයන් පවා සොයාගන්නටද  ඇතැම් අවස්ථාවන්හී දී නොහැකිය.ආලේපන ජනප්‍රිය වූ පමණින් හෝ එය ඉතාමත් ඉහළ තත්ත්වයේ පවතින්නක්ය යන්න පැවසූවද ප්‍රමිතිය පිළිබඳ නිශ්චිතව පැවසීම ඉතා බැරූරුම්ය.
 තාවකාලික ලස්සනක් ලබාගැනීමට ගොස් පවතින ශරීර පැහැය පවා විකෘත්ති කරගනිමින් ලෙඩරෝගවලට ගොදුරුවන්නේ ද යන්න වැඩිදුරටත් සිතා බලා කටයුතු කරලීම වත්මන් සමාජීය පරිසරය තුළ බාල ,තරුණ,වැඩිහිටි,මහළු කාගේත් සිත රැදි කරුණක් විය යුතුය.

No comments:

Post a Comment