සෙනහස
ගෙවන හැම නිමේෂයකම
සිත් අහසේ වැජඹෙන
හිරු නුඹයි
මගේ ලෝකය
එළිය කරලන........
ඝණ හිරු රැසින්
පිච්චී ගියද
නුඹෙ කය....
සොම් රැස් ලෙසින්
දරා ගත්තේ
මා නිසාවෙන්
නොවෙද.........
අතේ කරගැට එන තුරා
දහඩිය සහිත ගත
දවාලමින්
අතට ගත් කුලුගෙඩිය
හිරු පායා අවරගිරින් බසින
තුරු
බිම නොතබන්නේ
මා නිසාවෙන්
නොවෙද........
ගලින් ගල කඩා අවසන
ලබාගත් සොච්චමින්
කඩ මණ්ඩියේ ම්‍රුඳළාලිගෙන්
කුණූ බැනුම් අස අසා
බඩ වියත රකින්නට
හිස පාත් කරනුයේ.....
මා නිසාවෙන්
නොවෙද......
කය වෙහෙසවා දින සති
ගෙවා
නුඹෙ ගතේ ශක්තිය
ගල් වැඩපොලෙම
ගෙවී ගෙන ගොස්ය......
ඉදින්නට තවත් කලක්
උවමනා නොමැත නුඹ හට
ගෙවන්නට ණයක් ඇත
පීතෘ සෙනෙහසට
මා සතුව..........
නොබෝ දිනකින් නුඹව
රජකු ලෙස සරසන්න
පන්නරය ලබමි මම.....
(ශානි)
No comments:
Post a Comment