26 October, 2016

වත්මන් තාරුණ්‍යෙය් කැඩපත බඳු ඇදුම් විලාසිතා



       අතීත සමාජ මිනිසා හූව භාවිත කළේ අදහස් හුවමාරු කරගැනීමේ සම්ප්‍රදායික මෙවලමක් වශයෙනි. නමුත් වත්මන් මිනිසා හූව භාවිතා කරනුයේ තාරුණ්‍යට ඔච්චම් කරලීම සඳහාය.එයට හේතුව වත්මන් තාරුණ්‍ය‍යේ පවත්නා මන්දමානසිකත්වය හා නොසැලකිලිමත් භාවයයි. තාරුණ්‍යෙයේ උඩු යටිකුරු විලාසිතාවන් අධ්‍යයනය තුළ ඒ බව මනාව පසක්වන්නේය.
අදිනා වස්ත්‍රය ඒ ඒ තැනින් කොන් එල්ලෙන අයුරින් නොහැඳිය යුතුය.මනාව ඇඟ වැසෙනන ලෙස ඇඳගෙන ගමන් බිමන් යා යුතුය. වස්ත්‍රය කැසපට ගන්වාගෙන මහ මඟ ගමන් නොකළ යුතුය. කැසපට ගන්වාගෙන කෙබඳු ස්ථානයක වුව නොහිදිය යුතුය. යන්න බුදු දහම තුළින් පෙන්වා දී ඇති සදාචාරයයි. නමුත් අද තාරුණ්‍යය ආගම ද , ජාතිය ද හරිහැටි නොහඳුනති. ඉතින් කෙසේ නම් සිරිත් විරිත් සාරධර්ම දැන ගන්නද මේ සියල්ල ජනමාධ්‍ය භාවිතයත් සමඟ පැන්ටසිකරණයකට ලක්ව ඇත. මෙවන් වාතාවරණයක් තුළ ඇඳුමට හිමිවී ඇත්තේ ද දරුණු ඛේදවාචකයකි.
චාල්ස් ඩාවින්ගේ මානව පරිනාමවාදයට අනුව මිනිසාගේ ප්‍රභවය වානරයාගෙන් බව මනාව පසක් වන අතර වත්මනන් තාරුණ්‍යය අතීත ගල් යුගයේ මානවයන් මෙන් විලි වැසෙන තරමට වඩා විලි පෙනෙන තරමටම ඇඳුම් අඳියි. මාධ්‍ය මඟින් පිළිඹිබු කරලන දැන්වීම් ටෙලිනාට්‍යය විත්‍රපටි ආභාෂයට ගන්නා තාරුණ්‍යය වොරව් වීවර් ප්‍රකාශ කළ පරිදි සන්නිවේදනය වූ කලී එක් පුද්ගලයකුගේ මනස තවත් පුද්ගලයකුගේ මනස හා බැදීමත් බව තහවුරු කරලමින් මාධ්‍ය හා බැදෙමින් හොද පසෙකලා නරක ලබා ගනී.තාරුණ්‍යය රුඩිකල්ය. විලාසිතාවට කැමතිය.විරුද්ධ ලිංගික ආකර්ෂණය දිනා ගැන්මට සමත්ය. මෙවන් වාතාවරණයක් තුළ විලාසිතා නිර්මාණය කරගැනීට උපන්හපනුන් බවට තාරුණ්‍යය පත්ව ඇත. ඒ අතර ,
ඇදුම් පැදුම් - ආභරණ
පාවාහන්
කොන්ඩ  මෝස්තර
කඩ්ඩ මුසු කරන කතා බහ ,ඇවිදින විලාසය විලාසිතාවන් අතර ප්‍රබලවම කැපී පෙනෙන්නකි. දනිසටත් උඩින් කොටට හැදි ගවුම කිටි කිටියේ ඇඟට හිරවී තිබීම,  කොන්ඩය  ස්ට්‍රෙට් කර හෝ රීබෝන් කර ,  හයි හිල්ස් දමන මුහුණේ පියුරු තවරා තෙල් රතට රත ගැන්වෙන්න ලිෆ්ටික් තැවරීම වත්මන් තාරුණ්‍යය තුළ විලාසිතා නිරෑපණය මෙන්ම නිර්මාණකරණයට ලක්ෂගණන් දිනා ගැනීමට සමත් ජයග්‍රහණයන් බවට ද පත් කරලීමින් වත්මන තුළ උපදෙස් ගොනුවේ.
නමුත් මෙවන් විලාසිතාවන් නිසා වත්මන් තාරුණ්‍යය බස්රථයක යාමට මෙන්ම පාරේ බැස යාමටද නොහැකි තත්ත්වයක් උදාව ඇත. බොහෝ විට දෝෂදර්ශනයට ද ලක්වේ. ඇතැම්විට ස්ත්‍රී දූෂණ අපයෝජන අපචාර වැඩිවන්නට ද හේතුව පුරුෂ කාමය අවුස්සාලන ස්ත්‍රී අඩ නිරුවත වන්නට ද පිළිවෙන. එසේනම් විලාසිතා ගැන අඳින්නට පෙර සිතා බැලීම පිළිබඳ  සැලකිලිමත් විය යුතු කාලය උදාකර ගත යුතු නොවේද යන්න තාරුණ්‍යෙයන් මා අසන ප්‍රශ්නයයි??

     




දන්නා සහ නොදන්නා දේ........
මිහිමත උපත ලද සෑම මිනිසෙකුම කිසියම් ඡවි වර්ණයකට උරුමකම් කියයි. එය කළු සුදු තලෙළු ආදියෙන් වූ වර්ණභේදයන් දක්වා දිව යයි.සුදු පැහැය යනු තාරුණ්‍ය දක්නා ස්ත්‍රී හෝ පුරුෂ වශයෙන් වූ වර්ණීය අලංකාරත්වයයි.ඔවුන්ගේම බසින් කියනවනම් පට්ට ලස්සනයි.
මේ නිසාවෙන්ම තලෙලු හා කළු යන සම්මතය ගොඩනගාගත් පිරිස් තමන් උපතින් ලත් සමේ පැහැයට වඩා වැඩි සුදක් ලබා ගැනීමේ උන්මාදයෙන් පෙළෙයි.එදා වේළ කෑමට අත මිට මුඳල්  නැති පුද්ගලයාගේ පටන් අතමිට සරුවූවන් දක්වාම කොපමණ මුදලක් වුවත් වැය කිරීමට කැමත්තෙන් මේ පසුපස යති.නමුත් ඒ තුළින් ඇතිවන අතුරු ප්‍රතිඵල මේ කිසිවෙකුටත් වගක් නැත.
නවීකරණයයේ හිනිපෙත්ත සොයා යන ලෝකයක වෙළදපොළ තුළ ඇත්තේ සීඝ්‍ර දියුණුවකි.ඒ තුළින් රූපලාවන්‍යය ද්‍රව්‍ය වෙත ඉලක්ක වන පිරිස් දිනෙන් දින ඉහළටම යයි. අද වන විට වෙළදපොළේ බොහෝ ආලේපන වර්ග ඇත.ඒ අතුරින් ආලේප කළ විට හෙට හෝ සතියෙන් සුදුවන වයිට්නිං ආලේපන වඩාත් ජනප්‍රියව ඇත.
රසායනික ද්‍රව්‍ය අඩංගුව නොමැති 100%ක් ම ස්වාභාවිකව නිපදවා ඇත යන්න සෑම ආලේපනයකම සඳහන් වූවද දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පුරාණ ඍෂිවරුන් ප්‍රකාශකර ඇති පරිදිනම් ස්වභාවික දෙයකින් සම සුදු කරවීය නොහැකි බවත් පැහැපත් වීම පමණක් සිදුවන බවත් පෙන්වාදී ඇත.
අපේ සම සෑදී ඇත්තේ තට්ටු පහකින් ආවරණිතව වන අතර වයිට්නිං ආලේපන වල ඇති රසදිය හයිඩ්‍රොක්විනෝන් හෝ කොජික් ඇසිඩ් ඉහත කී සෛල තට්ටුවලට ගොස් ලේ  සමඟ මිශ්‍ර වේ.මෙහි අතුරුඵල ඉතා බිහිසුනුය.සෑදෙන රෝගී තතත්වයන් පවා සොයාගන්නටද  ඇතැම් අවස්ථාවන්හී දී නොහැකිය.ආලේපන ජනප්‍රිය වූ පමණින් හෝ එය ඉතාමත් ඉහළ තත්ත්වයේ පවතින්නක්ය යන්න පැවසූවද ප්‍රමිතිය පිළිබඳ නිශ්චිතව පැවසීම ඉතා බැරූරුම්ය.
 තාවකාලික ලස්සනක් ලබාගැනීමට ගොස් පවතින ශරීර පැහැය පවා විකෘත්ති කරගනිමින් ලෙඩරෝගවලට ගොදුරුවන්නේ ද යන්න වැඩිදුරටත් සිතා බලා කටයුතු කරලීම වත්මන් සමාජීය පරිසරය තුළ බාල ,තරුණ,වැඩිහිටි,මහළු කාගේත් සිත රැදි කරුණක් විය යුතුය.

දිවා රෑ නොබලමින්
ගත දහදියෙන් පෙගෙන තුරැ
ලැබේ අස්වැන්නේ
අසීමිත
සන්තුෂ්ටිය
පවසාවි නුඹේ ඹය
මුවෙහි රැදි

සිනාපොද...............

පුංචි පැලේ
කුප්පිලාම්පු එළියෙන්
අකුරු කියා දී
මා අසලින් රැදුන
ආලෝකය නුඹයි
සහෝදරත්වය නමින් පායා පැමිණී........





23 October, 2016


විසල් අහස යට
නිසල ජලය මත
ඉමක් කොනක්
නැති.....
නොපෙනෙනා
අතීතෙක...
හුදකලාව
දැනෙන්නේද
මට මෙන්

නුඹට.....

අඳුරු අහසට
පායන තරුව
ආලෝකයකි සැමවිටම
අහසට.....
අඳුරු සෙවනැලි අතර
රැදුන ජීවිතයන්ට
ආලෝකයකි සැමවිටම
ජීවයක් දෙන්නට
නැගී ආ
පිවිතුරු

හදවත....

ස්ත්‍රීත්වය
පසෙකලා
ගිණී අවිය
අතටගත්
අහිංසකාවිය ඇයයි....
යුධ බිමේ
යුධ වැදුන.........


22 October, 2016


අභීමානය

ඔසවා ලක් ධජය
නිමා කොට
යුධ බිය
රැගෙන ආ සාමයේ
දේශාභිමානය
ඔප දැමූවේ
නුඹය........
(ශානි)



අම්මේ
මම
බලන් ඉන්නවා.....
යුධ  බියෙන්
මුළු ගැන්විලා
නැගෙන ගිණි දැලි
ලෝකයෙන්ම තුරන් වන තුරා....
අහිම වූ
නුඹ
මගේ ළඟට
ඒවිද කියා....

( ශානි)

පවුල් බර වැඩිකමට
දුන්නාද
මා
පන්සලට
නොතේරෙමි
කිසිත් මට
පුදබිමේ අභීයස
දවටගත්
චීවරය
ආශිර්වාදයකි මා හට
දුරස් වූ
බැදීමට
සැනසීම බුදුන් අභියස මෙමට...
තේරුම් ගනිමි මම
නොවැටහෙන සියල්ලම
එතර කරන්නට
මතු දිනක
හතර වරිගයක
මගේ පසුපස රැදුන....
(ශානි)



සෙනහස
ගෙවන හැම නිමේෂයකම
සිත් අහසේ වැජඹෙන
හිරු නුඹයි
මගේ ලෝකය
එළිය කරලන........
ඝණ හිරු රැසින්
පිච්චී ගියද
නුඹෙ කය....
සොම් රැස් ලෙසින්
දරා ගත්තේ
මා නිසාවෙන් නොවෙද.........
අතේ කරගැට එන තුරා
දහඩිය සහිත ගත දවාලමින්
අතට ගත් කුලුගෙඩිය
හිරු පායා අවරගිරින් බසින තුරු
බිම නොතබන්නේ
මා නිසාවෙන් නොවෙද........
ගලින් ගල කඩා අවසන
ලබාගත් සොච්චමින්
කඩ මණ්ඩියේ ම්‍රුඳළාලිගෙන්
කුණූ බැනුම් අස අසා
බඩ වියත රකින්නට
හිස පාත් කරනුයේ.....
මා නිසාවෙන් නොවෙද......
කය වෙහෙසවා දින සති ගෙවා
නුඹෙ ගතේ ශක්තිය
ගල් වැඩපොලෙම
ගෙවී ගෙන ගොස්ය......
ඉදින්නට තවත් කලක්
උවමනා නොමැත නුඹ හට
ගෙවන්නට ණයක් ඇත
පීතෘ සෙනෙහසට
මා සතුව..........
නොබෝ දිනකින් නුඹව
රජකු ලෙස සරසන්න
පන්නරය ලබමි මම.....
(ශානි)

13 October, 2016

 
ගිම්හානයට
පිපිනු නුඹ‍
සන්තාප වූ
හදට
අස්වැසිල්ලකි
වස්සානයට අතවනන්ට
බලාහිදින '''''
(ශානි)