සුභ මොහොතින් අප්‍රේල් මස 13 වන දින සිංහල හා හින්දු අලුත් අවුරුදු සමරමින් සතුට සැමරෑ ලාංකිකයන්ට ඒ සතුටේ උණුසුම යන්නනටත් කලියෙන් මුහුණපාන්නට වූ සිදුවීම අතිශය ඛේදනීය වුවකි. අප්‍රේල් 14 පස්වරු 1.00 ට පමණ රටම කලබමින් සිදුවූ මීතොටමුල්ල කුනුකන්ද නායයාම අක්‍රමවත් කසළ කළමනාකරණයේ ප්‍රතිවිපාකයන් ලෙස සමස්ත ලාංකීකයන්ට ලැබුන අසුභවාදී අවුරුදු තෑග්ගකි.
පසුගිය වසර හයක පමණ කාලය තුළ මීතොටමුල්ල කුනුදැමීමට එරෙහිවූවන්ට පහරදෙමින් සම අධිකරණ නියෝග දෙමින් පාලකයන් උත්සහ කළේ කුනුකන්ද දිගටම පවත්වාගෙන යමින් ප්‍රදේශවාසීන් සිය ගම්බිම්වලින් ඉවත් කරවා වෙනත් ස්ථානවලට පළවා හැරීමටයි.එසේ පරම්පරා ගණනක් වාසය කළ ස්ථාන හැරයාම වෙනුවට තමන් මත බලෙන් පැටවූ කුනුකන්ද බවත් කරන ලෙස අරගලයක් මීතොටමුල්ල ජනතාව විසින් ආරම්භ කරලූව ද මෙවන් විනාශයක් වන තුරුම ඔවුන්ට සාර්ථක පිළියමක් නොලැබුණි. ඒ නිසාවෙන්ම මේ වනවිට මිනිස් ජීවිත ගණනාවක් මරු වැලඳගෙන ඇත.
අපි දිගටම උද්ඝෝෂනය කළේ ඇහැට පෙනෙන දේ වෙනුවෙන්.විනාශයක් වෙන බව පෙනෙන නිසා තමයි අපි කොලොන්නාව කුනුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය හැටියට සංවිධානය වෙලා මේ අරගලය කළේ. මේ මිනිස්සු වෙන දේවල් ඉල්ලුවේ නෑ, තමන් ජීවත්වෙන තැන ආරක්ෂා කරල දෙන්න, කුනුගද මැද ජීවත්වෙන්න බෑ, දරුවෝ හදන්න බෑ කියලා එදා ඉදලම කිව්වේ.ඒකට ඇහුම්කම් දෙන්න මේ රටේ පාලකයන්ට උවමනාවක් තිබුනෙ නෑ. යන්න කොලොන්නාව ප්‍රශවාසීන්ෙගන් පැවති හා පවතින ආණ්ඩුවට එල්ලවන්නා වූ චෝදනාවන් බවට පත්ව ඇත.ජන්දය ලබා ගන්නට පමණක් සාමාන්‍ය ජනතාවට බොරු පොරොන්දු ලබාදෙන දේශපාලකයන්ට හෘද සාක්ෂියෙන් කෙදිනකවත් සමාවක් නොලැබෙන සිදුවීමක් වූ මෙය සමස්ත දේශපාලඥයන්ටම තමන්ගෙ රටේ ප්‍රශ්න,ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ පටු අරමුණ සපථ කරගැනීම උදෙසා පමණක් සාකච්ඡා කරලීම හා විසදුම් සෙවීම සිදුනොකළ යුතු බවට ද කදිම නිදර්ශනයකි.
මීතොටමුල්ල සිදුවීම සමත්ත රටවාසීන්ටම සිතන්නට බොහෝ දේ එක්කරලන්නට සමත් සිදුවීමකි. එමෙන්ම පාලකයන් උදෙසා පමණක් වැරදි පැටවීම ද කාලෝචිත නොවේ.මන්ද මේ කුණුකන්ද ගොඩ නැගුනේ පාලකයන්ගේ කුණු වලින් ම පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ ද ක්‍රියාකාරකම් නිසාවෙනි. කොළඹ ජීවත්වන ජනතාව පමණක් නොව දිනකට වෙනත් ප්‍රදේශයන්ගෙන් , විදේශයන්ගෙන් පැමිණෙන විදේශකයන්ගෙන් ද කොළඹ නඟරය පිරි යනවා පමණක් නොව ඔවුන්ගෙන් කොළඹ නඟරය අපිරිසිදු වන ප්‍රමාණය ද අධිකය.මේ සියල්ලන්ගේම අවසන් ප්‍රථිපලය භුක්තිවිදන්නට සිදුවූයේ මීතොටමුල්ල ගම්වාසීන්ටය.
මෙයට විසදුමක් පෙන්වා දෙන කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨ පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ජි කුලරත්න හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හේමන්ත ප්‍රේමචන්ද්‍ර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් මගින් කසළ ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන Environment
recycling system ක්‍රමයට අනුව,
කුණු වෙන් කර ලබා දීමේ ප්‍රතිපත්තියක් විය යුතුයි
තිබෙන කුණු තව තැනකට යාම කසළ කළමනාකරණය නොවෙයි
කසළ මගින් සත්ත්ව ආහාර,කොම්පෝස්ට් හා විදුලිය උත්පාදනය කරන්න පුළුවන්
ගංගා හා භූගත ජලයට අපද්‍රව්‍ය එකතුවීම කළමනාකරණය කළ යුතුයි.
රටක බුද්ධි සම්පත ඒ රටේ අනාගතයට මහත් දායාදයක්.ඒ අතර විශ්විද්‍යාල ආචාර්යවරුන්ට හිමිවන්නේ ද ප්‍රමුඛ ස්ථානයක්.නමුත් ඔවුන්ගේ පර්යේෂණයන් හී සාර්ථක ප්‍රතිඵල රටක අනාගත ක්‍රියාකරකම් උදෙසා ප්‍රයෝජනයට නොගැනීම අප රටේ සමස්ත සමාජ ක්‍රමයේම පවතින්නා වූ දුර්වල තාවයකි.අද වන විට කසළ ප්‍රශ්නය මේ රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. කිසිසේත අපේක්ෂා නොකළ අයුරින් මීතොටමුල්ල කුණු කන්ද අපේ ජනතාවට ඇති කළ පීඩාව ද සුළුපටු නොවේ. අදත් මේ මොහොත වන විටත් ඒ කුණු කන්දට යට වූ මිනිස් ජීවිත සොයන මෙහෙයුම් නිම වී නොමැත.වසර ගණනාවක් පුරා නොවිසඳුණු ගැටලුවක් ව පවතින කසළ ගැටලුවට අද අපේ රටේ පර්යේෂකයින විසින්ම විසඳුමක් ඉදිරිපත් කර තිබේ. එම විසදුම ශ්‍රී ලංකාවට කොතෙක් දුරට ගැලපෙන්නේ ද , එම විසඳුම ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකිද යන්න පුළුල් සාකච්ඡාවකට බඳුන් කර කසළ ප්‍රශ්නය විසදා ගැනීමට අපට අවස්ථාව ලැබෙන්නේ නම් මීතොටමුල්ලේ සිදුවීම මෙන් තවත් සිදුවීමකට අපට මුහුණ දීමට කිසිදිනෙක සිදු නොවනු ඇත. ඒ නිසාවෙන්ම මෙවන් උවදුරක් වන්නට ප්‍රථම කසළ කලමණාකරණයට නිසි විසදුම් සෙවීමට සුදුසුම කාලය ද මෙයයි.
No comments:
Post a Comment