26 April, 2017

කුනුකන්දක් කළ විනාශයක්


සුභ මොහොතින් අප්‍රේල් මස 13 වන දින සිංහල හා හින්දු අලුත් අවුරුදු සමරමින් සතුට සැමරෑ ලාංකිකයන්ට ඒ සතුටේ උණුසුම යන්නනටත් කලියෙන් මුහුණපාන්නට වූ සිදුවීම අතිශය ‍‍ඛේදනීය වුවකි. අප්‍රේල් 14 පස්වරු 1.00 ට පමණ රටම කලබමින් සිදුවූ මීතොටමුල්ල කුනුකන්ද නායයාම අක්‍රමවත් කසළ කළමනාකරණයේ ප්‍රතිවිපාකයන් ලෙස සමස්ත ලාංකීකයන්ට ලැබුන අසුභවාදී අවුරුදු තෑග්ගකි.

පසුගිය වසර හයක පමණ කාලය තුළ මීතොටමුල්ල කුනුදැමීමට එරෙහිවූවන්ට පහරදෙමින් සම අධිකරණ නියෝග දෙමින් පාලකයන් උත්සහ කළේ කුනුකන්ද දිගටම පවත්වාගෙන යමින් ප්‍රදේශවාසීන් සිය ගම්බිම්වලින් ඉවත් කරවා වෙනත් ස්ථානවලට පළවා හැරීමටයි.එසේ පරම්පරා ගණනක් වාසය කළ ස්ථාන හැරයාම වෙනුවට තමන් මත බලෙන් පැටවූ කුනුකන්ද බවත් කරන ලෙස අරගලයක් මීතොටමුල්ල ජනතාව විසින් ආරම්භ කරලූව ද මෙවන් විනාශයක් වන තුරුම ඔවුන්ට සාර්ථක පිළියමක් නොලැබුණි. ඒ නිසාවෙන්ම මේ වනවිට මිනිස් ජීවිත ගණනාවක් මරු වැලඳගෙන ඇත.

අපි දිගටම උද්ඝෝෂනය කළේ ඇහැට පෙනෙන දේ වෙනුවෙන්.විනාශයක් වෙන බව පෙනෙන නිසා තමයි අපි කොලොන්නාව කුනුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය හැටියට සංවිධානය වෙලා මේ අරගලය කළේ. මේ මිනිස්සු වෙන දේවල් ඉල්ලුවේ නෑ, තමන් ජීවත්වෙන තැන ආරක්ෂා කරල දෙන්න, කුනුගද මැද ජීවත්වෙන්න බෑ, දරුවෝ හදන්න බෑ කියලා එදා ඉදලම කිව්වේ.ඒකට ඇහුම්කම් දෙන්න මේ රටේ පාලකයන්ට උවමනාවක් තිබුනෙ නෑ. යන්න කොලොන්නාව ප්‍රශවාසීන්ෙගන් පැවති හා පවතින ආණ්ඩුවට එල්ලවන්නා වූ චෝදනාවන් බවට පත්ව ඇත.ජන්දය ලබා ගන්නට පමණක් සාමාන්‍ය ජනතාවට බොරු පොරොන්දු ලබාදෙන දේශපාලකයන්ට හෘද සාක්ෂියෙන් කෙදිනකවත් සමාවක් නොලැබෙන සිදුවීමක් වූ මෙය සමස්ත දේශපාලඥයන්ටම තමන්ගෙ රටේ ප්‍රශ්න,ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ පටු අරමුණ සපථ කරගැනීම උදෙසා පමණක් සාකච්ඡා කරලීම හා විසදුම් සෙවීම සිදුනොකළ යුතු බවට ද කදිම නිදර්ශනයකි.

මීතොටමුල්ල සිදුවීම සමත්ත රටවාසීන්ටම සිතන්නට බොහෝ දේ එක්කරලන්නට සමත් සිදුවීමකි. එමෙන්ම පාලකයන් උදෙසා පමණක් වැරදි පැටවීම ද කාලෝචිත නොවේ.මන්ද මේ කුණුකන්ද ගොඩ නැගුනේ පාලකයන්ගේ කුණු වලින් ම පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ ද ක්‍රියාකාරකම් නිසාවෙනි. කොළඹ ජීවත්වන ජනතාව පමණක් නොව දිනකට වෙනත් ප්‍රදේශයන්ගෙන් , විදේශයන්ගෙන් පැමිණෙන විදේශකයන්ගෙන් ද කොළඹ  නඟරය පිරි යනවා පමණක් නොව ඔවුන්ගෙන් කොළඹ නඟරය අපිරිසිදු වන ප්‍රමාණය ද අධිකය.මේ සියල්ලන්ගේම අවසන් ප්‍රථිපලය භුක්තිවිදන්නට සිදුවූයේ මීතොටමුල්ල ගම්වාසීන්ටය.

මෙයට විසදුමක් පෙන්වා දෙන කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨ පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ජි කුලරත්න හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හේමන්ත ප්‍රේමචන්ද්‍ර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් මගින් කසළ ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන Environment recycling system ක්‍රමයට අනුව,

කුණු වෙන් කර ලබා දීමේ ප්‍රතිපත්තියක් විය යුතුයි
 තිබෙන කුණු තව තැනකට යාම කසළ කළමනාකරණය නොවෙයි
කසළ මගින් සත්ත්ව ආහාර,කොම්පෝස්ට් හා විදුලිය උත්පාදනය කරන්න පුළුවන්
 ගංගා හා භූගත ජලයට අපද්‍රව්‍ය එකතුවීම කළමනාකරණය කළ යුතුයි.

රටක බුද්ධි සම්පත ඒ රටේ අනාගතයට මහත් දායාදයක්.ඒ අතර විශ්විද්‍යාල ආචාර්යවරුන්ට හිමිවන්නේ ද ප්‍රමුඛ ස්ථානයක්.නමුත් ඔවුන්ගේ පර්යේෂණයන් හී සාර්ථක ප්‍රතිඵල රටක අනාගත ක්‍රියාකරකම් උදෙසා ප්‍රයෝජනයට නොගැනීම අප රටේ සමස්ත සමාජ ක්‍රමයේම පවතින්නා වූ දුර්වල තාවයකි.අද වන විට කසළ ප්‍රශ්නය මේ රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. කිසිසේත අපේක්ෂා නොකළ අයුරින් මීතොටමුල්ල කුණු කන්ද අපේ ජනතාවට ඇති කළ පීඩාව ද සුළුපටු නොවේ. අදත් මේ මොහොත වන විටත් ඒ කුණු කන්දට යට වූ මිනිස් ජීවිත සොයන මෙහෙයුම් නිම වී නොමැත.වසර ගණනාවක් පුරා නොවිසඳුණු ගැටලුවක් ව පවතින කසළ ගැටලුවට අද අපේ රටේ පර්යේෂකයින විසින්ම විසඳුමක් ඉදිරිපත් කර තිබේ. එම විසදුම ශ්‍රී ලංකාවට කොතෙක් දුරට ගැලපෙන්නේ ද , එම විසඳුම ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකිද යන්න පුළුල් සාකච්ඡාවකට බඳුන් කර කසළ ප්‍රශ්නය විසදා ගැනීමට අපට අවස්ථාව ලැබෙන්නේ නම් මීතොටමුල්ලේ සිදුවීම මෙන් තවත් සිදුවීමකට අපට මුහුණ දීමට කිසිදිනෙක සිදු නොවනු ඇත. ඒ නිසාවෙන්ම මෙවන් උවදුරක් වන්නට ප්‍රථම  කසළ කලමණාකරණයට නිසි විසදුම් සෙවීමට සුදුසුම කාලය ද මෙයයි.

21 April, 2017

රෝබෝලටයි මේ.....

මිනිස්සු හැමෝම කාර්මික වෙලා
කතාවට වෙලාවක් නැහැ
හිනාවට වෙලාවක් නැහැ
සමහර වෙලාවට
කන්න බොන්නවත්
වෙලාවක් නැහැ
ඉතින්..
රොබෝලා වගේ ඉන්න හැමෝම
තවතවත් බැදීම්වලින් දුරස්වෙන
මෙවන් සමයක
තනිකමට නම් කුමන බෙහෙතක්ද
තනිකම ඇරෙන්නට....

19 April, 2017

පන්ති පරතරයට නැතිකරලීමට සාමූහික විසදුම් සෙවීමට හොඳම කාලයයි මේ.........


             කම්කරු දිනය යනු කම්කරුවන්ගේ මස්තකප්‍රාප්තීන් සැමරීම සඳහා වන වාර්ෂික නිවාඩු දිනයකි. මීට සතවර්ෂයකට එපිට කාලයක් දක්වා විහිදෙන මැයි දින ඉතිහාසය ලෝකය ට මතක් කර දෙන්නේ වැඩකරන ජනතාව යනුවෙන් පිරිසක්ද සමාජය තුළ වෙසෙන බවයි.මැයි දිනය ආරම්භ වූයේ 1886 වර්ෂයේදී ඇමරිකාවේ හේමාකට් චතුරස‍්‍රයේදීය. ඒ වැඩකරන ජනතාව පැය 8 ක වැඩමුරයක් ඉල්ලාය.
පසුව පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සැම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.  ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන්  අවසන් විය. 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී.
අද වන විටත් මැයි දිනය ජාත්‍යන්තරය පමණක් නොව ලාංකිකයන් සැමරීම සිරිතක් වශයෙන් සිදුවන්නාවූ සිදුවීමක්  බවට පත්ව ඇත.නමුත් එදා වැඩකරන ජනතාවට සිදුවූ අසාධාරණයන් අභිමුව ඔවුන් වෙනුවෙන් ඔවුන්ම නැගී සිටිමින් කළ අරගලයන් අද වන විට දේශපාලන හෙන්චයියන්ගේ අතකොලුවන් වූ පිරිස් ඇසුරෙන් පොදු පරමාර්ථ පසෙකලා පෞද්ගලික පරමාර්ථ දිනාගනු රිසියෙන් නිරන්තරයෙන් සිදුවේ. අරගලයන් නිරන්තරයෙන් සිදුවුව ද සාමාන්‍ය ජනතාවට ඉන් ලැබෙන සහනයක් නොමැති තරමටම ඒවා ධනය හිමි පන්තියේ උන්නතිය වෙනුවෙන් යොදාගන්නා වූ උපක්‍රමයන් ම පමණක්ව ඇත.නමුත් සිදුවිය යුත්තේ සාමාන්‍ය ජනයාගේ පටන් ධනපතියා දක්වාම සාධාරණීකරණයෙන් යුත් සමාජ ක්‍රමයක් නිර්මාණය වීමයි. එවිට ඇති නැති පරතරය අතර නිරන්තරයෙන් සිදුවන්නා වූ ගැටුම් පමණක් නොව ගැටලු සඳහා ද සාමූහිකත්වයෙන් යුත් සාර්ථක පිළිතුරු ගොඩනගාගැනීමට සමස්ත ලෝකවාසී සෑම ජනතාවකටම හැකියාව ලැබෙනු ඇත.එවිට වැඩකරන ජනතාව වශයෙන් වර්ගවූවන් අතරට නිර්ධනයාගේ පටන් ධනපතියා දක්වාම වූ පිරිස් අයත්වනු ඇත.පන්ති පරතරයක් ද ඇති නොවනු ඇත. සිරිතකට සීමාව පවතින කම්කරු දිනයට ද  සැබෑ අරුතක් එක්වනුද නොඅනුමානය. මැයි දිනයේ දී දේශපාලකයන්ගේ පටු අරමුණ සපථ කර ගැනීමට මැයි රැලි හා ඒක්වනවාද එසේ නැතිනම් පන්ති පරතරයට නැතිකරලීමට සාමූහික විසදුම් ගන්නවාද යන්න සිතන්නට හොඳම කාලයයි මේ....

05 April, 2017

බක්මහේ සංක්‍රාන්තිය

        ග්‍රෙගරිගේ  දිනපොතට  අනුව කටයුතු කරලන ලාංකිකයන්ට අප්‍රේල් මාසය එනම් බෞද්ධ දින දරෂණයට අනුව බක් මාසය සුවිශේෂිතය. මෙම මාසය කෘෂි කාර්මමික අස්වනු නෙලා අවසාන වන කාලය වන අතරම සූර්යයා ශ්‍රී ලංකාවට සමපාත වන එනම් ඍජුව ඉහලින් පිහිටන කාලය ලෙසත් හඳුනාගත හැක. මේ හා සමඟාමීව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය ශ්‍රී ලාංකිකයන් නව වසර උදාවන දිනය ලෙස සමරති. සෑම වසරකම අප්‍රේල් මස 13 හෝ 14 දිනට අලුත් අවුරුද්ද යෙදේ. සිංහල භාෂාවෙන් මෙය 'අලුත් අවුරුද්ද' වන අතර දෙමළ භාෂාවෙන් මෙය 'පුත්තාන්ඩු' ලෙස හඳුන්වයි.
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ළඟ ළඟම එන බව අපට කියනුයේ කොවුලා ය. මෙය පරම්පරා ගණනාවක ම සිට ශ්‍රී ලාංකික සමාජයේ මුල් බැස ගෙන ඇති මතයකි. අවුරුදු සමය සංකේතවත් කරමින් පිපෙන පුෂ්පයක් ලෙස එරබඳු මල සැලකේ. මෙම සමයේ දී පමණක් එරබදු ශාකයේ මල් පිපීම සහ මෙම මල ඉතා අලංකාරවත් මලක් ලෙස පරිසරය වර්ණවත් කිරීම මීට හේතුවේ.
පරිසරයේ මෙවන් විපර්යාශයන් සිදුවනාවාත් සමඟම මිනිසාගේ චර්යාවන්ගේ වෙනස්කම් රාශියක් ද බක් මාසය උදාවත්ම සිදුවේ. නව වර්ෂය ආරම්භයේ පටන් බොහෝ දෙනෙක් වෙහෙසෙනුයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාරථක කරගැනීමට කාලය ශ්‍රමය වැයකොට මුඳල් උපයාගැනීමටය. ඇතමෙක් අලුත් ඇදුම් පැලදුම් පමණක් නොව නිවස හා ගෘහභාණ්ඩ පවා නවමු තත්ත්වයකට පත්කරලමින් ස්වභාවිකවම පරිසරයට ලැබෙන්නාවූ ආලෝකයට කෘත්‍රීම අලංකාරයක් ද එක් කරයි.වැඩිහිටියාගේ පටන් කුඩා දරුවා දක්වාම භාහිර විපර්යාෂයන් රැසක්ම දැන හෝ නොදැන සිදුකරලයි.භාහිර ආටෝපය කොපමණ සාරථක වූවත් සෑම වර්ෂයකම සූරයයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රාන්ති වීම අඛණ්ඩව සිදුවූවත් පවතින ගැටලුව නම් මිනිසුන් භාහිර වශයෙන් කොපමණ අංකාරවත් වූවත් අභ්‍යන්තරික වශයෙන් ඔවුන්ගේ සංක්‍රාන්තියක් පැහැදිලිව දැකගත නොහැකි වීමයි.
ඇතැම් විට අලුත් අවුරුද්ද සමරන්ට නැති නෑදෑකම් ඇතිකරගනිම්න් තරහ මරහ බිදකට අමතක කරලන්නන් නැවත බක් මස ගෙවෙන්නටත් ප්‍රථම අදූරදරශි සිතුවිලි පමණක් නොව ක්‍රියාවන් ද සිදුකරලමින් සිටියාටත් වඩා තරහකරුවන් ඇති කරගනී. නමුත් සිදුවිය යුත්තේ සෑම වර්ෂයක පාරිසරිකව සිදුවන විපරයාෂයන් හේතුකොට උදාවෙන අලුත් අවුරුද්ද ජාති ආගම් වරණ භාෂාව වශයෙන් භේදයක බදුන් නොකට මිනිසාගේ අයහපත් සිතුවිලි ආකල්ප චර්යා යහපත් අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍යය තීරණයන් නව අවුරුදු උදාවත් සමඟ ක්‍රමවත් කරගැනීමයි. එයයි සැබෑ ලෙසම මිනිසා අවබෝධකරගත යුතු බක්මහේ සංක්‍රාන්තිය.