30 April, 2018

ලෝකයම හඩවා නුඹත් බැසගොස් ලෙස්ටර්,......


රෝමානු කතෝලික මධ්‍යම පාන්තික පවුලකට දාව ක්‍රි.ව 1919 වර්ෂයේ දී  මෙලොව එළිය දකිමින් බහ තෝරණ වයසේ පටන් හිතාදර මිත්තණියගේ ආදරය සහ ආභාෂයෙන් සිංහල භාෂාව ඉගනගත් නුඹ, වයස අවුරුදු එකොළහේදී පියාගෙන් තෑගි ලැබුණ කොඩැස්කෝ ප්‍රොජෙක්ටරයෙන් චිත්‍රපට නැරඹීම විනෝදාංශයක් කරගත්තෙකි. නුඹ එහි යහඵලය ලෝකයාට  දායාද කරනුයේ ක්‍රි.ව 1956 දී රේඛාව නිර්මාණය කරමිනි.

එලෙස රේඛාව සිනමාපටයෙන් මෙරට ලාංකීය සිනමාවේ ගමන් මඟ සනිටුහන් කරමින් ලෝක සිනමාවේ ශ්‍රී ලාංකීය නාමය බැබලූ සිනමාකරුවා මෙන්ම දේශීය සිනමා වංශයට හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරමින් ප්‍රථමවරට දේශීය සිනමාවට තාත්වික රිතිය පිළිබඳ අවබෝධයක් ලබාදුන්නේ ද නුඹයි. සන්දේශයෙන් ජනප්‍රියවාදී සිනමා රීතියක් දේශීය සිනමාවට එක්කාසු කළ නුඹ 1964 දී එළිදක්වන ලද ගම්පෙරළිය  සිනමා නිර්මාණය තුළින් දේශීය සිනමාවට කලාත්මක රීතිය ද හඳුන්වාදෙන ලදී. එපමණක් ද නොව නුඹ මෙරට සිනමාවේ අග්‍රගණ්‍යය සිනමාකරුවා ද ලෝක සිනමාලෝලීන්ගේ දෑස් හෙළ සිනමාව වෙත ගෙන ආ ශ්‍රේෂ්ඨතමයා ද වේ.

රේඛාව, සන්දේශය , ගම්පෙරළියෙන් නොනැවතී දිගින් දිගටම සන්දේශ මවන්නට පෙරළි කල නුඹ දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ පමණක් නොව නිධානය, දෑස නිසා, මඩොල්දූව, අහසින් පොළවට , පිං හාමී , අම්මාවරුනේ  සිනමා පට තුළින් ලාංකීය සිනමාවේ රිදී ඉරි මවමින් හෙළ සිනමාවට විප්ලවීය උන්නතියක් ලබාදෙන්නට සමත් විය. සුදු උන කෙස් ටික කලු කරන මිනිසුන්ට පමණක් නොව කලු උන කෙස් ටික තඹ කරන මිනිසුන්ටත් කලාවේ අගය වටහා දෙන්නට සමර්තකම් දැක්වූ නුඹ...... පාතර පංචාලි, රෂෝමන් අතරට එකතුකර රේඛාව ආසියානුවන්ට ද සිනමාවක් තිබෙන බව සිනමා ලෝකයටම පෙන්වූ නුඹ...... සමරා අනූනව වන උපන් දිනයත් යහමින් , නූපදවා නුඹ තරමට ශිල්ප දක්වන ලෙස්ටර් කෙනෙකුන් , පිපාසිත අපහට අහසින් පොළවට ඇවිත් නුඹ නොයනාගමන් ගොස් හඬවමින් සිනමාවම.... නුඹ නොමැති සිනමාක් අපට කොහිද? නුඹ නොමැතිව සිනමා මහගෙදර සදා පාළුවෙයි. ඉතින් ලෙස්ටර් නිවන් යන්නට පෙර ආයේ එකම එක වතාවක් සන්දේශයක් එවන්නම් නුඹට.. ලාංකීය සිනමාවට රිදී ඉරි මවන්නට නැවත පායා එන ලෙස...


1 comment: