බැඳීම් කියන්නේ ලොව සෑම දෙයකටම පොදු දෙයක්.
විශ්වය බිහිවූ දා පටන් විශ්වයේ ඇති සෑම පාදාර්ථයක්ම ගුරුත්වාකාර්ෂණය යන ගුප්ත
බලවේගය නිසා එකිනෙක බැඳී පවතිනවා ඒ භෞතික වශයෙන් පමණක් නොවෙයි මිනිසා ඇතුළු සතුන්
සිතුවිලි වලින් ද බැඳීම් ඇති කරගන්නවා.
ඇතැම් අවස්ථාවන්හීදී මේ බැදීම් නිසාම,තමුන්ගෙ
ඇහේ තියෙන පොල් පරාලේ දකිනවට වඩා අනුන්ගෙ ඇහේ තියෙන පොල් කෙන්ද
දකින්න මිනිස්සු හරි කැමතියි,මනසින් උසස්
කිව්වත් ඒ බහුතරයක් මිනිස්සුන්ගෙ හැටි..කොයි කවුරු අතිනුත් පුන්චි පුන්චි වැරදි
වෙනවා,අත්වැරදීම්
වෙනවා,එක එක්කෙනාට
අනිත් අය අතින් සිදුවෙන වැරදි අඩුපාඩු වෙනස් ,ඒ නිසාම ඒ අයට අන්න්‍ය ආකාරයකට තේරුම්
ගන්නව..ඒ දේවල් මිනිස් ජීවිතවල අසාමාන්‍ය සිදුවීම් නෙවෙයි..ඒත්..., අත්වැරදීමක් නොවෙන,හිතා මතාම කරන දෙයක් ,නිතර නිතරම සිදුවෙනව නම්?ඒ දේවල් නිසා අපේ හිත් රිදෙනවනම්??රිදෙන බව දැන දැනත් ඒ අය එකම දේ ආයෙ ආයෙත්
කරනවනම්??..ඒවගේ වෙලාවක ඒ
දෙවල් ගැන හිතෙන එක අපිට ආයාසයෙන්වත් කල යුතු,කරන්න අමාරු දෙයක්. ඒ වගේ හිත් රිදීමක්
තියෙන කාලයක,ගත යුතු හොදම
පියවර??
ඉවසීම..
කියන්න කෙනෙක් නැත්නම් බිත්තියකටවත් කියල
හිත නිදහස් කරගෙන ඉවසීම.....රතුකට්ට පනිනකම්ම ඉවසීම.. එහෙමත් අමාරුවෙන් ඉවසල ඉවසල,අන්තිමේදි අපිට වැරදි කරන අය ,අපේ වැරදි කියගෙන ඇවිත් අපිටම බැනල යනවනම්???මොන දේටත් කලින් අපේ හිතට එන්නෙ පුදුම
කේන්තියක්,ඒ නිසා අපි ඒ
වෙලාවට මොනව කරන්නද කියල හිතන්න තියෙන ඉඩ කඩ අඩුවෙලා යනව..90%වෙලාවකදි අපි
කේන්තියත් එක්ක බැනුමකින්ම හැමදේම ඉවර කරනව..ඊලග විනඩියේ හරි ඊලග දවසෙදි හරි අපිට
හිතුනත් - අපරාදෙ අපි මෙහෙම ඉක්මන් උනේ,අපිට තව ටිකක් ඉවසන්න තිබුනනේ කියල,එතකොට අපි පරක්කු වැඩියි.. මේ බහුතරයක්
මිනිස්සුන්ගෙ හැටි.එක එක අවස්තා වලදි හිතට එන තරහට ඉක්මන් උනාට,මුනේ හිනාවක් නැතුව-රවාගෙන -ඔරවගෙන -ගොරවගෙන
ජීවත්වෙන එක ගොඩක් අමාරු දෙයක්.අපි මිනිස්සු, අපි දැන් තරහ වුනත් කවදා හරි ඉදිරි දවසක අපි
මිනිස්සු විදිහට ආයෙත් මුන ගැහේවි.අන්න එදාටත් කට පුරා හිනාවෙලා මනුස්ස කමට
කතකරන්න පුලුවන්නම් ඒක තමයි ලොකුම හපන්කම..
මතක තියාගන්න,තමන් කරන හොද,නරක තමන්ටම බව..
මනසින් උසස් මිනිසෙක් ලෙස -මිනිසුන් සමග
සිනහව බෙදා හදාගන්න..
දුර්ලබ ගුන ඇති මිනිසෙකු වෙන්න..
එයයි සැබෑ මිනිසත් බවේ ජයග්‍රහණය.
No comments:
Post a Comment