ලෝකයේ ප්‍රබලම කැමරාව මිනිස් ඇස් ය.
කැමරාවක් දකින සියල්ල පටිගත කරගන්නා සේ මිනිස් ඇස් යුගලයත් දකින සියල්ල පටිගත
කරගනියි.ඇසේ සිට මොළයට දිවෙන ස්නායු ප්‍රමාණය,කනේ සිට මොළයට දිවෙන ස්නායු ප්‍රමාණය මෙන්
විසිපස් ගුණයකි.වචනවලට වඩා එක් පින්තුරයක් මගින් අතිප්‍රබල බලපෑමක් අපේ මනසට කළ
හැකිය. මිනිසාගේ සිත සම්පුර්ණයෙන්ම ගනුදෙනු කරන්නේ පින්තුර සමගින්ය. පින්තුරයක්
වචන දහසකට වඩා වටනේය යැයි පැරණි කියමනක්ද ඇත.සිග්මන් ෆ්‍රොයිඩ් මිනිසාගේ සිත අයිස්
කන්දකට සමාන කර ඇත.මුහුදේ මතුපිටින් පෙනෙන්නේ අයිස් කන්දෙන් සුළු ප්‍රමාණයක්
පමණයි.එය ප්‍රතිශතාත්මකව 10% කි.ඉතිරි 90% තිබෙන්නේ මුහුදු පතුළේය.අපගේ සිත කොටස්
දෙකකට වෙන්කළ හැකිය.එය උඩු සිතසහ යටි සිත යනුවෙනි. අපි එදිනෙදා අපගේ සියලුම
කාර්යයන් සිදු කරනු ලබන්නේ උඩුසිත සමගින්ය.උඩුසිත ක්‍රියාත්මක කරන්නේ යටිසිත
මගින්ය.අපේ එදිනෙදා ජිවිතයේ දකින,අහන,අත්දකින
සියල්ල අපගේ යටිසිතේ පටිගත වෙයි.එම පටිගත වෙච්ච සිදුවීම්වලට අනුව අපගේ යටිසිත අපගේ
උඩුසිත මෙහෙයවයි.
මොහොතකට අපි පැරණි මිනිසා දැකපු සිතුවම්
දෙසට සිත යොමුකර බලමු. සැමතැනම ගස්වැල් වලින් පිරිච්ච සුන්දර පරිසරයක්, මනුස්සකම සිත පුරාත් අව්‍යාජ සිනහව මුහුණ
පුරාත් පුරවාගත් මිනිස් සංහතියක්, ළමා කාලය සතුටින් ගෙවන ළමා පරපුරක්. එයට හේතුව එම මිනිසුන් දැකපු සියලුම
දසුන් ධනාත්මක වීමයි. එමෙන්ම ඔවුන් නිරහංකාරය, අව්‍යාජය, සෙනහසෙන් පිරුණු ප්‍රබෝධමත් මිනිසුන්ය.
ඔවුන් ක්‍රෝධය, වෛරය, ඊර්ෂයාව, ද්‍රෝහිකම යනාදී කිසිම දෙයක් නොහඳුනයි.
හේතුව ඔවුන් එවැනි දර්ශන දකින්නේ කලාතුරකින්ය. ඔවුන්ගේ සිත් පිරි තිබුනේ ධනාත්මක
දර්ශන වලින්ය.
නමුත් වර්තමාන මිනිසාගේ ජිවන තත්වය දෙස මඳකට
සිත යොමු කරමු.කොන්ක්‍රීට් වනාන්තරයෙන් පිරුණු පරිසරයක්. එම පරිසරය තුළ ක්‍රෝධය,
වෛරය, ඊර්ෂියාව, කුහකකම, නොරිස්සුම, කනස්සල්ල ආදිය සිතේ සඟවාගෙන ව්‍යාජව සිනාසෙන
මිනිස් පරපුරක්, ළමාවියේදීම
වැඩිහිටියන් වීමට උත්සහ දරන ළමයි සංහතියක් ආදීයෙන් වූ ඍණාත්මක සිතුවම්ය.මෙසේ අතීත
ධනාත්මක මිනිසා සිට වර්තමාන ඍණාත්මක මිනිසා දක්වා සමාජය පරිණාමය වුයේ කෙසේද?
මෙයට හේතුව කුමක්ද?
මෙලෙස ගියහොත් අපගේ
සමාජයට යන කළදිසාව කුමක්ද?හිස් මොළයක්
සහ හිස් මනසක් සහිතව මෙලොව එළිය දකින සිඟිත්තෙකු දෙසට මොහොතකට ඔබගේ අවධානය යොමු
කරන්න. ඔහු කිසිවක් නොදනී. ඔහු මෙලොවට ආගන්තුකයකි. ඔහු දන්නේ එක දෙයක් පමණි එනම්
ඇඩිමටය. ඉන්පසු ඔහුට මොන දේ වුවමනා වුනත් ඔහු කරන්නේ ඇඬ්ම පමණි. මෙසේ ඔහු තමාගේ
ඇස්වලින් දකින දසුන්වලින් ඉගෙනගැනීමට පෙළඹෙයි. අපි කුඩා කල සිට ඉගෙනගත්තේ අනුන්ගේ
ක්‍රියා දෙස බලාය.අපි කතාකරන්නට, කන්නට, බොන්නට
සියල්ලම අපගේ දෙමව්පියන්ගෙන් ඉගෙනගත්තෙමු. ලිවීමට, කියවීමට අපි ගුරුවරුන්ගෙන් ඉගෙනගත්තෙමු.
සෙල්ලම් කිරීමට, සෙනෙහස පෑමට
අපි අපගේ සහෝදර සහෝදරියන්ගෙන් සහ මිතුරන්ගෙන් ඉගෙන ගත්තෙමු. මෙසේ අපි උගත් සියල්ලම
අනුන්ගෙන් උගත් දේවල්ය. බොරු කීමට, හොරකම් කිරීමට යනාදී නරක පුරුදුත් අපි ඉගෙනගත්තේ අනුන් දෙස බලාය. එසේ නම්
අනියම් සම්බන්දතා පැවැත්වීමට, අනුන්ගේ පවුල්
කඩාකප්පල් කිරීමට, නැන්දම්මා සමග
දබර කිරීමට යනාදී දේවල් අපි ඉගෙනගත්තේ කාගෙන්ද? මේවා කිරීමට අපගේ මාරගෝපදේශකය කව්රුන්ද?
සරළම පිළිතුර
රූපවාහිනියයි. ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින සෑම රටකම සිදු
කරනු ලබන සිතුවිලි යුද්ධයට හේතුව ද රූපවාහිනියයි.